පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1475/2025
ගරු රොෂාන් අක්මීමන මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර හෝ හඳුනාගෙන ඇති රක්ෂිත වනාන්තර ප්‍රමාණය සහ රක්ෂිත වනාන්තර බවට පත් කිරීමට යෝජිත වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර්වලින් කොපමණද;
(ii) දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිවී ඇති හෝ වගා කටයුතු සඳහා භාවිතා කර ඇති නමුත් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය එම දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ඉඩම්වලින් නැවත නිදහස් කිරීම සඳහා නිර්දේශ කර ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-03
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර ඇති රක්ෂිත වනාන්තර 26ක් පවතින අතර සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටෙයාර 122,301.95ක් වේ. ඒ විස්තර ඇමුණුම 01හි වෙන් වෙන්ව සටහන් කර තිබෙනවා.
එමෙන්ම "වනස්පති" වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රක්ෂිත බවට පත් කිරීමට යෝජිත වනාන්තර 78ක් තිබෙනවා. එහි සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටෙයාර 30,893.5ක් වනවා. ඒ ප්‍රමාණ වෙන් වෙන්ව ඇමුණුම 02හි සටහන් කර තිබෙනවා.
(ii) දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාව පදිංචි වී ඇති හෝ වගා කටයුතු සඳහා භාවිත කර ඇති, එහෙත් රක්ෂිත වනාන්තර තුළට ඇතුළත් වන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර තුළ පිහිටි එම බිම් කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනා ගෙන නොමැති අතර පදිංචි වී තිබෙන ඉඩමේ ම වගා කටයුතු ද කරමින් තිබෙන ඉඩම් බොහොමයක් ද වන අතර මෙම ඉඩම් සියල්ල පිළිබඳ ලැයිස්තුවක් ලබා දීමේ හැකියාවක් නොමැත.
(iii) "තිරසර වනාන්තර කළමනාකරණය තුළින් ඉඩම් ගැටලු නිරාකරණය කිරීම" යන වැඩසටහන යටතේ දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාව පදිංචි වී ඇති හෝ වගා කටයුතු සඳහා භාවිත කර ඇති, එහෙත් රක්ෂිත වනාන්තර තුළට ඇතුළත් වන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර තුළ පිහිටි, එම බිම් කොටස් හඳුනාගෙන ඉදිරියේදී නිදහස් කිරීමට අන්තර් අමාත්‍යාංශ කමිටු නිර්දේශ ලද ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 24,250.14ක්, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහතින් දක්වා ඇත.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඉඩම් කොටස් ගණන |
ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
පදවි ශ්‍රී පුර |
6 |
27.74 |
|
කුච්චවේලි |
15 |
238.66 |
|
ගෝමරන්කඩවල |
27 |
1,527.66 |
|
මොරවැව |
19 |
3,737.52 |
|
කින්නියා |
9 |
2,612.06 |
|
ටවුන් ඇන්ඩ් ග්‍රැවට්ස් |
3 |
614.68 |
|
මූතූර් |
6 |
12.37 |
|
තම්බලගමුව |
2 |
1,508.74 |
|
සේරුවිල |
4 |
2,258 |
|
කන්තලේ |
9 |
11,712.71 |
|
වෙරුගල් |
- |
- |
(iv) 1. 2024 වර්ෂයේ සිට මේ දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිලෝමීටර 417.54ක ප්‍රමාණයක දිගකින් යුත් විදුලි වැටවල් ඉදිකර ඇත.
2. එමෙන්ම මෙම දිස්ත්‍රික්කය තුළ 2025 වර්ෂය සඳහා කිලෝමීටර 41.10ක දිගින් යුත් විදුලි වැට ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති අතර, එම විදුලි වැට ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරමින් පවතී.
3. මෙසේ ඉදිකරන ලද විදුලි වැටවල නඩත්තුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 299ක් හා බහුකාර්ය සංවර්ධන සහායකයින් 175ක් මඟින් නඩත්තු කටයුතු සිදු කර ගෙන යනු ලබයි.
4. වනඅලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ජාතික විදුලි වැට ස්ථාපිත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වනඅලි ජනාවාසවලට හා ගොඩබිම්වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා දැනට පවත්නා විදුලි වැට පද්ධතිය දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.
5. ගම් වදින වනඅලි පලවා හැරීම සඳහා වනජීවී නිලධාරින් අවස්ථානුකූලව කටයුතු කරනු ලබයි.
6. හානිදායක වශයෙන් හඳුනා ගත් වනඅලි අල්ලා ඉවත් කිරීම සිදු කරනු ලබයි.
7. වනඅලින්ගෙන් සිදු වන හානි අවම කිරීම සඳහා වනඅලි විසින් ජීවිත හානි සිදු කරන ග්‍රාම නිලධාරි වසම් හඳුනා ගෙන ගම්වාසීන්, ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ ප්‍රාදේශීය සභා සම්බන්ධ කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
8. සෑම මසකම දිස්ත්‍රික්කය තුළ සිදු වන වනඅලි පාලන කටයුතු වෙනුවෙන් අලි වෙඩි ලබා දීම සිදු කරයි.
9. වනඅලි විසින් සිදු කරන ජීවිත හානි, දේපළ හානි සඳහා වන්දි ගෙවීම සිදු කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks