E   |     |  

 දිනය: 2026-03-05   පිළිතුර ලබා දී ඇත 

1453/2026: මුලතිව් දිස්ත්‍රික්කයේ බහුකාර්ය කාර්යාල: ජලය, විදුලිය සහ වැසිකිළි පහසුකම

1453/2025

ගරු කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)     (i)   මුලතිවු දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරි කොට්ඨාස 136 අතරින්, ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘධි සංවර්ධන නිලධාරින් සඳහා භාවිතා කළ හැකි බහුකාර්ය කාර්යාල (සේවා පියස) නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාස තිබේද;

(ii) එසේ නම්, තාවකාලිකව විකල්ප ස්ථානවල ක්‍රියාත්මක වන කාර්යාල සංඛ්‍යාව කොපමණද;

(iii) ප්‍රතිසංස්කරණය කළ යුතු කාර්යාල සංඛ්‍යාව කොපමණද;

(iv) වැසිකිලි,  ජල සහ  විදුලි පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව කොපමණද;

(v) විදුලිය විසන්ධි කර ඇති කාර්යාල සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම අඩුපාඩු හේතුවෙන් මහජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීමට අපහසුතා පවතින බව දන්නේද;

(ii) ගුණාත්මක හා කඩිනම් සේවාවක් සැපයීම සඳහා අදාළ අඩුපාඩු සපුරාලීමට ඇති සැලැස්ම කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-03-05

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2026-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks