E   |     |  

 දිනය: 2025-10-24   පිළිතුර ලබා දී ඇත 

1405/2025: ත්‍රිකුණාමලය මහ රෝහල, මුතූර්, කින්නියා සහ කන්තලේ මූලික රෝහල්: සංවර්ධනය

1405/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024 වර්ෂයේ  සිට මේ දක්වා ත්‍රිකුණාමලය මහ රෝහල, මූතූර්, කින්නියා සහ කන්තලේ මූලික රෝහල් තුළ සිදුවූ මාසික දරු උපත් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;    

(ii) එම උපත් සංඛ්‍යාවට සාපේක්ෂව එම රෝහල්වල සිටිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව, වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව සහ වෙනත් පහසුකම් සම්බන්ධයෙන් සමාලෝචනය කර එම රෝහල් සංවර්ධනය කිරීමට කටයුතු කර තිබේද;

(iii) ත්‍රිකුණාමලය රෝහ‍ලේ සිට මඩකලපුව, අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ප්‍රධාන රෝහල් වෙත යොමු කරනු ලබන රෝගීන් මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් දන්නේද;

(iv)    එයට පිළියමක් ලෙස ත්‍රිකුණාමලය මහ රෝහල සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේද;

(v) ඉහත රෝහල් අතරින් මධ්‍යම රජය සහ පළාත් සභාව විසින් පාලනය කරනු ලබන රෝහල් වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) 2024 සහ 2025 වර්ෂයේ මේ දක්වා ඉහත එක් එක් රෝහලෙන් ප්‍රතිකාර ලැබූ නේවාසික සහ බාහිර රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2024 වර්ෂයේ සිට මේ දක්වා ත්‍රිකුණාමලය මහ රෝහල, මුතූර්, කින්නියා සහ කන්තලේ මූලික රෝහල තුළ සිදු වූ මාසික දරු උපත් සංඛ්‍යාව වෙන් වෙන්ව කියන්න ගියොත් ලොකු වෙලාවක් යන නිසා මම ඔබතුමාට එකතුව විතරක් කියන්නම්.

                                                   ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ 2024 වර්ෂය තුළ දරු උපත් 3,353ක් සිදුවෙලා තිබෙනවා; 2025 වර්ෂය තුළ මේ දක්වා දරු උපත් 2,438ක් සිදු කර තිබෙනවා. මුතූර් මූලික රෝහලේ 2024 වර්ෂය තුළ දරු උපත් 1,007ක් සිදුවෙලා තිබෙනවා; 2025 වර්ෂය තුළ මේ දක්වා දරු උපත් 880ක් සිදු කර තිබෙනවා. කින්නියා මූලික රෝහලේ 2024 වර්ෂය තුළ දරු උපත් 1,417ක් සිදුවෙලා තිබෙනවා; 2025 වර්ෂය තුළ මේ දක්වා දරු උපත් 1,134ක් සිදු කර තිබෙනවා. ඒ වාගේම කන්තලේ

 

Institution

Year

Jan

Feb

Mar

Apr

May

Jun

Jul

Aug

Sep

Oct

Nov

Dec

Total

DGH

Trincomalee

2024

269

249

256

307

300

280

295

252

269

300

326

250

3353

 

2025

191

197

252

304

295

298

293

286

322

-

-

-

2438

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BH Mutur

2024

82

45

72

95

115

110

126

101

103

54

24

80

1007

 

2025

51

84

80

102

100

108

111

112

132

-

-

-

880

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BH Kinniya

2024

120

84

103

143

90

123

132

126

128

128

120

120

1417

 

2025

68

108

134

151

140

121

153

126

133

-

-

-

1134

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BH  Kantale

2024

30

28

48

54

48

34

48

38

45

38

45

46

502

 

2025

41

38

34

58

46

27

51

44

52

-

-

-

391

මූලික රෝහලේ 2024 වර්ෂය තුළ දරු උපත් 502ක් සිදු වෙලා තිබෙනවා; 2025 වර්ෂය තුළ මේ දක්වා දරු උපත් 391ක් සිදු කර තිබෙනවා.

                        මේ පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇමුණුම 01හි දක්වා තිබෙනවා.

              (ii)       2017-2018 cadre එක අනුව තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ කටයුතු කරමින් යන්නේ. නව තනතුරු ඇති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන ඉල්ලීම අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ ගැන කටයුතු කරගෙන යනවා.

ගරු මන්ත්‍රීතුමනි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ගත්තොත්, අපේ cadre එක තිබුණේ 300යි. මේ වනකොට අපි 270ක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය ඇතුළතදී අපි හෙද නිලධාරින් 73ක් ත්‍රිකුණාමලය මහ රෝහලට පමණක් ලබා දුන්නා. ඊට අමතරව දැන් අපි ආරම්භ කරනවා, හෙද උපාධිධාරින් සඳහා සය මාසික පුහුණුවක් ලබා දීම. පුහුණුව කියලා කියන්නේ, ඒ අය එම රෝහලේම කටයුතු කරමින් ඉන්නේ. එතැනිනුත් උපාධිධාරින් 15දෙනෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙනවා. ඊට අමතරව මෑත මාස කිහි‍පයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අපි වෛද්‍ය නිලධාරින් 25ක් ලබා දුන්නා. ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් සඳහාත් වෛද්‍යවරුන් 52ක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ මෑත මාස කිහිපය ඇතුළත වෛද්‍යවරුන්77ක් අපි ලබා දුන්නා.

ඊට අමතරව කන්තලේ මූලික රෝහල සඳහා වාග් චිකිත්සක - Speech Therapist -  තනතුර සඳහා කරන ලද ඉල්ලීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. රෝහල් සංවර්ධනය කිරීමට අදාළවත් කටයුතු කිහිපයක්ම තිබෙනවා. මම ඊළඟ ප්‍රශ්නයේදී ඒකට උත්තර දෙන්නම්.

ඊළඟට, මුතූර් සහ කින්නියා මූලික රෝහල් සඳහා අපට දැන් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව මම කියන්නම්. අපට ඒ රෝහල් දෙකටම නිර්වින්දන විශේෂඥ ‍වෛද්‍යවරුන් ඉන්නවා. එම රෝහල් දෙකේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එක් අයෙක් බැගින් දෙදෙනෙක් ඉන්නවා. මුතූර් මූලික රෝහලට අපි වෛද්‍ය නිලධාරින් දෙදෙනෙක් යොමු කර තිබෙනවා. කින්නියා මූලික රෝහලට එක් වෛද්‍ය නිලධාරියෙක් යොමු කර තිබෙනවා. මුතූර් මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් 5දෙනෙ‍ක් ඉන්නවා. ඊට අමතරව, මේ රෝහල් දෙකේ විශේෂිත ළමා සත්කාර ඒකක ස්ථාපිත කිරීමටත් අපි ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

(iii)  පවත්නා ප්‍රතිපාදන තුළ එක් රෝහලක් සඳහා සියලු වෛද්‍ය පහසුකම් ලබා දීමේදී මතුවන ගැටලු නිසා රෝහල් ශ්‍රේණිගත කරලා, ඒ අනුව ලබා දිය හැකි රසායනාගාර පහසුකම්, විශේෂඥ වෛද්‍ය සේවා ඇතුළු විවිධ පහසුකම් අපි ලබා දෙනවා.

සමස්ත රෝහල් පද්ධතිය තුළ පවත්නා සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වන පරිදි තමයි එම පහසුකම් ලබා දෙන්නේ. ඔබතුමා අහන ප්‍රශ්නය මට පැහැදිලියි. නමුත්, දැන් තිබෙන සමහර අධිතාක්ෂණික උපකරණ, සියලු විශේෂඥ වෛද්‍ය සේවා එකම රෝහලකටම ලබා දෙන්න බැරි නිසා අපි ඒවා ක්‍රමානුකූලව ලබා දෙමින් සිටිනවා.

(iv) ගරු මන්ත්‍රීතුමනි, ත්‍රිකුණාමලය රෝහල කියන්නේ, සාමාන්‍යයෙන් දැනට ඇඳන් ධාරිතාව 550ක් තිබෙන, සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුද්දකට admissions 55,000ක්, 60,000ක් පමණ සිදු වන, දිස්ත්‍රික්කයේ විතරක් නොවෙයි, පළාතේම තිබෙන වැදගත්ම රෝහලක්. එම රෝහලේ බාහිර රෝගී අංශයට සාමාන්‍යයෙන් අවුරුද්දකට රෝගීන් 135,000ක් පමණ එනවා. ක්ලිනික් එකටත් 160,000ක්, 175,000ක් විතර එනවා. ඒ සියලු දේවල් සලකා බලා අපි එහි Emergency and Accident Unit එක සඳහා තට්ටු තුනක ගොඩනැඟිල්ලක් ඉදිකරන්න කටයුතු කරනවා. ඒ සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන්න නියමිත වෙලා තිබෙනවා. 2026 වර්ෂයේ අග වෙනකොට එහි වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 1,200ක් පමණ යොදවන්න බලාපොරොත්තු වනවා. අපට ඒ කටයුතු අවසන් කරන්න පුළුවන්. ඇත්තටම මේක මීට කලින් ආරම්භ කළත්, කොන්ත්‍රාත්කරුවා අතරමඟ දාලා ගිය නිසා තමයි මේ දේ සිද්ධ වුණේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට තට්ටු 8ක විශේෂ හෘදය රෝග ඒකකයක් සහිත ගොඩනැඟිල්ලක් අපි ජපන් රජය හරහා JICA ව්‍යාපෘතියක් හැටියට ලබා දෙනවා. අපට ඒක මේ අවුරුද්දේ ආරම්භ කරන්න පුළුවන්. ඇත්තටම අවුරුදු දෙකහමාරක් යනකොට එම කටයුත්ත අවසන් කරන්න අපි බලාපොරොත්තු වනවා. එතකොට ත්‍රිකුණාමලයට පමණක් නොවෙයි, එම කලාපයටම හෘදය රෝග සම්බන්ධ වැදගත් ආයතනයක් බවට ඒක පත් වනවා.

අපි ළඟදී JICA ව්‍යාපෘතියක් යටතේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට incinerator එකක් ලබා දුන්නා. සාමාන්‍යයෙන් පැයකට කිලෝග්‍රෑම් 160ක පමණ සායනික අපද්‍රව්‍ය ප්‍රමාණයක් දහනය කරන්න පුළුවන් අතිනවීන දාහකයක් ඒ අනුව අපි ලබා දීලා තිබෙනවා.

ඒ වාගේම එහි තවත් අඩුපාඩුවක් තිබුණා. මම එහි ගිය වෙලාවේත් ඒක දැක්කා. එතැනට mortuary coolers 4ක් ලබා දෙන්න අපි දැන් ටෙන්ඩර් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි ලබා දෙන හෙද නිලධාරින් සහ වෛද්‍ය නිලධාරින් ප්‍රමාණය ගැනත් මම ඔබතුමාට කිව්වා. ඒ වාගේම අවශ්‍ය කරන සෞඛ්‍ය කාර්ය සහායකයන් ප්‍රමාණයේ අඩු පාඩුවත් අපි ඉතාම කෙටි කාලයක් තුළදී නිවැරදි කරනවා. ඇත්තටම රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක කළ යුතු වැඩ කටයුතු කිහිපයක් අපට තිබෙනවා. එම වැඩ කටයුතු අවසන් වුණු ගමන් දෙසැම්බර් මාසයට කලින් අවශ්‍ය කරන සෞඛ්‍ය කාර්ය සහායකයන් ප්‍රමාණය ලබා දෙන්න අපට පුළුවන්.

(v) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලත්, කන්තලේ මූලික රෝහලත් මධ්‍යම රජය යටතේ තිබෙනවා. පළාත් සභාව විසින් පාලනය කරන මූලික රෝහල් හැටියට මූතූර් සහ කින්නියා රෝහල් පවතිනවා.

(vi) මම දළ වශයෙන් ඒ ගැන ඉස්සෙල්ලා ඔබතුමාට කිව්වා. වෙන් වෙන්ව කියන්න ගියොත් ලොකු වෙලාවක් යන නිසා මම ඔබතුමාට එකතුව කියන්නම්. ඒ අනුව 2024 වර්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ OPD එකට පැමිණි රෝගීන් සංඛ්‍යාව 134,917යි; 2025 මේ දක්වා පැමිණි සංඛ්‍යාව 101,867යි. 2024 වර්ෂයේ මූතූර් මූලික රෝහ‍ලේ OPD එකට පැමිණි රෝගීන් සංඛ්‍යාව 75,570යි; 2025 මේ වෙනකොට පැමිණි සංඛ්‍යාව 58,843යි. 2024 වර්ෂයේ කින්නියා මූලික රෝහලේ OPD එකට පැමිණි රෝගීන් සංඛ්‍යාව 99,038යි; 2025 වර්ෂයේ මේ වෙනකොට පැමිණි සංඛ්‍යාව 91,689යි. 2024 වර්ෂයේ කන්තලේ මූලික රෝහලේ OPD එකට පැමිණි රෝගීන් සංඛ්‍යාව 88,888යි; 2025 වර්ෂයේ මේ වෙනකොට පැමිණි සංඛ්‍යාව  68,203යි.

ඒ වාගේම 2024 වර්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ OPD admissions 59,253යි; 2025 වර්ෂයේ මේ ‍දක්වා 47,045යි. 2024 වර්ෂයේ මූතූර් මූලික රෝහලේ OPD admissions 19,733යි;

 

2025 වර්ෂයේ මේ දක්වා 17,251යි. 2024 වර්ෂයේ කින්නියා මූලික රෝහලේ OPD admissions 22,615යි; ‍2025 වර්ෂයේ මේ දක්වා 19,210යි. 2024 වර්ෂයේ කන්ත‍ලේ මූලික රෝහලේ OPD admissions 23,188යි; 2025 ‍වර්ෂයේ මේ දක්වා 16,955යි.

                        මේ පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇමුණුම 02 මඟින් දක්වා තිබෙනවා.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks