පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1314/2025
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි වසම් 102 අතරින් ස්ථිර ග්‍රාම නිලධාරි කාර්යාලයක් නොමැති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව සහ තාවකාලික ග්‍රාම නිලධාරි කාර්යාල පවත්වාගෙන යනු ලබන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වවුනියාව දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි කාර්යාල අතරින් මේ වනවිට අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින, වැසිකිළි පහසුකම් නොමැති, ජල පහසුකම් නොමැති, විදුලි පහසුකම් නොමැති සහ මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති ග්‍රාම නිලධාරි කාර්යාල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත ගැටලු හේතුවෙන් අදාළ ග්‍රාම නිලධාරින්ට නිසි පරිදි සිය සේවා සැපයීමට නොහැකිවී ඇති බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-08
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ස්ථිර ග්‍රාම නිලධාරි කාර්යාල ගණන |
තාවකාලික ග්‍රාම නිලධාරි කාර්යාල ගණන |
|
50 |
52 |
(ii)
|
අලුත්වැඩියා කළ යුතු ග්‍රාම නිලධාරි කාර්යාල ගණන |
පහසුකම් නොමැති කාර්යාල ගණන |
||
|
විදුලිය නොමැති |
වැසිකිළි පහසුකම් නොමැති |
ජලය නොමැති |
|
|
55 |
48 |
43 |
61 |
(iii) ජලයත්, වැසිකිළි පහසුකමත්, විදුලියත් නොමැතිව නිසි පරිදි සේවා සැපයීමට නොහැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් ගරු කථානායකතුමනි, දීර්ඝ කාලයක් තිස්සේ අඩු තරමින් ග්‍රාම නිලධාරි කාර්යාලයකට අවශ්‍ය කරන ජල පහසුකමවත් සපයා දීමට නොහැකි වුණු වකවානුවක් තමයි අප පසු කර තිබෙන්නේ. ඒ නිසා මෙම දුෂ්කරතාවලට මුහුණ දෙන ග්‍රාම නිලධාරිවරුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම සඳහා අප කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනෑ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks