පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සංචාරක ආකර්ෂණ රැසකින් සමන්විත මුලතිව් දිස්ත්‍රික්කය සංචාරක කර්මාන්තය අතින් ඌන සංවර්ධිත දිස්ත්‍රික්කයක් ලෙස පවතින බව දන්නේද;
(ii) දේශීය සහ විදේශීය සංචාරක පැමිණීම ප්‍රවර්ධනය කිරීම පිණිස මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘති කවරේද;
(iii) සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා මාර්ග, නවාතැන් පහසුකම්, සංචාරක නිකේතන සහ නැරඹුම් මධ්‍යස්ථාන ඇතුළු මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සැලසුම් කවරේද;
(iv) එම දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය තුළ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) මුලතිව් දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සංචාරක මඟපෙන්වන්නන් ලෙස, පරිසර සංචාරක පහසුකම් සලසන්නන් ලෙස හෝ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලෙස පුහුණු කර සේවයේ යෙදවීමේ කිසියම් සැලසුමක් තිබේද;
(vi) මුලතිව් දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ විශේෂ සංචාරක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව සලකා බලන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-23
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.
පිළිතුරු දුන් දිනය
2026-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks