පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1474/2025
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරනු ලබන මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝහලේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත රෝහලේ ප්‍රමිතිගත තත්ත්ව පාලන ඖෂධ ගබඩාවක් නොමැති බව දන්නේද;
(ii) එසේ නම්, ප්‍රමිතිගත තත්ත්ව පාලන ඖෂධ ගබඩාවක් පිහිටුවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) එම රෝහලෙන් දෛනිකව සහ මාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම රෝහල සඳහා ප්‍රධාන සැලැස්මක් (Master plan) සකස් කර ඇති බව දන්නේද;
(v) ඒ අනුව, රෝහලේ උපරිම කාර්යක්ෂමතාවයේදී සේවා ලබා දිය හැකි රෝගීන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-14
අසන ලද්දේ
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
අ) (i) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මේ වන විට සේවය කරනු ලබන සේවකයින් සංඛ්‍යාව 1,034කි.
(ii) එම තොරතුරු පහත වගුවෙහි දැක්වේ.
|
District General Hospital - Gampaha - Cadre Review 2025.09.30
|
|||||
|
Serial Number |
Designation |
DMS Approved cadre |
Existing cadre |
Vacancy |
Contract |
|
1 |
Director |
1 |
1 |
0 |
|
|
2 |
Deputy Director |
1 |
0 |
1 |
Coverup |
|
3 |
Medical Consultant |
34 |
33 |
1 |
|
|
4 |
Consultant Dental Surgeon |
2 |
1 |
1 |
|
|
5 |
Accountant |
1 |
0 |
1 |
|
|
6 |
Medical Officer |
247 |
244 |
3 |
|
|
7 |
Dental Surgeon |
12 |
7 |
5 |
|
|
8 |
AMO/RMO* |
6 |
4 |
2 |
|
|
9 |
Administrative Officer |
1 |
1 |
0 |
|
|
10 |
Matron |
4 |
2 |
2 |
|
|
11 |
Chief Pharmacist |
2 |
0 |
2 |
|
|
12 |
Chief Medical Laboratory Technologist |
1 |
0 |
1 |
|
|
District General Hospital - Gampaha - Cadre Review 2025.09.30 |
|||||
|
Serial Number |
Designation |
DMS Approved cadre |
Existing cadre |
Vacancy |
Contract |
|
13 |
Chief Radiographer |
1 |
0 |
1 |
|
|
14 |
Chief Physiotherapist |
1 |
0 |
1 |
|
|
15 |
Chief ECG Recordist |
1 |
0 |
1 |
|
|
16 |
Chief Dispenser |
1 |
0 |
1 |
|
|
17 |
Psychiatric Social Worker* |
1 |
0 |
1 |
|
|
18 |
Ward Sister |
20 |
7 |
13 |
02 Contract Basis |
|
19 |
Nursing Officer |
437 |
403 |
34 |
09 Contract Basis |
|
20 |
Public Health Nursing Officer |
1 |
1 |
0 |
|
|
21 |
Pharmacist |
25 |
24 |
1 |
|
|
22 |
Medical Laboratory Technologist |
23 |
20 |
3 |
|
|
23 |
Radiographer |
9 |
6 |
3 |
|
|
24 |
Physiotherapist |
7 |
3 |
4 |
03 Contract Basis |
|
25 |
Occupational Therapist |
1 |
1 |
0 |
|
|
26 |
Ophthalmic Technologist |
5 |
5 |
0 |
|
|
27 |
Public Health Midwife |
29 |
19 |
10 |
|
|
28 |
Speech Therapist |
1 |
1 |
0 |
|
|
29 |
ECG Recordist |
7 |
4 |
3 |
|
|
30 |
EEG Recordist |
1 |
1 |
0 |
|
|
31 |
PHLT |
3 |
2 |
1 |
01 Contract Basis |
|
32 |
Planning & Programming Assistant |
1 |
1 |
0 |
|
|
33 |
Development Officer |
6 |
11 |
|
|
|
34 |
Dispenser |
4 |
5 |
|
|
|
35 |
Management Assistant |
17 |
15 |
2 |
|
|
36 |
Diet Stewards |
3 |
2 |
1 |
|
|
37 |
House Warden |
1 |
0 |
1 |
|
|
38 |
Ward Clerk |
4 |
4 |
0 |
|
|
39 |
Health Driver |
6 |
6 |
0 |
|
|
40 |
Electrician |
1 |
0 |
1 |
|
|
41 |
Attendant |
47 |
30 |
17 |
|
|
42 |
Carpenter |
1 |
1 |
0 |
|
|
43 |
Cook |
5 |
4 |
1 |
|
|
44 |
Hospital Overseer |
4 |
2 |
2 |
|
|
45 |
Lab Orderly |
4 |
2 |
2 |
|
|
46 |
Mason |
1 |
1 |
0 |
|
|
47 |
Plant Operator (Generator) |
2 |
0 |
2 |
|
|
48 |
Plumber |
1 |
1 |
0 |
|
|
49 |
Seamstress |
1 |
1 |
0 |
|
|
50 |
Dental Technician |
1 |
0 |
1 |
|
|
51 |
Telephone Operator |
5 |
4 |
1 |
|
|
52 |
Spray Machine Operator |
0 |
1 |
|
|
|
53 |
Lift Operator |
8 |
1 |
7 |
|
|
District General Hospital - Gampaha - Cadre Review 2025.09.30 |
|||||
|
Serial Number |
Designation |
DMS Approved cadre |
Existing cadre |
Vacancy |
Contract |
|
54 |
Generator Operator |
0 |
2 |
|
|
|
55 |
Saukya Karya Sahayaka (Ordinary) |
30 |
23 |
7 |
|
|
56 |
Saukya Karya Sahayaka (Junior) |
168 |
127 |
41 |
|
|
|
Grand Total |
1207 |
1034 |
173 |
15 |
ගරු මන්ත්‍රීතුමනි, මීට අමතරව ward sister සඳහා දැන් පුහුණුවීම් ආරම්භ කර තිබෙන නිසා පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කරන්න පුළුවන්. Attendant පුරප්පාඩු 17ක් තිබෙනවා. අපි ළඟදී සේවකයින් promote කරනකොට මේ ප්‍රශ්නයත් නැති වෙනවා.
(iii) • ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැනට සීමිත වෛද්‍ය නිලධාරි පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර, ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී සේවා අවශ්‍යතාව සලකා අදාළ අනුක්ත කිරීම් සිදු කරනු ලැබේ.
මම කලිනුත් කිව්වා, එතැන දැනට තිබෙන්නේ වෛද්‍ය නිලධාරින්ගේ පුරප්පාඩු 3ක් පමණයි කියලා. ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි, නමුත් මේ සංඛ්‍යාව තිබුණේ 2017, 2018 cadre එකට. අපි දැන් ඒ cadre එක revise කරගෙන යනවා.
· දැනට සිසු හෙද පුහුණුවේ නිරත, ඉදිරියේදී පුහුණුව අවසන් කිරීමට නියමිත හෙද ඩිප්ලෝමාධාරි කණ්ඩායම් හා මාස 6ක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවා ගෙන පත්වීම් ලබා දීමට නියමිත හෙද උපාධිධාරින් සඳහා පත්වීම් ලබා දීමේදී මෙම රෝහලටත් ඔවුන් අනුයුක්ත කිරීමට කටයුතු කරනවා.
සමහර Teaching Hospitals සහ රේඛීය අමාත්‍යාංශයට අයත් තෘතීයික රෝහල්වලට අපි අමතර වශයෙන් හෙද උපාධිධාරින් ප්‍රමාණයක් - ඔවුන්ගේ පුහුණුවට - ලබා දුන්නා. නමුත්, මෙම රෝහල පළාත් සභාවට අයිති එකක් නිසා හෙද උපාධිධාරින් ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ.
· වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ - MLT, භෞත චිකිත්සක - physiotherapist, විකිරණ ශිල්පී, වාග් චිකිත්සක සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී යන තනතුරු සඳහා ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් ලැබී ඇති අතර, ඒ සඳහා අදාළ කටයුතු කරමින් පවතී.
ඒ අනුව බඳවා ගැනීම් සිදු කිරීමේදී රෝහල්වල පවතින පුරප්පාඩු අනුව එම පුරප්පාඩුවලට ඔවුන්ව යොමු කරන්න බලාපොරොත්තු වනවා.
· අනෙකුත් සහායක කාර්ය මණ්ඩලය හා සුළු සේවක පුරප්පාඩු පළාත් සභාව මඟින් ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී බඳවාගෙන සේවා අවශ්‍යතාව අනුව රෝහල් වෙත අනුයුක්ත කිරීම් සිදු කරනු ලැබේ.
(ආ) (i) රෝහලේ යෝග්‍ය ස්ථානවල ඖෂධ ගබඩා සඳහා අවශ්‍ය ආකාරයට සකස් කර ගත් කාමර තුළ නියමිත ප්‍රමිතියට අනුකූලව ඖෂධ ගබඩා පිහිටුවා ඖෂධ ගබඩා කර ඇත.
ගරු මන්ත්‍රීතුමනි, ඒ කියන්නේ ප්‍රමිතිගත ඖෂධ ගබඩාවක් නොවෙයි එතැන තිබෙන්නේ. නමුත් අපි ඒ අනෙකුත් තැන්වලත් අවශ්‍ය ප්‍රමිතිය පවත්වාගෙන යනවා. නමුත් ප්‍රමිතිගත ඖෂධ ගබඩාවක අවශ්‍යතාව මේ රෝහලට පවතිනවා.
(ii) ප්‍රධාන සැලැස්ම - Master Plan එක - අනුව ඖෂධ ගබඩාවක් පිහිටිය යුතු ස්ථානය මේ වන විට හඳුනාගෙන ඇති අතර, රෝහල් පරිපාලනය මඟින් ඊට අදාළ සැලැස්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මඟින් මේ වන විටත් අමාත්‍යාංශයේ සැලසුම් අංශය වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව 2026 වසර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කළ යුතු නව ගොඩනැඟිලි පිළිබඳ සැලැස්මට ඖෂධ ගබඩාව ඇතුළත් කර ඇති අතර, ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරියේදී පළාත් සභාව වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන මඟින් කළමනාකරණය කර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.
(iii)
|
|
ලබා ගන්නා සේවය |
දෛනික සාමාන්‍ය අගය |
මාසික සාමාන්‍ය අගය |
|
2024 |
බාහිර රෝගී අංශය |
586 |
17,847 |
|
|
සායන |
1,116 |
33,944 |
|
|
වාට්ටු සඳහා ඇතුළත්වීම් |
295 |
8,808 |
|
2025 |
බාහිර රෝගී අංශය |
674 |
20,303 |
|
|
සායන |
1,137 |
34,121 |
|
|
වාට්ටු සඳහා ඇතුළත්වීම් |
244 |
7,363 |
(iv) ඔව්.
(v) ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක වුණොත් දැනට 773ක් වන රෝහලේ රෝගී ඇඳන් ධාරිතාව 1,570 දක්වා වැඩි වනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks