පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1504/2025
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය තාක්ෂණ විද්‍යාලයේ බොහෝ ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බව දන්නේද;
(ii) එසේ නම්, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නව ගොඩනැගිලි ඉදිකිරීමට ගන්නා කඩිනම් පියවර කවරේද;
(iii) යාපනය සහ වවුනියාව තාක්ෂණ විද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම වර්ෂයේ ප්‍රතිපාදන වෙන් කර තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වසර 30ක් පමණ පැරණි තාක්ෂණය මත පදනම්වූ මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ පාඨමාලා සඳහා දෙමුහුන් හෝ නවීන වාහනවල තාක්ෂණික ක්‍රම එක් නොකිරීමට හේතු කවරේද;
(ii) වර්තමාන ප්‍රමිතීන්ට අනුකූලව එම පාඨමාලාවල විෂය නිර්දේශ සංශෝධනය කරනු ලබන දිනය කවරේද;
(iii) මැහුම් පුහුණු මධ්‍යස්ථාන ඇතුළු නවීන යන්ත්‍රෝපකරණ නොමැති තාක්ෂණික විද්‍යාලවලට ඒවා ලබා දීමට ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) තාක්ෂණ විද්‍යාලවල සුදුසුකම්ලත් කථිකාචාර්යවරුන්ගේ හිඟයක් පවතින බව දන්නේද;
(ii) එම පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදු කරන්නේද;
(iii) වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය දිවයින පුරා සම මට්ටමක පවතින බව සහතික කරනු ලබන ආකාරය කවරේද;
යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-24
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks