පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1316/2025
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව සහ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පුරප්පාඩු සඳහා නව නිලධාරින් බඳවා ගන්නේද;
(iii) මේ වනවිට සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරින් වර්ෂ ගණනාවක සිට එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළ සේවය කරනු ලබන බව දන්නේද;
(iv) ඔවුන්ට වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ස්ථාන මාරුවීම් ලබා දිය හැකිද;
(v) පසුගිය කාලයේදී වවුනියාව දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි පත්වීම් දේශපාලන පදනම මත ලබාදී ඇති බව දන්නේද;
(vi) ඒ හේතුවෙන් එම සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මූල්‍ය වංචා සිදු කිරීම හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ සමහර සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණ පවත්වන බව දන්නේද;
(ii) එසේ නම්, එම පරීක්ෂණවල වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-22
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය/ දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය |
අනුමත කාර්ය මණ්ඩලය |
තත්‍ය කාර්ය මණ්ඩලය |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
70 |
53 |
17 |
|
වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
42 |
41 |
1 |
|
වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
42 |
20 |
22 |
|
වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
42 |
36 |
6 |
|
දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය |
12 |
6 |
6 |
|
එකතුව |
208 |
156 |
52 |
(ii) නිලධාරි පුරප්පාඩු බඳවා ගැනීම් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල සමාලෝචන කමිටුව වෙත යොමු කර ඇත. ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති අතර, අනුමැතිය ලද පසු බඳවා ගැනීමට කටයුතු කරනු ඇත.
(iii) ඔව්.
(iv) සේවා අවශ්‍යතාව මත හා නිලධාරින්‍ගේ ඉල්ලීම් අනුව වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ස්ථාන මාරුවීම් ලබා දිය හැකිය.
(v) 2014 වර්ෂයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව සමෘද්ධි සංවර්ධන නිලධාරින් බඳවා ගන්නා ලද්දේ 2017 වර්ෂයේ දී පමණක් වන අතර, එම නිලධාරින් බඳවා ගනු ලැබූයේ තරග විභාගයක් මඟින් වේ.
(vi) නැත.
(ආ) (i) ඔව්.
(ii)
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය/ සේවා ස්ථානය |
නම |
තනතුර |
සිද්ධිය |
වර්තමාන තත්ත්වය |
|
වවුනියාව |
අන්නාමලෛ මංගලේෂ්වරී |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
2014 වර්ෂයේදී සින්නපුදුකුලම ප්‍රජාමූල බැංකුවේ සිදු වූ අයථා මුදල් පරිහරණය |
2025.02.25 දිනැතිව චෝදනා පත්‍රය නිකුත් කර ඇත. |
|
|
විජයසුන්දරම් විජයලක්ෂ්මි |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
|
2025.04.28 දිනැතිව චෝදනා පත්ර නිකුත් කර ඇත. |
|
|
නඩරාශා රාජස්වරන් |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
|
මෙම නිලධාරියා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2016.05.06 දින සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර ඇත. එබැවින්, චෝදනා පත්‍රයක් නිකුත් කිරීමට නොහැකි වී ඇත. නැවත සේවය පිහිටුවන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. |
|
වවුනියා දකුණ |
ඒ.එම්.සී. මානවසිංහ |
සමෘද්ධි කළමනාකරු |
2019 වර්ෂයේදී මාමඩුව හා උළුක්කුලම ප්‍රජාමූල බැංකුවේ හා වවුනියාව දකුණ ප්‍රජාමූල බැංකු සමිතියේ සිදු වී ඇති මුදල් අයථා පරිහරණය |
නිලධාරියා වෙත 2024.05.10 දිනැතිව චෝදනා පත්‍රයක් නිකුත් කරන ලදි. එම චෝනා පත්රය සඳහා 2024.06.03 දිනැතිව පිළිතුරු එවා ඇති අතර, එම චෝදනා සඳහා නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව, විධිමත් විනය පරීක්ෂණය සිදු කිරීම සඳහා රැකවරණ නිලධාරී නම් කර එවා නොමැති බැවින්, 2025.03.25 දිනැතිව රැකවර්ණ නිලධාරි නම් කර එවන ලෙස දන්වා ඇත. |
|
|
1. ඩී.ඕ.එච්.කේ.ආර්.කුමාරි 2. බී.එම්.රංජිත් සෙනෙවිරත්න 3. දුෂ්මන්ත මාධව ජයවර්ධන 4 .කේ රංජනී 5. කේ. චමින්ද රණවීර 6. එච්.සංජීවකුමාර 7. සුසන්ත පුෂ්පජිත් රාජකරුණ 8. දීපිකා නිලන්ති සෙනෙවිරත්න 9. ආර්.සිසිර ප්‍රයන්ත බණ්ඩාර .ජේ. ප්‍රියන්තා 10. ජේ. ප්‍රියන්තා 11. කේ.කේ. තිළිණ මධුසර 12. අජිත් ප්‍රසන්න ජයරත්න |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
|
නිදහසට කරුණු විමසීමට ඇත. |
|
වවුනියා දකුණ |
ඒ නිවාස් |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
වෙප්පම්කුලම් සමෘද්ධි බැංකුවේ ගිණුම්ලාභිණියක වන එම්.බාබුජී යන අය නමින් රුපියල් 7000ක මුදලක් ලබා ගෙන වංචා කිරීම |
2025.07.09 දිනැතිව චෝදනා පත්ර නිකුත් කර ඇත. |
|
වවුනියා දකුණ |
එම්. ජානක ජයසූරිය |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
මාමඩුව සමෘද්ධි බැංකුවේ ගිණුම්ලාභිණියක වන ඩබ්ලිව්.ඒ. නිලන්ති කුමාරි යන අයගේ නමින් රුපියල් 200,000ක ණය මුදලක් ලබා ගැනීම |
2025.07.09 දිනැතිව චෝදනා පත්ර නිකුත් කර ඇත. |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks