පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1317/2025
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ ජීවත් වන මධ්‍යම පාන්තිකයන් සඳහා ඉඩම් ලබා දීමේ වැඩසටහන යටතේ මේ වනවිට ලබාදී ඇති මුළු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(ii) එම ඉඩම් ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම අනුව වෙන් වෙන් වශයෙන් අක්කරවලින් කොපමණද;
(iii) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් දෙවන පාර්ශ්වයන්ට ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iv) එම එක් එක් ඉඩම ලබාදී ඇති දෙවන පාර්ශ්වයේ නම, ඉඩම අයත් වන ග්‍රාම නිලධාරි වසම සහ ඉඩම ලබා දෙන ලද පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දෙවන පාර්ශ්වයන්ට ලබා දෙන ලද ඉහත ඉඩම්වල පසුගිය කාලයේදී රජයේ නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර තිබෙන බව දන්නේද;
(ii) එම නිවාස ඉදිකර ඇති ඉඩම් නිසි පරිදි අදාළ ප්‍රතිලාභීන්ට ලබාදී තිබේද;
(iii) එසේ නම්, ඊට අදාළ ලියකියවිලි මේ වනතෙක් ඔවුන්ට ලබා නොදීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-03
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -
අක්කර: 879 රූඩ්: 02 පර්චස්: 38
වෙංගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - අක්කර: 1,144 රූඩ්: 04 පර්චස්: 24
වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -
අක්කර: 106
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -
අක්කර: 3,859
දිස්ත්‍රික්කයට අදාළව මුළු එකතුව -
අක්කර: 5,989 රූඩ්: 03 පර්චස්: 22
(ii) වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රමාණය |
||
|
|
|
අක්කර |
රූඩ් |
පර්චස් |
|
01. |
අලගල්ල |
10 |
- |
- |
|
02. |
මාමඩුව |
55 |
- |
- |
|
03. |
ඊරට්ටිපෙරියකුලම් |
167 |
06 |
54 |
|
04. |
අක්කර 400 |
19 |
- |
- |
|
05. |
මරදන්මඩුව |
19 |
- |
- |
|
06. |
මහකච්චකොඩිය |
10 |
- |
- |
|
07. |
පූමඩුව |
20 |
- |
- |
|
08. |
පෙරියඋළුක්කුලම |
30 |
- |
- |
|
09. |
රංකෙත්ගම |
10 |
- |
- |
|
10. |
මඩුකන්ද |
511 |
03 |
24 |
වෙංගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අනු අංක |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රමාණය (අක්කර) |
|
01. |
කුරුක්කල්පුදුකුලම් |
අක්කර: 37 රූඩ්: 02 පර්චස්: 04 |
|
02. |
පිරමනාලාන්කුලම් |
අක්කර: 80 |
|
03. |
පෙරියකට්ටු |
අක්කර: 55 |
|
04. |
ක්‍රිෂ්තෝකුලම් |
අක්කර: 972 රූඩ්: 01 පර්චස්: 20 |
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රමාණය (අක්කර) |
|
01. |
වේලර්සින්නකුලම් 220 සී |
195 |
|
02. |
පන්රිකෙයිතකුලම් 01 සී |
95 |
|
03. |
ඕමන්දෙයි 220 ඕ |
150 |
|
04. |
නෙලුක්කුලම් 218 |
640 |
|
05. |
පාලමෝට්ටෙයි 219 ඒ |
85 |
|
06. |
තච්චන්කුලම් 214 ජී |
975 |
|
07. |
පුදුකුලම් 216 |
130 |
|
08. |
නොච්චිමෝට්ටෙයි 215 |
142 |
වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අනු අංක |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රමාණය (අක්කර) |
|
01. |
වන්නිකුලම් |
අක්කර: 48 (යුද හමුදා) |
|
02. |
පුනියන්කුලම් උතුර |
අක්කර: 10 - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. |
|
03. |
නයිනමඩු |
අක්කර: 48 - දීර්ඝ කාලීන බදු යටතේ Vanni Sugar Company වෙත ලබා දී ඇත. |
(iii) වෙංගලචෙට්ටිකුලම් - අක්කර: 1,144 රූඩ්: 04 පර්චස්: 22
වවුනියා උතුර - අක්කර 106
(iv) වෙංගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අනු අංක |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රමාණය (අක්කර) |
|
01. |
කුරුක්කල්පුදුකුලම් |
අක්කර 02ක් ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ අංක 2022/6 චක්‍රලේඛය අනුව රජයේ ඉඩම් වගා කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ ප්‍රතිපාදන මත වාර්ෂික බලපත්‍ර ලබා දී ඇත. |
|
02. |
ක්‍රිෂ්තෝකුලම් |
අක්කර: 972 රූඩ්: 01 පර්චස්: 20 හිමිකරුවන් විසින් සංවර්ධනය නොකරන නිසා බලපත්‍ර හිමිකරු විසින් තමන්ගේ ඉඩම් නැවත ඉල්ලා සිටින විට එම අයට එම ඉඩම් නැවත ලබා දීමට හැකි වන පරිදි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත යටතේ තාවකාලික බදු පදනමින් භෝග මාරු ක්‍රමය යටතේ ගොවිතැන් කටයුතු සඳහා ලබා දී ඇත. |
· අනෙකුත් ඉඩම් ලේඛන මඟින් දෙවන පාර්ශ්වයේ කිසිවෙකුට බැහැර කර නොමැත.
වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
|
අනු අංකග්‍රාම නිලධාරි වසමප්‍රමාණය (අක්කර) |
|
|
|
01. |
වන්නිකුලම් |
අක්කර: 48 (යුද හමුදා) |
|
02. |
පුනියන්කුලම් උතුර |
අක්කර: 10 - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. |
|
03. |
නයිනමඩු |
අක්කර 48 - දීර්ඝ කාලීන බදු යටතේ Vanni Sugar Company වෙත ලබා දී ඇත. |
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks