01

E   |     |  

 දිනය: 2025-12-05   පිළිතුර ලබා දී ඇත 

1349/2025: වී අලෙවි මණ්ඩලය: 2020-2024 දක්වා වී මිලදී ගැනීම

1349/2025

ගරු උපුල් කිත්සිරි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2020 වර්ෂයේ සිට 2024 දක්වා වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      2025 වර්ෂය තුළදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය සහ ඒ සඳහා එම මණ්ඩලයට වෙන් කරනු ලබන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට රජය විසින් මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදී තිබේද;

(iv) වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලබන වී ප්‍රමාණය වෙළඳපොලට නිකුත් කිරීමට නිසි යාන්ත්‍රණයක් සකස් කර තිබේද;

(v) ඉදිරි කන්නයේ වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-12-05

අසන ලද්දේ

ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

 

වර්ෂය

විස්තරය

ණය මුදල  (රුපියල් මිලියන)

2020

ලංකා බැංකුව

3,390.0

 

මහජන බැංකුව

1,840.0

 

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

50.0

2021

ලංකා බැංකුව

2,500.0

 

මහජන බැංකුව

1,500.0

2022

ලංකා බැංකුව

6,500.0

2023

‍ගොවි භාරකාර අරමුදල

250.0

2024

ගොවි භාරකාර අරමුදල

100.0

 

භාණ්ඩාගාරය (රේඛීය අමාත්‍යාංශය හරහා)

577.0

2025

භාණ්ඩාගාරය (රේඛීය අමාත්‍යාංශය හරහා)

6,308.5

මුළු එකතුව

23,015.5

 

(ii) මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය - මෙට්‍රික් ටොන් 48,000

වෙන් කරන ලද මුදල -  රුපියල් මිලියන 6,000

(iii) ඔව්. භාණ්ඩාගාරය විසින් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිල දී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් ලබා දෙනු ලැබේ.

(iv) ඔව්. වී අලෙවි මණ්ඩලය මඟින් මිල දී ගන්නා වී තොගවලින් කොටසක් ආරක්ෂිත තොගයක් ලෙස තබා ඉතිරි වී තොග වෙළෙඳ පොළ අවශ්‍යතාව පරිදි සුළු හා මහා පරිමාණ වී මෝල් හිමියන් හරහා සහල් බවට පත් කර ලංකා සතොස සහ සමුපකාර ජාලය හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීමේ යන්ත්‍රණයක් සකස් කර ඇත.

(v) නැත.

(ආ) (අ) (v) වන කොටස සඳහා රජය විසින් වී මිලදී ගැනීමේ අරමුණ වන්නේ ආරක්ෂිත වී තොගයක් පවත්වා ගැනීම සහ වී ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීමයි.

ඉදිරියේදී මේ අරමුණු සාර්ථකව ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් වී තොග වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනීමටත්, වී තොග රැස් කිරීම නියාමනයටත් වී අලෙවි මණ්ඩලය ක්‍රියා කරන බැවින් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව වී මිලදී ගැනීමේ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් නොමැත.

 

පිළිතුරු දුන් දිනය

2025-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks