01

E   |     |  

 දිනය: 2025-11-12   පිළිතුර ලබා දී ඇත 

1477/2025: Decision to charge for the street lamps by CEB

1477/2025

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන වීදි ආ‍ලෝකකරණ විදුලි පහන්  භාවිතා කරන බවත්;

              (ii)       ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා කිසිදු අය කිරීමක් සිදු නොකළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) වීදි ආ‍ලෝකකරණ විදුලි පහන් භාවිතා කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලින් මුදල් අය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේද;

(ii) එසේ නම්, ඊට අදාළ අය කිරීම් ක්‍රමවේදය කවරේද;

(iii) ඉහත අය කිරීම හේතුවෙන් ආදායම් අඩු පළාත් පාලන ආයතන අපහසුතාවයට පත් වන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නේද;

(v) එසේ නම්, එම විසඳුම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-12

අසන ලද්දේ

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks