01

E   |     |  

 දිනය: 2025-10-24   පිළිතුර ලබා දී ඇත 

1346/2025: ජාත්‍යන්තර සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණ: විස්තර

1346/2025

ගරු උපුල් කිත්සිරි මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන සංඛ්‍යාව කොපමණද;

             (ii)       ජාත්‍යන්තර මට්ටමේ නොවන එහෙත් ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි තණතීරු සහිත මුළු ක්‍රීඩාංගන සංඛ්‍යාව කොපමණද;

(iii) පාසැල් සතු ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි තණතීරු සහිත ක්‍රීඩාංගන සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා අනුග්‍රහයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 07ක් පවතී.

 

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 05ක් පවතී.
    • ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - කොළඹ
    • ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - ගාල්ල
    • පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - පල්ලේකැලේ
    • රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - දඹුල්ල
    • මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - හම්බන්තොට
  • ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා භාවිත වන ප්‍රධාන ‍ක්ලබ් ක්‍රීඩාංගණ 02ක් පවතී.
    • සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණය  - Sinhalese Sports Club Cricket Ground
    • පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගණය - P. Sara Oval Cricket Ground
  • මීට අමතරව යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 02ක් ඉදිකිරීමට නියමිතය.
    • කොළඹ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - දියගම
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය - යාපනය

 

(ii) පාසල් ක්‍රීඩාපිටි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති පෞද්ගලික වශයෙන් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩාංගණ හැර ටර්ෆ් -  turf - පිච් සහ ග්‍රේවල් තණ තීරුවලින් සමන්විත ක්‍රිකට් ක්‍රී‍ඩාංගණ දිවයින පුරා පවතී. එයට ප්‍රධාන ක්‍රීඩා සමාජ සතු ක්‍රිකට් ක්‍රීඩාංගණ, හමුදාව සතු ක්‍රීඩාංගණ, ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික සමාජ සතු ක්‍රීඩාංගණ, ටර්ෆ් විකට් ඇති මහජන ක්‍රීඩාංගණ සහ ජාතික ක්‍රීඩාංගණ ඇතුළත් වේ. (‍ටර්ෆ් - turf - පිච් ලැයිස්තුව ඇමුණුම 01 මඟින් සහ ග්‍රැවල් තණ තීරුවලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ අමුණුම 02 මඟින් දක්වා ඇත.)

(iii) ටර්ෆ් - turf - විකට් (තණ තීරු) සහිත පාසල් ක්‍රීඩාංගණ ලැයිස්තුව ඇමුණුම 03 මඟින් දක්වා ඇති අතර, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සතු ක්‍රීඩාංගණ ලැයිස්තුව ඇමුණුම 04 මඟින් දක්වා ඇත.

             (iv)            ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව     සංවර්ධනය කිරීම හා උසස් කිරීම සඳහා සක්‍රිය     වශයෙන් දායකත්වය ලබා දෙමින් පවතී. මෙම අරමුණ සාර්ථක කරගැනීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.5ක මූල්‍යමය ප්‍රතිපාදන සලසමින් එකී ක්‍රීඩා සංවර්ධන කටයුතු, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හරහා සිදු කරනු ලබයි. මෙම සංවර්ධන කටයුතු පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් සඳහා ක්‍රීඩා ආම්පන්න ලබා දීම, පුහුණු සැසි සහ ආධාර ලබා දීම සහ ක්‍රීඩා තරග පැවැත්වීම යනාදි පුළුල් පරාසයක පාසල් ක්‍රිකට් ක්‍රීඩා‍වේ සංවර්ධනයට දායක වී සිටී.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks