E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1362/ 2025 - ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1362/2025

      ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මුලතිව්, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල සිද්ධ වෛද්‍ය සේවාව සපයන වෛද්‍ය මධ්‍යස්ථාන එක්‌ එක්‌ දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

                   (ii)      එම වෛද්‍ය මධ්‍යස්ථානවල අනුමත සේවක සංඛ්‍යාව අනුව, දේශීය වෛද්‍යවරුන් සඳහා දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක්‌ එක්‌ දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඉහත දිස්ත්‍රික්ක තුනෙහි දේශීය වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, උතුරු පළාතේ අනෙකුත් ප්‍රදේශවල දේශීය වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් පවතින බවත් දන්නේද;

       

       

      (iv) එසේ නම්, වන්නි දිස්ත්‍රික්කයේ ජනතාවට දේශීය වෛද්‍ය සේවාව විධිමත්ව ලබා ගත හැකි වන පරිදි දේශීය වෛද්‍යවරුන් සඳහා පවතින පුරප්පාඩු  පිරවීම සඳහා ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග කවරේද;

      (v) නව පත්වීම් ලබා දෙන තෙක් පුරප්පාඩු වැඩි වශයෙන් පවතින ඉහත දිස්ත්‍රික්කවලට අනෙකුත් ප්‍රදේශවල අතිරික්තව සිටින වෛද්‍යවරුන්ට කඩිනමින් ස්ථාන මාරු ලබා දී වෛද්‍ය වෘත්තික ව්‍යාප්තිය විධිමත් කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේනම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-11-21

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks