පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1351/2025
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු පළාතේ ජනතාවගේ ජීවනෝපායට මහත් රුකුලක් වන තල්ගස ශ්‍රී ලංකාවේ වැදගත් ශාකයක් ලෙස පිළිගැනීමට පියවර ගෙන තිබේද;
(ii) නොසැලකිලිමත්කම, නාගරීකරණය හා වන විනාශය හේතුවෙන් තල්ගස් විනාශ වීම වැළක්වීමට ගෙන ඇති පියවර කවරේද;
(iii) උතුරු පළාතේ තල් වගා කිරීම ව්‍යාප්ත කිරීමට විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේද;
(iv) සෙසු පළාත්වලද තල් වගා කිරීමට කටයුතු කරන්නේද;
(v) තල් වගාව ව්‍යාප්ත කිරීමට පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාමූල සංවිධාන සම්බන්ධ කර ගන්නේද;
(vi) තල් වගා කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන්නේද;
(vii) තල් සම්බන්ධයෙන් සංවර්ධන කොමිසමක් පිහිටුවන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) තල් ආශ්‍රිත කුඩා කර්මාන්ත, ග්‍රාමීය ආයතන හා කාන්තා සමුපකාර සමිති දිරිගැන්වීමට ගෙන ඇති පියවර කවරේද;
(ii) තල් ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(iii) එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks