logo

02

E   |     |  

 දිනය: 2026-03-05   පිළිතුර ලබා දී ඇත 

1543/2026: යටියන්තොට-නාවලපිටිය මාර්ගය: සංවර්ධනය

ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)       කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට සිට සීපෝත්, නාගස්තැන්න හරහා නාවලපිටිය දක්වා ඇති මාර්ගය වර්ෂ 20ක පමණ කාලයක සිට පිළිසකර නොකිරීමට හේතු කවරේද;                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          

(ii) කොළඹ සිට නාවලපිටිය දක්වා විකල්ප මාර්ගයක් ලෙස ඉහත මාර්ගය භාවිත කළ හැකි බව දන්නේද;

(iii) ඉහත මාර්ගයේ කිලෝ මීටර් 9 සිට සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර තිබුණේද;

(iv) ඒ සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(v) එම සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු කර තිබේද;

(vi) එහිදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කර තිබේද;

(vii) ඉහත මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන්නේද;

‍ යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-03-05

අසන ලද්දේ

ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      යටියන්තොට සිට සීපෝත්, නාගස්තැන්න හරහා නාවලපිටිය මාර්ගයේ දුර කිලෝමීටර 41කි. එය කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කවලට අයත් වේ.

I.     එයින් කෑගල්ල දිස්ත්‍රික්කයට යටියන්තොට සිට කිලෝමීටර 29.8ක් අයත් වේ.

•      මුල් කිලෝමීටර 23 (0+000km සිට 23+000km දක්වා) මාර්ග සංවර්ධන අධිකාරියට අයත් යටියන්තොට - පූනාගල, මීනාගල (B482) මාර්ගයට අයත් වන අතර,

• ඉතිරි කිලෝමීටර 6.8 (23+000km සිට 29+800km) දක්වා කොටස පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට අයත් වේ.

II. මහනුවර දිස්ත්‍රික්කයට අයත් කොටස කිලෝමීටර 11.2ක් වන අතර (29+800km  සිට 41+000km දක්වා) එය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග කොටසක් වේ.

• මෙම මාර්ගය පහත පරිදි පිළිසකර කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටසේ,

v 0+000km සිට 3.760km දක්වා සහ

v 9+000km සිට 13+400km දක්වා කොටස කාපට් අතුරා සංවර්ධනය කර ඇත.

v ඉතිරි මාර්ග කොටස මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් රථ වාහන ගමනාගමනයට සුදුසු පරිදි නඩත්තු කරගෙන යමින් පවතී.

• පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යටතේ වන 6.8km දුරින් සබරගමුව පළාත් සභාවට අයත් 3km මාර්ග කොටස කාපට් අතුරා සංවර්ධනය කර ඇත.

(ii) ඔව්. ඉහත මාර්ගය කොළඹ සිට නාවලපිටිය දක්වා ගමනාගමනයට දැනට භාවිත නොවූවත්, ප්‍රදේශයේ ජනතාවට සහ මෙම මාර්ගය හරහා ගමන් කරන මගීන්ට යටියන්තොට සිට නාවලපිටියට විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකිය.

(iii) ඔව්.

(iv)

මාර්ග කොටස

කොන්ත්‍රාත් සමාගම

මුදල

9+000km - 14+000km

ජයසිංහ කන්ට්‍රැක්ටර්ස්

රු. 238,447,454.80

14+000km - 19+000km

සන්බීම් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම

රු. 229,901,065.32

(v) • කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය මත මුදල් අමාත්‍යාංශයේ අංක 03/2022 හා 2022/04/26 දිනැති චක්‍රලේඛයට අනුව රජයේ වියදම් දැඩි ලෙස පාලනය කිරීමට ලබා දී තිබූ උපදෙස් අනුව මෙම මාර්ග ව්‍යාපෘති අවසන් කිරීමට පෙර නවතා ඇත.

• වැඩ නතර කළ අවස්ථාවේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබූ 10km අතරින් 1.7km දුරක් පමණක් කාපට් අතුරා සංවර්ධනය කර ඇත.

(vi) මෙම කොන්ත්‍රාත් ලබාදීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය මඟින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇත.

(vii) මාර්ග සංවර්ධන අධිකාරියට අයත්,

• මාර්ගයේ ඉතිරි කොටස වන 3+760km සිට 9+000km සහ 13+400km සිට 23+000km දක්වා කොටස කාපට් අතුරා නැවත සංවර්ධනය කිරීම පහත පරිදි ආරම්භ කර ඇත.

මාර්ග කොටස

 කොන්ත්‍රාත් සමාගම

මුදල

3+760km - 6+760km

ෆයිනයිට් ලංකා පෞද්ගලික සමාගම

රු. 208,660,137.65

6+760km - 9+000km

ෆයිනයිට් ලංකා පෞද්ගලික සමාගම

රු. 242,179,381.81

13+400km - 18+200km

සදර්න් ගෘෘප් සිවිල් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම

රු. 170,714,785.54

18+200km - 23+000km

ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී.

 

• ‍+800km සිට 21+500km දක්වා කොටස NBRI නිර්දේශ මත ස්ථායීකරණය කිරීමෙන් පසු සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

("දිට්වා" සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වී ඇත.)

(ආ) අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2026-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks