01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1329/2025: මොනරාගල දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල්: පුරප්පාඩු

1329/2025

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම රෝහල් මඟින් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදු කරන බව පිළිගන්නේද;

  (iii)  මේ වනවිට එම රෝහල්වල පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

  (iv)  එම රෝහල් තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් කාර්ය මණ්ඩලය අනුමත කරන ලද ආයුර්වේද රෝහල් සංඛ්‍යාව - 02

1. බිබිල, මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල

2. කිරිඉබ්බන්වැව ග්‍රාමීය ආයුර්වේද රෝහල

ආයතනික නාම සංශෝධනය නොවූ සහ ග්‍රාමීය ආයුර්වේද රෝහල් ලෙස කාර්ය මණ්ඩල අනුමත නොවූ ආයුර්වේද රෝහල් සංඛ්‍යාව - 02  (කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස කාර්ය මණ්ඩලය අනුමත කර ඇති අතර මේ වනවිට ග්‍රාමීය ආයුර්වේද රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කර ඇත.)

1. බුත්තල ග්‍රාමීය ආයුර්වේද රෝහල 

2. වැලියාය ග්‍රාමීය ආයුර්වේද රෝහල

         (ii)       ඔව්.

                         2025 ජනවාරි සිට අගෝස්තු දක්වා ප්‍රතිකාර ගනු ලැබූ රෝගීන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.

  (iii)

ආයුර්වේද රෝහල

තනතුර

අනුමත සේවක සංඛ්‍යාව

සිටින සේවක සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

බිබිල මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල

ආයුර්වේද වෛද්‍ය අධිකාරි

 1

 0

 1

ආයුර්වේද වෛද්‍ය නිලධාරි (කොන්ත්‍රාත්)

 3

 1

 2

හෙද නිලධාරි

 4

 0

 4

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ

 1

 0

 1

සම්බාහනකරු

 4

 1

 3

උපස්ථායක

15

 7

 8

ඕවර්සියර්

 1

1 (2025.09.06 විශ්‍රාම)

ටිකට් ලිපිකරු

 2

 0

 2

ඖෂධ සංයෝජක

 2

 1

 1

සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය)

14

 2

12

බෙහෙත් ශාලා කම්කරු

  2

 0

 2

එකතුව

49

13

36

ආයුර්වේද රෝහල

තනතුර

අනුමත සේවක සංඛ්‍යාව

සිටින සේවක සංඛ්‍යාව

පුරප්පාඩු සංඛ්‍යාව

කිරිඉබ්බන්වැව ග්‍රාමීය ආයුර්වේද රෝහල

හෙද නිලධාරි

  3

0

  3

 

භෛසජ්ජක

  1

0

  1

 

සම්බාහනකරු

  2

0

  2

 

උපස්ථායක

  6

3

  3

 

සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය)

  6

0

  6

 

බෙහෙත් ශාලා කම්කරු

  2

1

  1

 

එකතුව

20

4

16

(iv) කිරිඉබ්බන්වැව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම ඇතුළුව අලුත්වැඩියා කටයුතු කිහිපයක් තිබෙනවා. ඒකට මිලියන 12ක ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශය පුළුල් කිරීමත් ඇතුළුව මිලියන 17.08ක ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. බුත්තල ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. අපි ඒ වෙනුවෙන් මිලියන 18.73ක් වැය කරමින් ඉන්නේ. ඊට අමතරව වැලියාය ග්‍රාමීය ආයුර්වේද රෝහල වෙනුවෙන් මිලියන 3ක පොඩි ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් තමයි ගරු මන්ත්‍රීතුමනි, සිදු කරමින් පවතින්නේ. මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් ඇමුණුමක් තිබෙනවා. මා එය  සභාගත* කරනවා.

ඊට අමතරව කාර්ය මණ්ඩල ප්‍රශ්නයේදී, අපි දැන් සෞඛ්‍ය කාර්ය සහායකයන් බඳවා ගැනීමේදී රේඛිය අමාත්‍යාංශවලට ලබා දුන්නාම අපට පුළුවන්කමක් ලැබෙනවා පළාත් සභාවලටත්, ආයුර්වේදයටත් යම් ප්‍රමාණයක් යොමු කරන්නට.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks