පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1395/2025
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් සහ ලාහුගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල උග්‍ර පානීය ජල හිඟයක් පවතින බවත්;
(ii) එම පානීය ජල හිඟයට විසඳුමක් ලබා දීමේ අරමුණින් 2018, 2019 සහ 2020 වර්ෂවලදී පිළිවෙළින් රුපියල් මිලියන 150ක්, 25ක් සහ 50ක් වැය කරමින් එවකට පැවති රජයන් විසින් ‘හැඩඔය’ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) පානීය ජල හිඟයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද ඉහත ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;
(ii) ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉහත (අ)(i)හි සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි බැවින් එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-13
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම මූලික කර ගෙන 2008 වසරේදී USAID ආයතනය මඟින් භූගත ජලය මඟින් ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. නමුත් එම ව්‍යාපෘතිය මඟින් මේ වන විට ලාහුගල, පානම යන ප්‍රදේශවල ජනතාවගේ ද පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා පියවර ගෙන ඇත. එකී හේතුවෙන් වර්තමානයේදී එම ප්‍රදේශවල ජනතාවට දිනකට පැය 02ක පමණ ජල සැපයුමක් පමණක් ලබා දීමට හැකි වී ඇත.
(ii) ඔව්.
2016 වසරේදී හැඩඔය ව්‍යාපෘතිය යෝජනා කරන ලද අතර, එමඟින් පොතුවිල්, ලාහුගල, මඩුල්ල හා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කිරීමට යෝජනා විය. නමුත් මෙය ක්‍රියාවට නැංවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතා දමා ඇත.
(ආ) (i) අ (ii) පිළිතුරෙහි දක්වා ඇති පරිදි මෙම ව්‍යාපෘතිය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අතරමඟ නවතා දමා ඇත.
නැත.
හැඩඔය ජල ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර නොමැති අතර, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින පානීය ජල අවශ්‍යතා සඳහා සේනානායක සමුද්‍රයෙන් ජලය ලබා ගැනීම සඳහා ව්‍යාපෘතියක් යෝජනා කර ඇත.
(ii) යෝජිත එම ව්‍යාපෘතියේ I අදියර සඳහා රුපියල් මිලියන 12,000ක් පමණ වැය වනු ඇත. මෙම ව්‍යාපෘති යෝජනාව මූල්‍ය සමාලෝචනය සඳහා ලෝක බැංකුව වෙත ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත්, වර්තමානයේ කෙටි කාලීන විසඳුමක් ලෙස raw water ප්‍රමාණය වැඩි කිරීම සඳහා හැඩඔය -නාවල්ආරු හරහා අමුණක් - a weir-type anicut - ඉදිකිරීම සිදු කරමින් පවතී. මෙම ක්‍රියාවලිය 2026 ජුලි මාසයේ අවසන් කිරීමට නියමිත වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks