01

E   |     |  

 දිනය: 2025-11-24   පිළිතුර ලබා දී ඇත 

1348/2025: Statistics in grades of Principal service

1348/2025

ගරු උපුල් කිත්සිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II සහ III යන එක් එක් ශ්‍රේණියේ මේ වනවිට සේවය කරනු ලබන සංඛ්‍යාව සහ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) 2025.09.30 දින වනවිට වයස අවුරුදු 57 සම්පූර්ණ කරන ලද විදුහල්පතිවරුන් සංඛ්‍යාව ඉහත සඳහන් එක් එක් ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට වැඩ ආවරණය කරනු ලබන ශ්‍රේණිධාරි නොවන විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඔවුන් සුදුසුකම් අනුව අදාළ ශ්‍රේණිවලට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-24

අසන ලද්දේ

ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks