E   |     |  

 දිනය: 2026-08-07   පිළිතුර ලබා දී ඇත 

1378/2026: මූල්‍ය වංචා සහ දූෂණ චෝදනා ලත් විවිධ සේවා සමුපකාර සමිති සහ ග්‍රාමීය බැංකු: මහනුවර දිස්ත්‍රික්කය

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති සහ එම සමිතිවලට අයත් ග්‍රාමීය බැංකු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඒවා අතරින් විවිධ මූල්‍ය වංචා හා දූෂණ චෝදනා එල්ලවී ඇති සමිති, ග්‍රාමීය බැංකු සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද;

(iii) එම වංචා හා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත් කර තිබේද;

(iv) එසේ නම්, එම කමිටු සාමාජිකයන්ගේ නම් කවරේද;

(v) එම වංචා හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කමිටුව ලබා දුන් නිර්දේශ සහ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-07

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ග්‍රාමීය බැංකු සමිති 172යි.

1. සීමාසහිත මිණිපේ විවිධ          -         04

සේවා සමුපකාර සමිතිය

2.       සීමාසහිත හසලක විවිධ         -         05

සේවා සමුපකාර සමිතිය

3.       සීමාසහිත නව උඩුදුම්බර - 05

විවිධ සේවා සමුපකාර සමිතිය

4. සීමාසහිත තෙල්දෙණිය - 08

විවිධ සේවා සමුපකාර සමිතිය

5. සීමාසහිත උඩිස්පත්තුව - 04

විවිධ සේවා සමුපකාර සමිතිය

6. සීමාසහිත කුණ්ඩසාලේ - 12

විවිධ සේවා සමුපකාර සමිතිය

7. සීමාසහිත වත්තේගම - 12

විවිධ සේවා සමුපකාර සමිතිය

8. සීමාසහිත මහනුවර විවිධ - 12

සේවා සමුපකාර සමිතිය

9. සීමාසහිත තලාතුඔය - 13

මාරස්සන විවිධ සේවා

සමුපකාර සමිතිය

10. සීමාසහිත ගලහා - 05

දෙල්තොට විවිධ

සේවා සමුපකාර සමිතිය

11. සීමාසහිත නාවලපිටිය - 07

විවිධ සේවා සමුපකාර සමිතිය

12. සීමාසහිත ගම්පොල විවිධ - 10

සේවා සමුපකාර සමිතිය

13. සීමාසහිත ගඟ ඉහළ - 09

කෝරළේ විවිධ සේවා

සමුපකාර සමිතිය

14. සීමාසහිත යටිනුවර මැද - 08

පළාත විවිධ සේවා

සමුපකාර සමිතිය

15. සීමාසහිත යටිනුවර ගඟ - 03

පළාත විවිධ සේවා

සමුපකාර සමිතිය

16. සීමාසහිත කඩුගන්නාව - 07

විවිධ සේවා සමුපකාර සමිතිය

17. සීමාසහිත උඩුනුවර විවිධ - 11

සේවා සමුපකාර සමිතිය

18. සීමාසහිත පූජාපිටිය විවිධ - 04

සේවා සමුපකාර සමිතිය

19. සීමාසහිත හාරිස්පත්තුව - 12

දකුණ විවිධ සේවා සමුපකාර

සමිතිය

20. සීමාසහිත හාරිස්පත්තුව උතුර - 05

විවිධ සේවා සමුපකාර සමිතිය

21. සීමාසහිත ගලගෙදර විවිධ - 11

සේවා සමුපකාර සමිතිය

22. සීමාසහිත හතරලියද්ද විවිධ - 05

සේවා සමුපකාර සමිතිය

(ii) 05යි.

සීමාසහිත මිණිපේ විවිධ සේවා සමුපකාර සමිතිය - 01 - අඹගහපැලැස්ස බැංකු ශාඛාව

සීමාසහිත මහනුවර විවිධ සේවා සමුපකාර සමිතිය - 02 -  නුවරවෙල බැංකු ශාඛාව 01

මාවිල්මඩ බැංකු ශාඛාව 01

සීමාසහිත තලාතුඔය මාරස්සන විවිධ සේවා සමුපකාර සමිතිය - 01 - ගුරුදෙණිය බැංකු ශාඛාව.

සීමාසහිත උඩුනුවර විවිධ සේවා සමුපකාර සමිතිය - 01 - පමුණුව බැංකු ශාඛාව

මේ කියන බැංකු ශාඛා 5හි මූල්‍ය වංචා පිළිබඳව වාර්තා වී ඇති බව දන්වා තිබෙනවා.

(iii) නැත.

(iv) නැත.

(v) මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් කළ විශේෂ පරීක්ෂණ මඟින් අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් හා සමුපකාර සමිති මඟින් කළ පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව 1982 අංක 12 දරන පනත යටතේ පැමිණිලි කිරීම, අධිභාර කිරීම, තීරක තීන්දු මඟින් අය කර ගැනීමට කටයුතු කිරීම, 46 (1) පරීක්ෂණ සිදු කිරීම මඟින් අනාවරණය වූ වංචා සඳහා නඩු පැවරීම සිදු කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks