පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1326/2025
ගරු සුජීව දිසානායක මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු බන්ධනාගාරය කවරේද;
(ii) එම බන්ධනාගාරය ආරම්භ කරන ලද අවස්ථාවේදී එහි රඳවන ලද රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බන්ධනාගාර සංඛ්‍යාව කොපමණද;
(iv) ඒවා කවරේද;
(v) එම එක් එක් බන්ධනාගාරයේ මේ වනවිට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව ස්ත්‍රී හා පුරුෂ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) බන්ධනාගාරයක් තුළ එක් රැඳවියෙක් වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වයඹ පළාතේ ඇති විශාලතම බන්ධනාගාරය කවරේද;
(ii) එහි රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව කොපමණද;
(iii) 2025 අගෝස්තු මාසයේ එම බන්ධනාගාරයේ එක් දිනක රඳවා සිටි රැඳවියන්ගේ සාමාන්‍ය අගය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-21
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වැලිකඩ බන්ධනාගාරය වර්ෂ 1844දී පිහිටුවන ලදී.
(ii) ඒ සඳහා දත්තයන් නොමැත.
(iii) ඇමුණුම 01 යටතේ දක්වා ඇත.
(iv) ඇමුණුම 01 යටතේ දක්වා ඇත.
ඇමුණුම 01 සභාගත* කරමි.
(v) ඊට අදාළ දත්ත පත්‍රිකාව මට ලැබුණා. එය ඇමුණුම 02 යටතේ දක්වා ඇත.
ඇමුණුම 02 සභාගත* කරමි.
(vi) සිර කුටියක (cell) වර්ග මීටර 5.4 (එක් අයෙකුට)
සිර කුටියක (cell) වර්ග මීටර 3.4 ( එක් අයෙකුට වැඩි නම්)
ශාලාවක (ward) වර්ග මීටර 3.5 (එක් අයෙකුට)
(ආ) (i) වාරියපොළ බන්ධනාගාරය.
(ii) 418කි.
(iii) සාමාන්‍ය 1,636කි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks