පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1320/2025
ගරු ඒ. එම්. එම්. එම්. රත්වත්තේ මහත්මිය,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් දුරකථන සමාගම් සඳහා මහවැලි-සී කලාපයේ, දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාසය තුළ ඉදිකිරීමට අනුමතිය ලබාදී ඇති දුරකථන සන්නිවේදන කුලුනු සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබාදී තිබේ නම්, එම ඉඩම් ලබා දුන් ක්‍රමවේදය කවරේද;
(iii) පුද්ගලයකු වෙත බැහැර කර ඇති රජයේ ඉඩමක ඉදිකර ඇති දුරකථන කුලුනකට අදාළ ඉඩම් කොටසේ වටිනාකමට හිමිකම් කීමට අදාළ පුද්ගලයාට ක්‍රමවේදයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නවමැදගම කොට්ඨාසයේ කාර්මික කටයුතු සඳහා වෙන් කරන ලද ඉඩමේ කොටසක් බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා බැහැර කර තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් කොටසේ විශාලත්වය කොපමණද;
(iii) එම බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වෙන් කරන ලද ඉඩම් කොටස ආසන්නයේ ඉදිකරන ලද ඩයලොග් සමාගමේ සන්නිවේදන කුලුනට අදාළ බදු මුදල් නිසි පරිදි අයකර ගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දුරකථන කුලුනු 16ක් ඉදිකර ඇත. එම දුරකථන කුලුනු කොට්ඨාස වශයෙන් පහත පරිදි වේ.
සඳුන්පුර කොට්ඨාසය - කුලුනු 06
මැදගම කොට්ඨාසය - කුලුනු 05
සිරිපුර කොට්ඨාසය - කුලුනු 03
මහවනාවෙල කොට්ඨාසය - කුලුනු 02
(ii) යෝජිත ස්ථානය සඳහා දුරකථන කුලුනක් ඉදිකිරීමට අදාළව භෞතික සැලසුම් කමිටු නිර්දේශය හා රේඛීය ආයතනයන්හි නිර්දේශ සමඟ පළමුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කිරීම සිදු වේ. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හා විෂයභාර අමාත්‍යතුමාගේ විධිමත් බදු අනුමැතිය ලැබීමෙන් අනතුරුව භාර දීමේ වාර්තාවක් හරහා අදාළ ආයතනය වෙත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය ලබා දේ. පසුව රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝ කාලීන බදු පදනම මත දීර්ඝ කාලීන බදුකරයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකෙරේ.
මේ දුරකථන කුලුනු 16හිම තත්ත්වය - ඉඩම බුක්තියට දීලාද, බදු අනුමැතිය ඇවිල්ලාද කියන එක - සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් මෙම පිළිතුරෙහි අන්තර්ගත කර තිබෙනවා ගරු මන්ත්‍රීතුමියනි.
සදුන්පුර කොට්ඨාසය - දුරකථන කුලුනු 06
මැදගම කොට්ඨාසය - දුරකථන කුලුනු 05
සිරිපුර කොට්ඨාසය - දුරකථන කුලුන 03
මහවනාවෙල කොට්ඨාසය - දුරකථන කුලුනු 02
(iii) පුද්ගලයෙකු වෙත බැහැර කර ඇති ඉඩමක දුරකථන කුලුනක් ඉදි කරන අවස්ථාවක 2/1/65/චක්‍රලේඛ/2021 හා 2021.12.30 චක්‍රලේඛය ප්‍රකාරව ඉඩමට අදාළ ඉඩමෙහි බලපත්‍රය/දීමනාපත්‍රය නැවත රජයට භාර ගැනීමත්, දුරකථන කුලුන ඉදි කිරීමට යෝජිත බිම් කොටස සඳහා බලපත්‍රකරු/දීමනාපත්‍රකරු නමින් දීර්ඝ කාලීන බදුකරයක් ලබා දීමත්, අනතුරුව අදාළ දුරකථන සමාගම වෙත අතුරු බදු දීම සිදු වේ.
(ආ) (i) මුල් සැලසුමෙහි (සැලසුම් අංක 304) "work shop" කාර්යය සඳහා වෙන් කරන ලද කොටසෙහි බෞද්ධ මධ්‍යස්ථානය ඉදි කර ඇති අතර කාර්මික කටයුතු සඳහා වෙනත් ස්ථානයක් වෙන් කර ඇත. එම වෙන් කරන ලද ස්ථානය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ii) අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවමැදගම ගම්මානයේ මු.පි.අම්.4956 පිඹුරෙහි කැබලි අංක 1 දරන ප්‍රමාණයෙන් හෙක්ටෙයාර 0.5635ක් වූ ඉඩම් කොටස
(iii) බදු මුදල් අය කිරීමක් සිදු වී නොමැත.
(ඇ) විධිමත් බදු අනුමැතිය ලැබී නොමැති බැවින් බදු මුදල් අය කිරීමක් සිදු වී නොමැත.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks