පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1321/2025
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ආබාධ සහිත සිසුන් ඉගෙනුම ලබන විශේෂ පාසැල් සංඛ්‍යාව;
(ii) ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් සංඛ්‍යාව ආබාධිතභාවය අනුව වෙන් වෙන් වශයෙන්;
(iii) එම විශේෂ පාසැල්වල සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව;
(iv) ඒවායේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව;
(v) ශ්‍රී ලංකාවේ ඇති විශේෂ අධ්‍යාපන ඒකක සංඛ්‍යාව;
(vi) ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් සංඛ්‍යාව ආබාධිතභාවය අනුව වෙන් වෙන් වශයෙන්;
(vii) එම ඒකකවල සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව;
(viii) ඒවායේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විශේෂ අධ්‍යාපන ගුරු පත්වීම් ලැබ වෙනත් විෂයයන් උගන්වන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගුරුවරුන් විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේම සේවා නියුක්ත කරවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
(iii) විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වන්නේද;
(iv) ඒවා පවත්වනු ලබන ආයතන කවරේද;
(v) විශේෂ අධ්‍යාපනයට අදාළ පනත් යාවත්කාලීන කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
(vi) විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්තිමය තීරණ කවරේද;
යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උපකෘත විශේෂ පාසල් - 27
(ii) ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් සංඛ්‍යාව ආබාධිතභාවය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01** මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) එම විශේෂ පාසල්වල සේවය කරන,
ස්ථිර ගුරුවරුන් සංඛ්‍යාව - 356
ස්වේච්ඡා ගුරුවරුන් සංඛ්‍යාව - 42
(iv) ඒවායේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 49
(v) විශේෂ අධ්‍යාපන ඒකක සහිත ජාතික පාසල් සංඛ්‍යාව - 114
විශේෂ අධ්‍යාපන ඒකක සහිත පළාත් පාසල් සංඛ්‍යාව - 765
(vi) ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් සංඛ්‍යාව ආබාධිතභාවය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02** මඟින් ඉදිරිපත් කර ඇත.
(vii) විශේෂ අධ්‍යාපන ඒකකවල උගන්වන මුළු ගුරුවරුන් සංඛ්‍යාව - 1,456
(viii) ජාතික පාසල් ගුරු පුරප්පාඩු - 17
පළාත් පාසල් ගුරු පුරප්පාඩු - 308
(ආ) (i) දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව සේවයේ නොයෙදෙන ගුරුවරුන් - 108
(ii) විශේෂ අධ්‍යාපනය විෂයක් ලෙස පත්වීම් ලැබ වෙනත් විෂයන් උගන්වන ගුරුවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 42/2012 මඟින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත. එමෙන්ම ED/9/18/8/1 අංකය දරන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ගාල්ල වෙත 2024.08.26 දිනැති ලිපිය හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දකුණ වෙත 2024.08.05 දිනැති ලිපි මඟින් ද දැනුවත් කර ඇත. ඒ අනුව මේ වන විට ගුරුවරුන් නැවත සේවයේ යොදවා ඇත. එසේම විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නොයෙදෙන ගුරුවරුන් පිළිබඳ තොරතුරු පළාත් විෂය අධ්‍යක්ෂවරුන්ගෙන් ලබා ගත් අතර, එම ගුරුවරුන් වහාම නිදහස් කර විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේම සේවයේ යොදවන ලෙස දන්වා ED/9/18/8/1 අංකය දරන 2025.07.14 දිනැති අධ්‍යාපන ලේකම්තුමාගේ අත්සනින් යුතු ලිපිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත. ED/9/18/8/1 අංකය දරන 2025.08.27 දිනැති ලිපිය මඟින් විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නොයෙදෙන ගුරුවරුන් සඳහා පාසලක් නිර්දේශ කර එවන ලෙස දන්වා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් ද යොමු කර ඇත.
(iii) ඔව්.
(iv) ජාතික අධ්‍යාපන ආයතනය - NIE, විවෘත විශ්වවිද්‍යාලය - OUSL, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන ශාඛාව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාල
(v) · 2020.12.03 දිනැති අංක 37/2020 දරන චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය
· 2022.09.08 දිනැති අංක 33/2022 දරන විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය
· 2024.01.31 දිනැති අංක 02/2024 දරන පාසල් යටිතල පහසුකම් සහ පාරිසරික සැකැස්ම පිළිබඳ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය
· අධ්‍යාපනය සඳහා සාධාරණ ඉඩහසරක් අන්තර්කරණ අධ්‍යාපන මාර්ගෝපදේශය
· විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් හඳුනා ගැනීම සහ අධ්‍යාපනික මැදිහත්වීම
· අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශය ii.
· 2025.07.30 දිනැති අංක 01/2025 දරන චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය
(vi) · අදාළ විෂයන් විශේෂ අවශ්‍යතා සහිත ළමයින්ට සුදුසු පරිදි අනුවර්තිතව සකස් කිරීම සහ ඊට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතී.
· ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලා ප්‍රතිසංස්කරණ සඳහා අන්තර්කරණ අධ්‍යාපනය හඳුන්වා දීම මෙවර සිදු කරමින් පවතී. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ට විශේෂයෙන් අවධානය යොමු කරමින් පාඩම් ප්‍රවේශ හඳුන්වා දෙමින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තැන් පිළිබඳව ගුරුවරයාව දැනුවත් කිරීම අලුත් ප්‍රතිසංස්කරණයට එකතු වීමට නියමිත වේ. එමෙන්ම පුහුණු වැඩමුළුවලදී සිංහල භාෂාව, ගණිතය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍රයන්ට මෙවර අන්තර්කරණ ප්‍රවේශය හඳුන්වා දීමට නියමිත වේ. UDL- Universal Design for Learning - ක්‍රමවේදය තුළින් ළමයාට වඩාත් පහසුවෙන් ක්‍රියාකාරකම් හඳුන්වා දීමට මැදිහත්වීම මෙහි අරමුණ වේ.
· පාසලේ ප්‍රවේශ පහසුකම් විධිමත් කිරීම, පන්ති කාමර සැලසුම් ළමයාට සුබදායක අයුරින් සැකසීම මෙන්ම වාචිකව පිළිතුරු සැපයීම වැනි අවස්ථා හඳුන්වාදීමත් බලාපොරොත්තු වේ.
· සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පුහුණු වැඩමුළු 54, සම්පත් දායකයින් ISA, ADE, Principal and Teachers 2800 පුහුණු කිරීම ආරම්භ කර ඇති අතර මේ වන විට පුහුණු වැඩමුළු 20කට අන්තර්කරණය හඳුන්වා දී ඇත. ඔක්තෝබර් අවසානයේ සියලු පුහුණු කටයුතු අවසන් කිරීමට නියමිතයි.
· Curriculum Guideline යනුවෙන් විෂය මාලාව හඳුන්වා දීමට අත්වැලක් සහිත පොතක් නිර්මාණය කර ආයතන සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.
· පවතින මොඩියුල් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දීම අන්තර්කරණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks