04

E   |     |  

 දිනය: 2025-11-21   පිළිතුර ලබා දී ඇත 

1362/2025: මුලතිව්, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල සිද්ධ වෛද්‍ය සේවාව සපයන වෛද්‍ය මධ්‍යස්ථාන: වෛද්‍ය පුරප්පාඩු

1362/2025

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මුලතිව්, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල සිද්ධ වෛද්‍ය සේවාව සපයන වෛද්‍ය මධ්‍යස්ථාන එක්‌ එක්‌ දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

             (ii)      එම වෛද්‍ය මධ්‍යස්ථානවල අනුමත සේවක සංඛ්‍යාව අනුව, දේශීය වෛද්‍යවරුන් සඳහා දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක්‌ එක්‌ දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත දිස්ත්‍රික්ක තුනෙහි දේශීය වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, උතුරු පළාතේ අනෙකුත් ප්‍රදේශවල දේශීය වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් පවතින බවත් දන්නේද;

 

 

(iv) එසේ නම්, වන්නි දිස්ත්‍රික්කයේ ජනතාවට දේශීය වෛද්‍ය සේවාව විධිමත්ව ලබා ගත හැකි වන පරිදි දේශීය වෛද්‍යවරුන් සඳහා පවතින පුරප්පාඩු  පිරවීම සඳහා ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග කවරේද;

(v) නව පත්වීම් ලබා දෙන තෙක් පුරප්පාඩු වැඩි වශයෙන් පවතින ඉහත දිස්ත්‍රික්කවලට අනෙකුත් ප්‍රදේශවල අතිරික්තව සිටින වෛද්‍යවරුන්ට කඩිනමින් ස්ථාන මාරු ලබා දී වෛද්‍ය වෘත්තික ව්‍යාප්තිය විධිමත් කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-21

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)

 

දිස්ත්‍රික්කය

වෛද්‍ය මධ්‍යස්ථානය

වවුනියාව

ආයුර්වේද මූලික රෝහල - වවුනියාව ග්‍රාමීය ආයුර්වේද රෝහල - නැදුන්කර්නි ග්‍රාමීය ආයුර්වේද රෝහල - සෙට්ටිකුලම් ග්‍රාමීය ආයුර්වේද රෝහල - ඉරට්පෙරියකුලම් ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - මඩුකන්ද ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - වවුනියා නගරය

මුලතිව්

දිස්ත්‍රික් ආයුර්වේද රෝහල - මුලතිව් ග්‍රාමීය ආයුර්වේද රෝහල - යෝගපුරම් ග්‍රාමීය ආයුර්වේද රෝහල - මුල්ලියවලායි ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - වැලිඔය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - විසුවමඩුව

මන්නාරම

දිස්ත්‍රික් ආයුර්වේද රෝහල - මන්නාරම ග්‍රාමීය ආයුර්වේද රෝහල - තල්වුප්පඩු ග්‍රාමීය ආයුර්වේද රෝහල - පෙරියමඩු ග්‍රාමීය ආයුර්වේද රෝහල - පේසලායි ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - මඩු

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii)  එක් එක් දිස්ත්‍රික්කය අනුව දැනට පවතින පුරප්පාඩු

 දිස්ත්‍රික්කය

 ආයතනය  

තනතුරු නාමය    

ආයුර්වේද වෛද්‍ය නිලධාරි    

අනුමත සංඛ්‍යාව

දැනට සිටින සංඛ්‍යාව

පුරප්පාඩු/ අතිරික්ත

 

ආයුර්වේද මූලික රෝහල - වවුනියාව

10

09

01

 

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - නැදුන්කර්නි

01

01

00

වවුනියා

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - චෙඩ්ඩිකුලම්

02

01

01

 

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - ඉරට්ටපෙරියකුලම්

02

02

00

 

ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - මඩුකන්ද

01

01

00

 

ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - වවුනියා නගරය

01

01

00

 

එකතුව

17

15

02

 

දිස්ත්‍රික් ආයුර්වේද රෝහල - මුලතිව්

05

05

00

 

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - යෝගපුරම්

01

01

00

මුලතිව්

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - මුල්ලියවලායි

01

02

-01

 

ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - වැලි ඔය

01

01

00

 

ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - විසුවමඩු

01

01

00

 

එකතුව

09

10

-01

 

දිස්ත්‍රික් ආයුර්වේද රෝහල - මන්නාරම

05

06

-01

 

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - තල්වුපාඩු

02

01

01

සංඛ්‍යාව මෙසේයි.

 

 

මන්නාරම

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - පෙරියමඩු

02

02

00

 

ග්‍රාමීය ආයුර්වේද රෝහල  - පේසලායි

01

01

00

 

ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව - මඩු

01

01

00

 

එකතුව

11

11

00

 

  (iii) වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක තුනෙහි ආයුර්වේද වෛද්‍ය නිලධාරි පුරප්පාඩු ප්‍රමාණය සමස්තයක් ලෙස සලකා බැලීමේදී නව ආයුර්වේද වෛද්‍ය නිලධාරින් බඳවා ගැනීමත් සමඟම මේ වන විට ඒ පුරප්පාඩු සම්පූර්ණ කරලා තිබෙනවා.

  (iv)  ගරු මන්ත්‍රීතුමනි, අපි 2025 නොවැම්බර් 03 දිනැතිව ආයුර්වේද වෛද්‍ය නිලධාරින් 303කට අලුතෙන් පත්වීම් ලබා දුන්නා. මෙයින් 41ක් උතුරු පළාතට අනුයුක්ත කරලා තිබෙනවා. ඒ 41දෙනා පළාත් සභාවට 36ක් හැටියටත්, රේඛීය අමාත්‍යාංශයේ රෝහල්වලට 5ක් හැටියටත් තමයි අනුයුක්ත කරලා තිබෙන්නේ. ඇත්තටම අපි ඒ තැන්වල තිබෙන පුරප්පාඩුවලටත් වඩා ලබා දීලා තිබෙනවා.

  (v) නව පත්වීම් ලබා දීමත් සමඟ ආයුර්වේද වෛද්‍ය වෘත්තික ව්‍යාප්තිය විධිමත් වී ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks