පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-19
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කැලණි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන වී ඔය හරස් කර වී ඔය ජලාශය ඉදිකිරීමට යෝජිතය. මූලික ශක්‍යතා අධ්‍යයනයේදී යටියන්තොට නගරයේ සිට කිලෝමීටර් 9.5ක පමණ දුරකින් වී ඔය හරස් කර කියුබික් මීටර මිලියන 49.5ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදිකිරීමට යෝජනා කර ඇත.
(ii) ඉහළ යන පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට,
(iii) දැනට මෙම ජලාශ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු - detailed design - CResMPA ව්‍යාපෘතියේ සංරචක 2 යටතේ මෙම වසර තුළ අවසන් කිරීමේ අපේක්ෂාවෙන් සැලසුම් උපදේශන සමාගමක් සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකිරීමට යෝජිතය.
කැලණි ගංගාවේ ගංවතුර පාලනය සඳහා මෙන්ම අනාගත ජල සම්පාදන අවශ්‍යතා සඳහා මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය වශයෙන් සිදු කළ යුතු බව පූර්ව ශක්‍යතා අධ්‍යයන මඟින් නිර්දේශ කර ඇත. එබැවින් සම්පූර්ණ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව 2027 වර්ෂයේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
(ආ) (i) ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
(ii) මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව - EIA - හා සමාජ බලපෑම් තක්සේරුව - SIA - වාර්තා සැකසීම සඳහා උපදේශන සේවා සපයන ආයතන මඟින් ඉටු කර ගැනීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට හැකියාව පවතී.
(iii) මූලික ක්ෂේත්‍ර අධ්‍යයනයේදී පහත සඳහන් තොරතුරු හඳුනා ගන්නා ලදී.
(iv) නාය යාම් අවදානම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් සිදු කර නාය යාමේ අවදානම් ස්ථාන පිළිබඳව වාර්තාවක් ලබා දී ඇත.
එම වාර්තාව අනුව ජලාශය ඉදිකිරීම නිසා වැඩි විය හැකි අවදානම අවම කර ගැනීමට ව්‍යාපෘතිය මඟින් කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි.
(v) කැබිනට් තීරණය අනුව දැනුම් දිය හැකිය.
(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks