පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1504/2025
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය තාක්ෂණ විද්‍යාලයේ බොහෝ ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බව දන්නේද;
(ii) එසේ නම්, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නව ගොඩනැගිලි ඉදිකිරීමට ගන්නා කඩිනම් පියවර කවරේද;
(iii) යාපනය සහ වවුනියාව තාක්ෂණ විද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම වර්ෂයේ ප්‍රතිපාදන වෙන් කර තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වසර 30ක් පමණ පැරණි තාක්ෂණය මත පදනම්වූ මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ පාඨමාලා සඳහා දෙමුහුන් හෝ නවීන වාහනවල තාක්ෂණික ක්‍රම එක් නොකිරීමට හේතු කවරේද;
(ii) වර්තමාන ප්‍රමිතීන්ට අනුකූලව එම පාඨමාලාවල විෂය නිර්දේශ සංශෝධනය කරනු ලබන දිනය කවරේද;
(iii) මැහුම් පුහුණු මධ්‍යස්ථාන ඇතුළු නවීන යන්ත්‍රෝපකරණ නොමැති තාක්ෂණික විද්‍යාලවලට ඒවා ලබා දීමට ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) තාක්ෂණ විද්‍යාලවල සුදුසුකම්ලත් කථිකාචාර්යවරුන්ගේ හිඟයක් පවතින බව දන්නේද;
(ii) එම පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදු කරන්නේද;
(iii) වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය දිවයින පුරා සම මට්ටමක පවතින බව සහතික කරනු ලබන ආකාරය කවරේද;
යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-24
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යාපනය තාක්ෂණ විද්‍යාලයේ එක් ගොඩනැඟිල්ලක වහල පමණක් අබලන් තත්ත්වයේ පවතී.
(ii) 2026 වර්ෂයේ අදාළ ගොඩනැඟිල්ලෙහි අවශ්‍ය නවීකරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇත.
(iii) යාපනය තාක්ෂණ විද්‍යාලය සඳහා රුපියල් මිලියන 3.5ක් හා වවුනියාව කාර්මික විද්‍යාලය සඳහා රුපියල් මිලියන 3.149ක් ලෙස එම විද්‍යාලයන්හි 2025 වර්ෂය තුළ යටිතල පහසුකම් නවීකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කර ඇත. ඒ යටතේ ඇතැම් ව්‍යාපෘති මේ වන විටත් නිම කර ඇති අතර, අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී.
(ආ) (i) දෙමුහුන් හා නවීන වාහන අලුත්වැඩියා පාඨමාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් මේ වන විටත් විද්‍යාලයන්හි ස්ථාපිත කර ඇත. ඒ යටතේ යාපනය තාක්ෂණ විද්‍යාලය සඳහාද දෙමුහුන් මෝටර් යාන්ත්‍රික පාඨමාලා පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත වැඩහල් ස්ථාපිත කර ඇත.
(ii) සියලු තාක්ෂණ/කාර්මික විද්‍යාල තුළ ක්‍රියාත්මක වන පාඨාමාලා බහුතරයක් ජාතික වෘත්තීය සුදුසුකම - NVQ - පිරිනැමෙන පාඨමාලා වන අතර, එම පාඨමාලා විෂය නිර්දේශ සියල්ල තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් අවශ්‍ය කාලරාමුව ඇතුළත නවීකරණය කිරීම සිදු කරනු ලබයි.
(iii) පුහුණු පාඨමාලා සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ නොමැති විද්‍යාල සඳහා අදාළ යන්ත්‍රෝපකරණ 2026 වර්ෂය තුළදී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.
(ඇ) (i) මේ වන විටත් ලැබී ඇති අනුමැතිය ප්‍රකාරව ස්ථිර පදනමින් උපදේශකවරුන් 100ක් හා කොන්ත්‍රාත් පදනමින් උපදේශකවරුන් 100ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ii) මේ වන විටත් ලැබී ඇති අනුමැතිය ප්‍රකාරව ස්ථිර පදනමින් උපදේශකවරුන් 100ක් හා කොන්ත්‍රාත් පදනමින් උපදේශකවරුන් 100ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(iii) සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලාවල ගුණාත්මක බව හා තත්ත්ව කළමනාකරණය ඇතුළු නියාමන කටයුතු සියල්ල තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව පුරා සියලු වෘත්තීය අධ්‍යාපන ආයතනයන්හි සම මට්ටමේ පාඨමාලා සඳහා පොදු විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීම, එකම පිළිගැනීමක් සහිත සහතිකයක් - NVQ - ලබා දීම හා පොදු ඇගයීම් ක්‍රමයක් භාවිත කිරීම මඟින් පාඨමාලාවල ගුණාත්මකභාවය දිවයින පුරා සම මට්ටමක පවතින බව තහවුරු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් හේවගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks