පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1398/2025
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් සහ ලාහුගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන්ට වාරි ජල ව්‍යාපෘති හරහා ජලය ලබා දිය යුතු බවත්;
(ii) එම ගොවීන්ට වාරි ජලය ලබා දීමේ අරමුණින් 2018, 2019 සහ 2020 වර්ෂවලදී පිළිවෙළින් රුපියල් මිලියන 150ක්, රුපියල් මිලියන 25ක් සහ රුපියල් මිලියන 50ක් වැය කරමින් එවකට පැවති රජයන් විසින් ‘හැඩඔය’ වාරි ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන්ට වාරි ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ඉහත ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;
(ii) ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉහත (අ)(i)හි සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වන ගොවීන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමට හැකි බැවින් එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-23
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල්, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන්ට වාරි ජලය ලබා දීමට හැඩ ඔය ව්‍යාපෘතිය යෝජනා වී ඇත.
(ii) හැඩඔය ව්‍යාපෘතිය සඳහා 2018 වර්ෂයේදී වියදම් දරා නොමැති අතර 2019 හා 2020 වර්ෂවලදී පිළිවෙළින් රුපියල් 3,784,014ක හා රුපියල් 999,928.74ක වියදම් දරා ඇත.
(ආ) (i) මේ දක්වා ව්‍යාපෘතියෙහි මූලික විමර්ශන කටයුතුවලින් කොටසක් සිදු කර ඇති අතර ඉදිරි කටයුතු සිදු කිරීම නතර වී ඇත.
(ii) ඒ සඳහා ක්‍රියාත්මක වීමක් දැනට සිදු නොවේ.
(ඇ) ජලාශයට යට වන නිවාස හා ඉඩම් පිළිබඳව ඇති වූ ජනතා විරෝධතාව හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද වී ඇත.
පිළිතුරු දුන් දිනය
2026-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks