01

E   |     |  

 දිනය: 2025-10-24   පිළිතුර ලබා දී ඇත 

1358/2025: සමාජ සේවා දෙපාර්තමේන්තුව: ආබාධිතයන් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන

1358/2025

ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ආබාධිත පුද්ගලයන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) එම මධ්‍යස්ථානවල මේ වනවිට පුහුණුව ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඉහත මධ්‍යස්ථානවලට සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදය කවරේද;

(iv) එම මධ්‍යස්ථාන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව කොපමණද;

(v) වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා එම මධ්‍යස්ථානවලට වාර්ෂිකව ලැබෙන අයදුම්පත්‍ර සංඛ්‍යාව කොපමණද;

(vi) එම අයදුම්පත්‍ර අනුව බඳවා ගනු ලබන සිසුන් හැර ඉතිරි සිසුන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පරිදි පුහුණුකරුවන් සිටින්නේද;

(ii) නොඑසේ නම්, නව පුහුණුකරුවන් බඳවාගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) ඉහත මධ්‍යස්ථාන  පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වෘත්තීය පුහුණු ආයතන එකොළහක් ක්‍රියාත්මක වේ.

              (ii)     

අනු අංකය

වෘත්තීය පුහුණු ආයතනය

2025 වර්ෂයේ අගෝස්තු මාසය වන විට ‍ඉගෙනුම ලබන අභ්‍යාසලාභීන් සංඛ්‍යාව

1

අමුණුකුඹුර

64

2

කලවාන

23

3

කැටවල

47

4

මඩකලපුව

20

5

කිලිනොච්චි

27

6

තෙළඹුයාය

82

7

සීදූව

83

8

වත්තේගම

94

9

තෝලංගමුව

6

10

රාගම

30

11

මාදම්පෙ

20

එකතුව

496

(iii) අයදුම්පත් කැඳවීම සහ බඳවා ගැනීම් සම්බන්ධ තොරතුරු, පුවත්පත් දැන්වීමක් ලෙස සිංහල, ඉංග්‍රීසි හා දමිළ මාධ්‍යවලින් තිනකරන්, සන්ඩේ ඔබ්සර්වර් සහ සිළුමිණ යන පුවත්පත්වල පළ කිරීමට කටයුතු කෙරේ.

                        බඳවා ගැනීම සඳහා අදාළ චක්‍රලේඛය දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෘත්තීය පුහුණු ආයතන, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු, උපකෘත පාසල් හා ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ස්වේච්ඡා සංවිධාන ඇතුළු අදාළ ආයතන වෙත යොමු කිරීමත් සම්පූර්ණ කරන ලද අයදුම්පත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස දැනුම් දීමත් සිදු කෙරෙනු ලැබේ.

ඉන් පසුව, ලැබෙන අයදුම්පත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ලේඛනගත කරන අතර, අයදුම්කරුවන් සඳහා එක් එක් දිස්ත්‍රික්ක අනුව තෝරා ගත් මධ්‍යස්ථානවලදී යෝග්‍යතා පරීක්ෂණ පවත්වනු ලබයි. යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු හා ආයතනවල ධාරිතාව අනුව තේරීම් කමිටුවක් හරහා අභ්‍යාසලාභීන් තෝරා ගැනීම සිදු කෙරෙන අතර, තෝරාගත් අභ්‍යාසලාභීන් සඳහා වර්ෂ ආරම්භයේදී දිශානති වැඩසටහනක් පවත්වා පාඨමාලා ආරම්භ කරනු ලැබේ.

(iv)

ධාරිතාව

1

අමුණුකුඹුර

90

2

කලවාන

26

3

කැටවල

60

4

මඩකලපුව

40

5

කිලිනොච්චිය

45

6

තෙළඹුයාය

128

7

සීදූව

130

8

වත්තේගම

100

9

තෝලංගමුව

15

10

රාගම

45

11

මාදම්පෙ

40

එකතුව

719

(v)            

අනු අංකය

වර්ෂය

ලැබුණු අයදුම්පත්‍ර සංඛ්‍යාව

යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වූ සංඛ්‍යාව

1

2023

1409

1287

2

2024

2038

1294

3

2025

1898

1341

(vi) බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන් හැර ඉතිරි අයදුම්කරුවන්ගේ පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධනය කර ඔවුන් නැවත වෘත්තීය පුහුණුව ලැබීම සඳහා සංවර්ධනය කිරීමේ අමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන කොට්ටාව පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.

                        එමෙන්ම, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා සමාජ සේවා නිලධාරින්ගේ මැදිහත්වීම මත ආරම්භ කර පවත්වාගෙන යනු ලබන කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන වෙත ද මොවුන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වේ.

එමෙන්ම, ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන යටතේ මොවුන් සඳහා වෙන් වෙන් වශයෙන් පුනරුත්ථාපන සැලසුම් සකස් කර අවශ්‍ය සේවාවන් වෙත යොමු කිරීමට ද මේ වන විට කටයුතු කෙරෙමින් පවතී.

(ආ) (i) ප්‍රමාණවත් නොමැත.

(ii) වෘත්තීය පුහුණු උපදේශකරුවන් බඳවා ගැනීමට අදාළ බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කර අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

පවතින බඳවා ගැනීමේ පටිපාටියෙහි නව පාඨමාලා ඇතුළත් නොවීම, වර්තමාන රැකියා වෙළෙඳ පළට ගැළපෙන නව වෘත්තීය පුහුණු පාඨමාලා අරම්භ කිරීමට සිදුවීම යන කරුණු මත මේ වන විට පාඨමාලා නවීකරණය කරමින් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, පාඨමාලා අනුව වෘත්තීය පුහුණු උපදේශකවරුන් බඳවා ගැනීමක් සිදු නොකිරීම සඳහා (උදා: වෘත්තීය පුහුණු උපදේශක - බතික්, වෘත්තීය පුහුණු උපදේශක - ටේලරින් ශිල්පය) වෘත්තීය උපදේශක යන පොදු නාමයකින් බඳවා ගැනීමට අවශ්‍ය පරිදි බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කෙරේ.

(iii) වෘත්තීය පුහුණු ආයතන එකොළහ සඳහා 2025 වර්ෂයට අදාළ දළ ඇස්තමේන්තුගත වියදම රු. 512,460,399.32කි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks