01

E   |     |  

 දිනය: 2025-11-22   පිළිතුර ලබා දී ඇත 

1429/2025: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: බස් රථ සඳහා මිලදී ගනු ලබන ටයර් සහ ටියුබ්

1429/2025

ගරු තිළිණ සමරකෝන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා ටයර් සහ ටියුබ් මිලදී ගනු ලබන ආයතනය කවරේද;

             (ii)       එම ආයතනයේ සැපයුම් ධාරිතාවය ප්‍රමාණවත් වන්නේද;

(iii) ටයර් සහ ටියුබ් සැපයීම සඳහා ලබා දෙන ටෙන්ඩර් කාලය කොපමණද;‍

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මිලදී ගනු ලබන ටයර් සහ ටියුබ්වල ප්‍රමිතිය කවරේද;

(ii) දුෂ්කරතාවයකින් තොරව ගමනාන්තය කරා ලඟා වීම සඳහා මේ වනවිට භාවිතා කරනු ලබන ටයර් සහ ටියුබ්වල ගුණාත්මකභාවය ප්‍රමාණවත් වන්නේද;

(iii) මේ වනවිට මිලදී ගනු ලබන ටයර් සහ ටියුබ් හේතුවෙන් විදේශ විනිමය වැය වන බව දන්නේද;

 

 

(iv) එසේ නම්, ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ටයර් සහ ටියුබ් භාවිතා කිරීමට හැකියාවක් තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-22

අසන ලද්දේ

ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      සියැට් කැළණි ඉන්ටර් නැෂනල් (පුද්) සමාගම, ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනේරින් (පුද්) සමාගම, රිචඩ් පීරිස් (පුද්) සමාගම, ඩී.ටී.එච්. (පුද්) සමාගම හා යුනි‍කොන් සමාගම.

              (ii)      සැපයුම් ධාරිතාව ප්‍රමාණවත්ය.

              (iii)      වසරක කාලයක් සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කරනු ලබයි.

(ආ)          (i)      ඇමුණුම** මඟින් දක්වා ඇත.

              (ii)      වර්තමානයේ භාවිත කරනු ලබන ටයර් හා ටියුම් ශ්‍රී ලංගම ප්‍රමිතීන්ට අනුකූල වන අතර, ගුණාත්මකභාවය ප්‍රමාණවත් වේ. මේ වන විට ටියුබ් සඳහා පැවැති ප්‍රසම්පාදනයේ කාලය අවසන් වී ඇති අතර, නව ටියුබ් මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදනයක් ආරම්භ කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. එතෙක් අවශ්‍ය ටියුම් ප්‍රාදේශීය ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යට‍තේ අවශ්‍යතාව අනුව ප්‍රාදේශීය වශයෙන් පිරිවිතරයන්ට අනුකූලව මිලදී ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත.

(iii) මේ වන විට සාමාන්‍ය බස් රථ සඳහා ටයර් මිලදී ගනු ලබන්නේ CEAT Kelani International Tyres (Pvt.) Ltd. වෙතින් වන අතර, මෙම ටයර් දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. අධිවේගී මාර්ග ධාවනයේ යොදවා ඇති බස් රථවලට අවශ්‍ය ටයර් ප්‍රසම්පාදනයන් සඳහා දේශීය නිෂ්පාදකයින් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බැවින් විදේශීය ටයර් නිෂ්පාදකයින්ගේ දේශීය ඒජන්තවරුන් හරහා ආනයනික ටයර් මිලදී ගනු ලබයි. ඒ සඳහා විදේශ විනිමය වැය වේ.

(iv) මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයන්වලදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූල වන පරිදි දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාවය ලබා දීමේ පදනම මත ක්‍රියාත්මක කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks