පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1540/2025
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 1902 වර්ෂයේ පමණ සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්ව තිබී පසුව ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගෙන ඇති යටියන්තොට, ගරාගොඩ පිහිටි පොලිස් ස්ථානාධිපති නිල නිවස සහ රූඩ් 02ක් පමණ විශාල වන ඊට අදාළ භූමිය වෙනත් පාර්ශ්වයක් වෙත පවරා එහි අනවසර ඉදිකිරීමක් සිදු කර ඇති බව දන්නේද;
(ii) එම දේපල වෙනත් පෞද්ගලික පාර්ශ්වයක් වෙත පවරා දීමට අදාළ නීත්‍යනුකූල පදනම කවරේද;
(iii) ඉහත දේපල නීත්‍යනුකූලව පවරාදී තිබේ නම්, ඊට අදාළ පැවරුම්ලාභියා/ පැවරුම්ලාභීන් කවුරුන්ද;
(iv) අතීතයේදී දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා එම ගොඩනැගිල්ල සහ ඊට අදාළ භූමිය නිල වශයෙන් පවරාදී තිබේද;
(v) එම පැරණි ගොඩනැගිල්ල වෙනස් කිරීම හා එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් ගනු ලබන නීත්‍යනුකූල ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගොඩනැඟිල්ල සහිත ඉඩම යටියන්තොට පොලිස් ස්ථානාධිපති නිල නිවස වශයෙන් භාවිත කර ඇති අතර, එය ශ්‍රී ලංකා පොලීසිය වෙත විධිමත්ව පවරා දී තිබූ බවට හෝ භාවිතයට ගත් දිනයන් පිළිබඳ වාර්තා නොමැත. 2013 වර්ෂයේදී යටියන්තොට දුම්රිය රක්ෂිත ඉඩම් නියමානුකූල කිරීම යටතේ පවත්වන ලද ඉඩම් කච්චේරි හා විරෝධතා පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ පාර්ශ්වයක් වෙත දීර්ඝ කාලීන බදු බලපත්‍ර පදනමින් නේවාසික කටයුතු සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම ඉඩම ලබා දී ඇත.
(ii) රජයේ ඉඩම් පිළිබඳ නීතිය අදාළ වේ.
(iii) යටියන්තොට ප්‍රාදේශීය ලේකම්ගේ අංක YAT/LAN/LGNT/A04/16 සහ 2015.05.21 දිනැති ලිපිය මඟින් ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 01)
ඇමුණුම 01 සභාගත* කරමි.
ගරු මන්ත්‍රීතුමාට එ්ක පරිශීලනය කරන්න පුළුවන්.
(iv) දේශපාලන කටයුතු සඳහා එම ගොඩනැඟිල්ල සහ ඊට අදාළ භූමිය නිල වශයෙන් පවරා දීමක් සම්බන්ධව කරුණු අනාවරණය වී නැත.
(v) එම පැරණි ගොඩනැඟිල්ල වෙනස් කිරීම හා එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර නොමැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks