පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1492/2025
ගරු සුනිල් රත්නසිරි මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය පැවති සමයේදී ජනතාවට ලබා දෙන ලද මුළු මූල්‍යමය ආධාරවල වටිනාකම කොපමණද;
(ii) ඉහත සඳහන් මූල්‍යමය ආධාර ලබා දීම සඳහා සමෘද්ධි සංවර්ධන අරමුදලේ මුදල් භාවිතා කරනු ලැබුවේද;
(iii) එසේ නම්, එම මුදල කොපමණද;
(iv) එම මුදල නැවත පියවා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-08
අසන ලද්දේ
ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 සහ 2021 වසරවල විශේෂයෙන් කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට ලබා දුන් මුළු මූල්‍ය ආධාර පිළිබඳ තොරතුරු වර්තමාන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සතුව නැහැ. නමුත් අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් මුදල් පිළිබඳව මම මේ ගරු සභාවට වාර්තා කරනවා.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් රුපියල් මිලියන 58,760ක මුදලක් මේ වෙනුවෙන් වැය කර තිබෙනවා.
(ii) "සමෘද්ධි සංවර්ධන අරමුදල" නමින් අරමුදලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිහිටුවා නොමැත. එවකට පැවැති ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යන ලද හා දෙපාර්තමේන්තුගත වීමෙන් පසු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින "සමෘද්ධි අරමුදලේ" මුදල් ද ඉහත කාර්යය සඳහා භාවිත කර නැහැ. නමුත්, 2020 සහ 2021 වර්ෂයන්හි කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන්හට සමාජ ප්‍රතිලාභ ගෙවීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ සඳහා පහත පරිදි මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබා දී තිබෙනවා. කාණ්ඩ තුනක් යටතේයි එය සඳහන්ව තිබෙන්නේ.
|
ණය ලබා ගත් ආයතනය |
2020 වර්ෂය (රු. බිලියන) |
2021 වර්ෂය (රු. බිලියන) |
එකතුව (රු. බිලියන) |
|
මහා භාණ්ඩාගාරය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථාවර තැන්පතු ඇපයට තබා ලංකා බැංකුවෙන් ලබා ගත් මුදල |
8.00 |
8.00 |
16.00 |
|
මහා භාණ්ඩාගාරය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථාවර තැන්පතු ඇපයට තබා මහජන බැංකුවෙන් ලබා ගත් මුදල |
8.00 |
6.00 |
14.00 |
|
මහා භාණ්ඩාගාරය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙතින් ලබා ගත් මුදල |
28.76 |
- |
28.76 |
|
මුළු එකතුව |
58.76 |
||
(iii) මා කලින් කිව්වා වාගේ, ඒ අනුව සමස්ත මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 58.76ක්.
(iv) ගරු කථානායකතුමනි, මේ ලබා ගත් මුදල් 2020 සහ 2021 වර්ෂවල තමයි ලබාගෙන තිබෙන්නේ.
ලංකා බැංකුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තැන්පතු ඇපයට තබා ලබා ගත් මුදල් ගෙවා තිබෙනවා පොලියත් සමඟ. ඒ වාගේම, මහජන බැංකුවේ මුදලුත් ගෙවා තිබෙනවා. නමුත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි ප්‍රතිලාභින්ගේ දායකත්ව මුදලින් - ක්ෂුද්‍ර මූල්‍ය මුදලින් - ලබා ගත් මුදල් 2020 අප්‍රේල් මාසයේ 08වැනි දා තමයි ලබා ගෙන තිබෙන්නේ. අපි බලයට පත් වන විටත් ඒවා පියවා තිබුණේ නැහැ. අපි 2024 දෙසැම්බර් මාසයේ 31වැනි දා ඒ මුදල පියවූවා. නමුත්, ඒ මුදලට අය විය යුතු පොලී මුදල් ගෙවීම සිදු කිරීමට නොහැකි වෙලා තිබෙනවා. ලංකා බැංකුවෙන් ලබා ගත් මුදල් හා මහජන බැංකුවෙන් ලබා ගත් මුදල් 2023 වර්ෂයේදී ගෙවලා තිබෙනවා. ඒ අනුව මුදල් පියවා තිබෙනවා. නමුත්, සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශයෙන් මුදල් ලබා ගැනීමේදී වැය වෙච්ච පොලී මුදල් ගෙවලා නැහැ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks