පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1348/2025
ගරු උපුල් කිත්සිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II සහ III යන එක් එක් ශ්‍රේණියේ මේ වනවිට සේවය කරනු ලබන සංඛ්‍යාව සහ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2025.09.30 දින වනවිට වයස අවුරුදු 57 සම්පූර්ණ කරන ලද විදුහල්පතිවරුන් සංඛ්‍යාව ඉහත සඳහන් එක් එක් ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට වැඩ ආවරණය කරනු ලබන ශ්‍රේණිධාරි නොවන විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන් සුදුසුකම් අනුව අදාළ ශ්‍රේණිවලට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-24
අසන ලද්දේ
ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා නිර්බාධක උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දී ඇති බැවින්, ශ්‍රේණි වශයෙන් පුරප්පාඩු ගණනය කිරීමක් සිදු කර නොමැති අතර, 2025.08.31 දිනට ශ්‍රේණි තුනෙහිම එකතුව වශයෙන් පුරප්පාඩු 3,152ක ප්‍රමාණයක් පවතින බව වාර්තා වී ඇත.
(ii) 2025.09.30 දින වන විට වයස අවුරුදු 57 සම්පූර්ණ කරන ලද විදුහල්පතිවරුන් සංඛ්‍යාව ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම
|
පළාත |
ශ්‍රේණිය |
නිලධාරින් ප්‍රමාණය |
|
බස්නාහිර |
I |
176 |
|
|
II |
86 |
|
|
III |
36 |
|
|
|
298 |
|
මධ්‍යම |
I |
159 |
|
|
II |
80 |
|
|
III |
44 |
|
|
|
283 |
|
දකුණ |
I |
98 |
|
|
II |
54 |
|
|
III |
22 |
|
|
|
174 |
|
උතුර |
I |
97 |
|
|
II |
44 |
|
|
III |
14 |
|
|
|
155 |
|
නැඟෙනහිර |
I |
108 |
|
|
II |
73 |
|
|
III |
18 |
|
|
|
199 |
|
වයඹ |
I |
128 |
|
|
II |
50 |
|
|
III |
16 |
|
|
|
194 |
|
උතුරු මැද |
I |
59 |
|
|
II |
35 |
|
|
III |
13 |
|
|
|
107 |
|
ඌව |
I |
90 |
|
|
II |
43 |
|
|
III |
10 |
|
|
|
143 |
|
සබරගමුව |
I |
82 |
|
|
II |
30 |
|
|
III |
12 |
|
|
|
124 |
|
එකතුව |
|
1677 |
(iii) අවසන් ගණනය කිරීම 2024.04.30 දිනට සිදු කර ඇති අතර, පළාත් බලධාරින්ගේ තොරතුරු වාර්තා අනුව එම ප්‍රමාණය 2,494ක් බවට වාර්තා වී ඇත.
(iv) ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාව අනුව, බඳවා ගැනීමේ තරග විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයක් මඟින් ලබා ගන්නා ලකුණුවල කුසලතා අනුපිළිවෙළ අනුව පවතින පුරප්පාඩු ප්‍රමාණය සඳහා බඳවා ගත යුතුය. ඉන් පරිබාහිරව බඳවා ගනු ලබන්නේ නම්, ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය වේ. මෙම නිලධාරින් අධිසේවක පදනම මත විදුහල්පති තනතුරට පත් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලුවද, ඒ සඳහා එකඟත්වය ලබා දී නොමැත.
නව තරග විභාගයක් පවත්වා පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත. ඒ අනුව, නව බඳවා ගැනීම් සඳහා වන ගැසට් නිවේදනය ඉදිරි සති දෙකක කාලය ඇතුළත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks