පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1430/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අලංකාලගාල ග්‍රාම නිලධාරි වසමේ, හරක්ගමකන්ද ග්‍රාමයේ, අක්කර පහක පමණ විශාලත්වයකින් යුතු රජයේ ඉඩමක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වෙන් කර තිබූ බව දන්නේද;
(ii) එම ඉඩම විධිමත් පරිදි සංස්ථාවට බැහැර කර තිබුණේද;
(iii) එම ඉඩම සංස්ථාව විසින් තෙවන පාර්ශ්වයකට ලබාදී ඇති බව දන්නේද;
(iv) එය නීත්‍යානුකූල වන්නේද;
(v) එම තෙවන පාර්ශ්වය කවුරුන්ද;
(vi) අදාළ තෙවන පාර්ශ්වය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) හිඟ බදු මුදල් ගෙවීමට තිබියදී, ඉහත ඉඩම පෞද්ගලික බැංකුවකට උකස් කර ණය මුදලක් ලබා ගැනීමට අනුමැතියදී තිබේද;
(ii) එසේ නම් එය, නීති විරෝධී නොවන්නේද;
(iii) ඉහත ඉඩම පැවරීමේදී සහ හිඟ බදු මුදල් ගෙවීමට තිබියදී ණයක් ලබා ගැනීමට කටයුතු කිරීමේදී, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව නීතිය උල්ලංඝනය කර තිබේද;
(iv) ඉහත ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-04
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks