01

E   |     |  

 දිනය: 2025-10-21   පිළිතුර ලබා දී ඇත 

1313/2025: Non-state Schools in Elpitiya Educational Zone

1313/2025

ගරු නිශාන්ත පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       ඇල්පිටිය අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති රජයේ නොවන පාසැල් කවරේද;

              (ii)       එම එක් එක් පාසැල ආරම්භ කරන ලද වර්ෂය සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පාසැල් අධීක්ෂණය කරනු ලබන රජයේ ආයතන කවරේද;

(iv) මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට එම පාසැල් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී තිබේද;

(v) එම පාසැල්වලින් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ එම පාසැල්වල සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්‌ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-21

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks