01

E   |     |  

 දිනය: 2025-12-09   පිළිතුර ලබා දී ඇත 

1540/2025: යටියන්තොට, ගරාගොඩ පිහිටි ශ්‍රී ලංකා පොලීසියට අයත් ඉඩම: පෞද්ගලික පාර්ශ්වයකට පැවරීම

----

අසන ලද දිනය

2025-12-09

අසන ලද්දේ

ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)         ගොඩනැඟිල්ල සහිත ඉඩම යටියන්තොට පොලිස් ස්ථානාධිපති නිල නිවස වශයෙන් භාවිත කර ඇති අතර, එය ශ්‍රී ලංකා පොලීසිය වෙත විධිමත්ව පවරා දී තිබූ බවට හෝ භාවිතයට ගත් දිනයන් පිළිබඳ වාර්තා නොමැත. 2013 වර්ෂයේදී යටියන්තොට දුම්රිය රක්ෂිත ඉඩම් නියමානුකූල කිරීම යටතේ පවත්වන ලද ඉඩම් කච්චේරි හා විරෝධතා පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ පාර්ශ්වයක් වෙත දීර්ඝ කාලීන බදු බලපත්‍ර පදනමින් නේවාසික කටයුතු සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම ඉඩම ලබා දී ඇත.

(ii) රජයේ ඉඩම් පිළිබඳ නීතිය අදාළ වේ.

(iii) යටියන්තොට ප්‍රාදේශීය ලේකම්ගේ අංක YAT/LAN/LGNT/A04/16 සහ 2015.05.21 දිනැති ලිපිය මඟින් ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 01) 

ඇමුණුම 01 සභාගත* කරමි.

ගරු මන්ත්‍රීතුමාට එ්ක පරිශීලනය කරන්න පුළුවන්.

(iv) දේශපාලන කටයුතු සඳහා එම ගොඩනැඟිල්ල සහ ඊට අදාළ භූමිය නිල වශයෙන් පවරා දීමක් සම්බන්ධව කරුණු අනාවරණය වී නැත.

(v) එම පැරණි ගොඩනැඟිල්ල වෙනස් කිරීම හා එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර නොමැත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks