01

E   |     |  

 දිනය: 2025-12-03   පිළිතුර ලබා දී ඇත 

1317/2025: Distribution of Lands in Vavuniya

1317/2025

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වවුනියාව දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ ජීවත් වන මධ්‍යම පාන්තිකයන් සඳහා ඉඩම් ලබා දීමේ වැඩසටහන යටතේ මේ වනවිට ලබාදී ඇති මුළු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(ii) එම ඉඩම් ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම අනුව වෙන් වෙන් වශයෙන් අක්කරවලින් කොපමණද;

(iii) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් දෙවන පාර්ශ්වයන්ට ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(iv) එම එක් එක් ඉඩම ලබාදී ඇති දෙවන පාර්ශ්වයේ නම, ඉඩම අයත් වන ග්‍රාම නිලධාරි වසම සහ ඉඩම ලබා දෙන ලද පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දෙවන පාර්ශ්වයන්ට ලබා දෙන ලද ඉහත ඉඩම්වල පසුගිය කාලයේදී රජයේ නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර තිබෙන බව දන්නේද;

(ii) එම නිවාස ඉදිකර ඇති ඉඩම් නිසි පරිදි අදාළ ප්‍රතිලාභීන්ට ලබාදී තිබේද;

 

 

(iii) එසේ නම්, ඊට අදාළ ලියකියවිලි මේ වනතෙක් ඔවුන්ට ලබා නොදීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-12-03

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks