පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1430/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අලංකාලගාල ග්‍රාම නිලධාරි වසමේ, හරක්ගමකන්ද ග්‍රාමයේ, අක්කර පහක පමණ විශාලත්වයකින් යුතු රජයේ ඉඩමක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වෙන් කර තිබූ බව දන්නේද;
(ii) එම ඉඩම විධිමත් පරිදි සංස්ථාවට බැහැර කර තිබුණේද;
(iii) එම ඉඩම සංස්ථාව විසින් තෙවන පාර්ශ්වයකට ලබාදී ඇති බව දන්නේද;
(iv) එය නීත්‍යානුකූල වන්නේද;
(v) එම තෙවන පාර්ශ්වය කවුරුන්ද;
(vi) අදාළ තෙවන පාර්ශ්වය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) හිඟ බදු මුදල් ගෙවීමට තිබියදී, ඉහත ඉඩම පෞද්ගලික බැංකුවකට උකස් කර ණය මුදලක් ලබා ගැනීමට අනුමැතියදී තිබේද;
(ii) එසේ නම් එය, නීති විරෝධී නොවන්නේද;
(iii) ඉහත ඉඩම පැවරීමේදී සහ හිඟ බදු මුදල් ගෙවීමට තිබියදී ණයක් ලබා ගැනීමට කටයුතු කිරීමේදී, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව නීතිය උල්ලංඝනය කර තිබේද;
(iv) ඉහත ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-04
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
2010 වර්ෂයේදී යොමු කරන ලද නිර්දේශ වාර්තා පදනම් කරගෙන ගරු අමාත්‍යතුමා විසින් 2011.02.07 අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව 2011.05.12 දිනැතිව ඉඩමේ භුක්තිය භාර දී ඇත.
(iii) ඔව්.
(iv) නැත.
ඉඩම් බදු ගත් පාර්ශ්වය විසින් ඉන් අනතුරුව සිදු කරන ඕනෑම උකස් කිරීමකදී හෝ පැවරීමකදී ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ලිඛිතව ලබා ගත යුතු වන අතර, එවැනි ක්‍රියාවලියකින් තොරව සිදු කරන ලද බැහැර කිරීම් නීත්‍යනුකූල නොවේ.
(v) නාලක රත්නායක - අඹේවෙල වින්ඩ් පවර් (පුද්ගලික) සමාගම.
(vi) අතුරු බදු ලබා දීමකදී තෙවන පාර්ශ්වය වෙතින් රජය වෙත බදු ගෙවීමක් සිදු නොවේ.
(ආ) (i) ඔව්.
හිඟ බදු නොගෙවීම මත ගුවන් විදුලි සංස්ථාවේ බදු අනුමැතිය අවලංගු කිරීමෙන් පසු නැවත මෙම ඉඩම බදු දෙනු ලැබූ පාර්ශ්ව දෙකෙන් එක් අයෙකුට උකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
(ii) නැත.
(iii) නැත.
රජයේ ඉඩම් ආඥාපනතෙහි රෙගුලාසි හෝ නියෝගයන්හි උකසකදී හෝ අතුරු බදු දීමකදී උකස් ලබා දෙන දිනය දක්වා වන හිඟ බදු අය කළ යුතු බවට සඳහන්ව නොමැත.
(iv) ප්‍රාදේශීය ලේකම්ගේ 2025.09.08 දිනැති ලිපියෙන් 2,867,640ක හිඟ බදු මුදලක් ඇති බව නිරීක්ෂණය වන බැවින් රජයේ ඉඩම් ආඥාපනතේ 85/86 වගන්ති ප්‍රකාරව (212 නියෝග ප්‍රකාරව) කටයුතු කිරීමෙන් අනතුරුව බදුකරය අවලංගු කිරීමට කටයුතු කරන ලෙස 2025.10.03 දිනැතිව ප්‍රාදේශීය ලේකම් වෙත දන්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks