පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1542/2025
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යටියන්තොට, නාගස්තැන්න වතු යාය මේ වනවිට අයත් වන්නේ කවුරුන්ටද;
(ii) එම වතු යායේ කළමනාකරණය ප්‍රශස්ථ මට්ටමක තිබේද;
(iii) එම වතු යායේ ඉඩම් පෞද්ගලික පාර්ශ්වයන් විසින් අත්පත් කර ගන්නා බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(v) ආර්ථික, පාරිසරික හා සමාජීය වශයෙන් වටිනා ඉහත වතු යායේ ඉඩම් සංවර්ධනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යටියන්තොට, නාගස්තැන්න වතුයාය මේ වන විට අයත් වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටය. එහි වපසරිය හෙක්ටෙයාර 482.84කි.
(ii) එම වතුයායේ කළමනාකාරිත්වය ප්‍රශස්ත මට්ටමක නොතිබූ අතර, එයට හේතු වී තිබුණේ මූල්‍ය දුෂ්කරතා මත වගාව සඳහා අවශ්‍ය යෙදවුම් - ඒ කියන්නේ, පොහොර සහ රසායනික බෙහෙත් ආදිය - නොයෙදීම සහ නැවත වගා කිරීම සිදු නොකිරීමය. එහෙත් මේ වන විට අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍ය ලබා දෙමින් පවතී.
පසුගිය කාලයේ අවුරුදු ගණනක් - අවුරුදු 10කට ආසන්න කාලයක් - ජනවසම සමහර ඉඩම්වලට, රාජ්‍ය වැවිලි සංස්ථාවේ ඉඩම්වලට පොහොර දාලා නැහැ. නැවත සිටුවීම සිදු කරලා තිබුණේ නැහැ.
(iii) මෙම වතුයායේ පදිංචිකරුවන් 164දෙනෙක් සිටිති. ඒ අය අතරින් 99 දෙනෙක් අනවසර පදිංචිකරුවන්.
(iv) මෙම වතුයායට පිටතින් පැමිණ අනවසරයෙන් ඉඩම් භුක්ති විඳින පස්දෙනෙකු ඉවත් කිරීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් වතුයායේ වතු කම්කරුවන්ගේ ඇවෑමෙන් වතුයායේ අනවසරයෙන් පදිංචිව සිටින අය ඉවත් කිරීම සමාජීය ප්‍රශ්නයක්ව පවතින බැවින් ඔවුන් ඉවත් කිරීම සඳහා මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැත.
(v) මෙම වතුයායේ පවතින වගාව සාරවත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය යෙදවුම් සහ කළමනාකරණ උපදෙස් ලබා දී ඇත.
එසේම, වගා කළ හැකිව පවතින හෙක්ටෙයාර 138.26ක් ඌන උපයෝජිත ඉඩම්/දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් වෙත ලබා දීමේ වැඩසටහන යටතේ පෞද්ගලික අංශයට බදු දීමට, ආයෝජකයින් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks