E   |     |  

 දිනය: 2026-08-19   පිළිතුර ලබා දී ඇත 

1495/2026: Construction of Electric fences for Elephants in Batticaloa

ගරු  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, වනඅලින් විසින් මිනිස් ජීවිත සහ දේපළවලට හානි සිදු කරන බව දන්නේද;

            (ii)       එම හානි වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) දිස්ත්‍රික්කයේ මේ වනවිට ඉදිකර ඇති අලි වැටවල මුළු දුර ප්‍රමාණය කොපමණද;

(iv) මේ වනවිට ඉදිකර ඇති අලි වැටවල් කඩා බිඳ දමමින් වනඅලින් ජනාවාස සහ වගා බිම්වලට ඇතුළු වන බව දන්නේද;

(v) එය වැළැක්වීම සඳහා මෙම වර්ෂය තුළ අමතර අලි වැට ඉදිකිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දිස්ත්‍රික්කය තුළ අලුතින් අඩවි වන කාර්යාල 05ක් ස්ථාපිත කිරීමට හැකියාව තිබේද;

(ii) උප අඩවි වන කාර්යාල 14ක් ස්ථාපිත කිරීමට හැකියාව තිබේද;

(iii) ඒ සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-19

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks