පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1452/2025
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක තුළ —
(i) ප්‍රජා ශාලා පිහිටුවා ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) අඩුපාඩු රහිත, භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින ප්‍රජා ශාලා සංබ්‍යාව;
(iii) වැසිකිළි, ජල හෝ විදුලිය පහසුකම් නොමැති ප්‍රජා ශාලා සංබ්‍යාව;
(iv) ප්‍රජා ශාලා නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංබ්‍යාව;
එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද;
(ආ) (i) ඉහත අඩුපාඩු හේතුවෙන් මහජනතාව සේවා ලබා ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ දෙන බව දන්නේද;
(ii) ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ඉහත අඩුපාඩු සපුරාලීමේ සැලසුම කවරේද;
(iii) ප්‍රජා ශාලා නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාසවල නව ප්‍රජා ශාලා ඉදිකිරීමට සැලසුමක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-17
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා පිහිටුවා ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව - 130
මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා පිහිටුවා ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව - 138
වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා පිහිටුවා ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව - 101
(ii) මුලතිව් දිස්ත්‍රික්කයේ භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින ප්‍රජාශාලා සංඛ්‍යාව - 70
මන්නාරම දිස්ත්‍රික්කයේ භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින ප්‍රජාශාලා සංඛ්‍යාව - 77
වවුනියා දිස්ත්‍රික්කයේ භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින ප්‍රජාශාලා සංඛ්‍යාව - 23
(iii) මුලතිව් දිස්ත්‍රික්කයේ වැසිකිළි, ජල හෝ විදුලිය නොමැති ප්‍රජාශාලා සංඛ්‍යාව - 163
මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිකිළි, ජල හෝ විදුලිය නොමැති ප්‍රජාශාලා සංඛ්‍යාව - 92
වවුනියා දිස්ත්‍රික්කයේ වැසිකිළි, ජල හෝ විදුලිය නොමැති ප්‍රජාශාලා සංඛ්‍යාව - 80
(iv) ඔව්.
මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව - 05
මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව - 15
වවුනියා දිස්ත්‍රික්කයේ ප්‍රජාශාලා නොමැති ග්‍රාම නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව - 01
(ආ) (i) ප්‍රජාශාලාවන් යනු මහජන සේවා සැපයීම සඳහා නිලධාරින් වෙත පහසුකම් සැපයීමට ඉදිකර ඇති ස්ථාන නොවේ. එබැවින්, මහජන සේවා සැපයීමේදී ප්‍රජාශාලා නොමැති වීම ගැටලුවක් වී නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) නැත.
(ඇ) ප්‍රජාශාලා ඉදිකිරීම කරනු ලබන්නේ, යම් ප්‍රදේශයක හෝ ජන සමූහයක අවශ්‍යතාව අනුව මිස, ග්‍රාම නිලධාරි වසමක රාජකාරියේ නියුතු රාජ්‍ය නිලධාරින්ට තම රාජකාරි කටයුතුවල නියැලීම හෝ සේවා සැපයීම සඳහා නොවේ. එබැවින්, රජය විසින් ප්‍රජාශාලා ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරනුයේ ඉල්ලීම ඉදිරිපත් වූ අවස්ථාවන්හිදී පමණි.
පිළිතුරු දුන් දිනය
2026-03-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks