E   |     |  

 දිනය: 2026-01-23   පිළිතුර ලබා දී ඇත 

1465/2026: සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම සහ අනුබද්ධ ආයතන: ආදායම සහ වියදම

1465/2025

ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම යටතේ ක්‍රියාත්මක වන ආයතනවල 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ආදායම් සහ වියදම් වාර්තා වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඉහත පදනමේ 2025 වර්ෂය සඳහා ආදායම් විස්තර කවරේද;

(iii) සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනමේ කළමනාකරණ මණ්ඩලය 2025 වර්ෂය තුළදී රැස්වී ඇති වාර ගණන සහ ගනු ලැබූ විශේෂ තීන්දු/තීරණ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හැටන් ප්‍රදේශයේ ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වත්මන් ක්‍රියාකාරිත්වය කවරේද;

(ii) 2025 වර්ෂයේදී එම මධ්‍යස්ථානයේ පුහුණුවීම් සහ පාඨමාලා සඳහා ඇතුළත් කරගෙන ඇති සිසුන් සංඛ්‍යාව කොපමණද;

(iii) නෝර්වුඩ් ක්‍රීඩාංගණයෙන් ආදායම් ඉපැයීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-01-23

අසන ලද්දේ

ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර දෙමළ භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2026-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks