01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1475/2025: Identification of Forest reserves by Department of Forest Conservation at Trincomalee District

1475/2025

ගරු රොෂාන් අක්මීමන මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර හෝ හඳුනාගෙන ඇති රක්ෂිත වනාන්තර ප්‍රමාණය සහ රක්ෂිත වනාන්තර බවට පත් කිරීමට යෝජිත වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර්වලින් කොපමණද;

(ii) දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිවී ඇති හෝ වගා කටයුතු සඳහා භාවිතා කර ඇති නමුත් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය එම දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii) එම ඉඩම්වලින් නැවත නිදහස් කිරීම සඳහා නිර්දේශ කර ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-03

අසන ලද්දේ

ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks