E   |     |  

 දිනය: 2025-10-21   පිළිතුර ලබා දී ඇත 

1313/2025: ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ රජයේ නොවන පාසල්: විස්තර

1313/2025

ගරු නිශාන්ත පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       ඇල්පිටිය අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති රජයේ නොවන පාසැල් කවරේද;

              (ii)       එම එක් එක් පාසැල ආරම්භ කරන ලද වර්ෂය සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පාසැල් අධීක්ෂණය කරනු ලබන රජයේ ආයතන කවරේද;

(iv) මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට එම පාසැල් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී තිබේද;

(v) එම පාසැල්වලින් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ එම පාසැල්වල සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්‌ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-21

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රජයේ අනුමත (ආධාර නොලබන) පෞද්ගලික පාසල් දෙකක් මෙම අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති අතර ඒවා පහත පරිදි වේ.    

•      කේ.එස්.එෆ්. විද්‍යාලය, මොරගොඩ, රන්තොටුවිල.

•      අනුර විද්‍යාලය, මාතර (මාළිගාතැන්න ශාඛා පාසල), මාළිගාතැන්න, හත්තක.

(ii)

අනු අංකය

පාසලේ නම

ආරම්භ කරන ලද වර්ෂය

පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම්

01

කේ.එස්.එෆ්. විද්‍යාලය

2007

කළමනාකරු -

Mrs. I. Frauenfeld

02

අනුර විද්‍යාලය (මාළිගාතැන්න ශාඛා පාසල)

2021

කළමනාකාර/ සාමාන්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි අනෙකුත් පාලක මණ්ඩලයේ සාමාජිකයන් ගරු කෑගල්ලේ රතනසාර නාහිමි ගරු හක්මන ධම්මරතන හිමි ගරු අත්තුඩාවේ ධම්මාරාම හිමි නීතිඥ කපිල මනම්පේරි මහතා නීතිඥ රම්‍යචන්ද්‍ර ගුණසේකර මහතා  මහාචාර්ය ඒ.කේ.ජී. ජයසිංහ මහතා  ඩබ්ලිව්. ගුණසිරි මහතා  ඩී. සුදුසිංහ මහතා  බැංකු නිලධාරි සෝමදාස කන්දගේ මහතා  ආර්.කේ. අබේවර්ධන මහතා

• කේ.එස්.එෆ්. විද්‍යාලයේ අයිතිය F. කත්‍රිනා ශිරාණි මිය සතු බව ඇමුණුමෙහි දක්වා ඇති 2007.03.07 දිනැති අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් කටයුතු සහ පෞද්ගලික පාසල්) ගේ ලිපිය මඟින් තහවුරු වේ. ඇමුණුම සභාගත* කරනවා.

 

මෙම පාසලේ කළමනාකාරීත්වය ඇයගේ මව වන I. Frauenfeld මහත්මිය විසින් දරන බව පාසල් මඟින් ගැසට් නිවේදනය සඳහා කළමනාකරුවන්ගේ නම් ඉල්ලා සිටි අවස්ථාවේදී එවා ඇති විද්‍යුත් තැපැල් ලිපිය මඟින් දැනුම් දී ඇත.

 

• අනුර විද්‍යාලය, මාතර (මාළිගාතැන්න ශාඛා පාසල) හි අයිතිය එම විද්‍යාලයේ කළමනාකාර / සාමාන්‍යාධිකාරි ස්වාමීන් වහන්සේ සතු වේ.

මෙම කළමනාකරුවන් 2025.10.03 දිනැති අංක 2457 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙහි අංක 02හි සඳහන් අනුර විද්‍යාලය, මාතර (මාළිගාතැන්න ශාඛා පාසල) සඳහා අවසන් අනුමැතිය මේ වන තෙක් ලබා දී නොමැත. මූලික අනුමැතියක් පමණක් ලබා දී ඇති අතර එ් අනුව පාසල පවත්වාගෙන යනු ලබයි.

(iii) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය

(iv) කේ.එස්.එෆ්. විද්‍යාලය සම්බන්ධයෙන් වරින් වර පැමිණිලි ලැබී ඇති අතර අනුර විද්‍යාලය, මාතර (මාළිගාතැන්න ශාඛා පාසල) සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැත.

(v) • සියලු  රජයේ අනුමත පෞද්ගලික පාසල් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම පාසල්වලට අදාළව වරින් වර නිකුත් කරනු ලබන අදාළ චක්‍රලේඛ සහ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු වේ.

• රන්තොටුවිල, කේ.එස්.එෆ්. විද්‍යාලයට පාසල විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා උපදෙස් ලබා දෙමින් අධ්‍යාපන ලේකම්ගේ අංක ඊඩී/03/10/05/95(11) හා 2017.08.09 දිනැතිව ලිපියක් නිකුත් කර ඇත.

• රජයේ අනුමත පෞද්ගලික පාසල් ශාඛාවේ නිලධාරින් සහ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් විසින් 2025.09.30 දින රන්තොටුවිල, කේ.එස්.එෆ්. විද්‍යාලය අධීක්ෂණය කරන ලද අතර එහිදී පාසලේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

එම අවස්ථාවේදී අනාවරණය කර ගත් පරිදි අ.පො.ස (සා/පෙළ) 2025 විභාගයට අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා නොදුන් සිසුන් තිදෙනෙකු සඳහා එම අවස්ථාව ලබා දීමට ද ක්‍රියා කරන ලදී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks