E   |     |  

 දිනය: 2026-08-04   පිළිතුර ලබා දී ඇත 

1450/2026: අනියම් පදනම මත බඳවාගත් සත්ව එන්නත්කරුවන්: නැ‍ඟෙනහිර පළාත

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       නැ‍‍‍‍ගෙනහිර පළාතේ දිස්ත්‍රික් මට්ටමින් සේවය කරන ‘සත්ත්වයින්ට එන්නත් කරන්නන්ගේ’ සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පළාතට ඉහත තනතුර සඳහා අවශ්‍ය මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) 2018 වර්ෂයේදී ජලභීතිකා රෝගය මර්දනය කිරීමේ වැඩසටහන යටතේ ‘ජලභීතිකා මර්දන සහායක’ තනතුර සඳහා අනියම් පදනමින් බඳවා ගත් අය අතුරින්, 2019 වර්ෂයේදී ‘සත්ත්වයින්ට එන්නත් කරන්නන්’ ලෙස අනියම් පදනමින් බඳවා ගනු ලැබූ සංඛ්‍යාව කොපමණද;

(iv) එලෙස අනියම් පදනමින් බඳවා ගනු ලැබූ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබා දීමට කටයුතු කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-04

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැ‍ඟෙනහිර පළාත තුළ ස්ථිර සේවකයින් නොමැති අතර, අනියම් සේවක සංඛ්‍යාව පහත පරිදි වේ.

දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය

මඩකලපුව

කල්මුණේ

අම්පාර

සේවක සංඛ්‍යාව

0

03

01

0

                    (ii)      26යි.

දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය

මඩකලපුව

කල්මුණේ

අම්පාර

අවශ්‍ය මුළු සේවක සංඛ්‍යාව

05

07

07

07

(iii) අනියම් පදනමින් 08 දෙනෙකු බඳවාගෙන තිබෙනවා.

දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය

මඩකලපුව

කල්මුණේ

අම්පාර

අනියම් පදනමින් බඳවා ගනු ලැබූ සංඛ්‍යාව

02

03

01

02

(iv) 2026.07.27 දින ස්ථිර පත්වීම් ලබා දීම සඳහා සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇති අතර, ක්‍රියාවලිය මේ වන විටත් සිදුවෙමින් පවතී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks