පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1305/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2020 සිට 2025 දක්වා —
(i) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්‌තමේන්තුව යටතේ ඇති කුණ්ඩසාලේ, මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයේ ගව ශුක්‍රාණු ලබා ගැනීමට භාවිතා කරන ලද පිරිමි ගවයන් සංඛ්‍යාව;
(ii) ඉහත මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරන ලද ගව ශුක්‍රාණු ප්‍රමාණය සහ ආනයනය කරන ලද ගව ශුක්‍රාණු ප්‍රමාණය;
(iii) එම මධ්‍යස්ථානයේ කෘත්‍රිම සිංචනය මඟින් බිහිවී ඇති ගව පැටවුන් සංඛ්‍යාව;
(iv) ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිමි ගවයන් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) අභිජනනය සඳහා ශුක්‍රාණු ලබා ගැනීමට පිරිමි ගවයන් ආනයනය කිරීම වෙනුවට ගව ශුක්‍රාණු ආනයනය කිරීමේ වාසි කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-21
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) තෝරා ගත් කිරි ගව රැළෙහි කාර්ය සාධන ඇගැයීමේ ව්‍යාපෘතිය යටතේ - PPRS - දේශීය ගොවිපොළ සතු වූ ඉහළ කිරි නිෂ්පාදන විභවතාවක් සහිත එළගව දෙනුන්හට ආනයනික අධිශීත ගව ශුක්‍ර භාවිතයෙන් උපත ලැබූ වසු පැටවුන් ශුක්‍ර දායක පුං ගවයින් ලෙස තෝරා ගෙන ඇත.
ගව ශුක්‍රාණු ලබා ගැනීමට භාවිත කරන ලද පිරිමි ගවයන් පිළිබඳ තොරතුරු
(2020 - 2025)
|
වර්ෂය |
පුං ගවයින් සංඛ්‍යාව |
|
2020 |
14 |
|
2021 |
13 |
|
2022 |
11 |
|
2023 |
10 |
|
2024 |
14 |
|
2025 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් 30 දින දක්වා |
12 |
|
එකතුව |
74 |
(ii) නිෂ්පාදනය සහ ආනයනය කරන ලද ගව ශුක්‍ර වඩි පිළිබඳ තොරතුරු
(2020 - 2025)
|
වර්ෂය |
නිෂ්පාදනය කළ අධි ශීත ගව ශුක්‍ර වඩි සංඛ්‍යාව |
වර්ගය |
ආනයනය කළ ගව ශුක්‍ර වඩි සංඛ්‍යාව |
|
|
2020 |
185,869 |
- |
- |
- |
|
2021 |
138,824 |
සාහිවාල් |
2,992 |
2,992 |
|
2022 |
189,425 |
ජර්සි |
1,000 |
1,000 |
|
2023 |
107,930 |
සාහිවාල් |
18,549 |
38,703 |
|
|
|
ගිරොලැන්ඩා |
5,000 |
|
|
|
|
ජර්සි (ලිංග නිර්නිත) |
3,438 |
|
|
|
|
ජර්සි |
4,566 |
|
|
|
|
ෆ්‍රීශියන් |
1,000 |
|
|
|
|
ගීර් |
5,000 |
|
|
|
|
නිලිරවි |
1,000 |
|
|
|
|
මූරා |
150 |
|
|
2024 |
216,292 |
ගීර් |
2,500 |
2,500 |
|
2025 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් 30 දින දක්වා |
251,735 |
ජර්සි |
2,000 |
2,000 |
|
එකතුව |
1,090,075 |
|
47,195 |
47,195 |
(iii) කුණ්ඩසාලේ පිහිටි මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය මඟින් නිපදවා දිවයින පුරා පැතිරී ඇති පශු වෛද්‍ය කොට්ඨාස 337ක් සඳහා ගව ශුක්‍ර වඩි බෙදා හැරීම තුළින් වාර්තා වී ඇති පැටවු උපත් සංඛ්‍යාව පහත පරිදි වේ.
කෘත්‍රිම සිංචනය මඟින් වාර්තා වී ඇති පැටවු උපත් පිළිබඳ තොරතුරු
(2020 - 2025)
|
වර්ෂය |
පැටවු උපත් සංඛ්‍යාව |
|
2020 |
56,049 |
|
2021 |
60,101 |
|
2022 |
65,492 |
|
2023 |
64,003 |
|
2024 |
66,378 |
|
2025 ජනවාරි 01 දින සිට සැප්තැම්බර් 30 දින දක්වා |
54,813 |
(iv) 2020 සිට 2025 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාවට ශුක්‍ර දායක පුං ගවයින් ආනයනය කර නැත.
(ආ) ගව ශුක්‍ර ආනයනයේ ඇති වාසි වන්නේ,
• විවිධ වර්ගයේ ගව ශුක්‍ර මෙන්ම එකම වර්ගයකට අයත් විවිධ සතුන්ගේ ශුක්‍ර ආනයනය කිරීමට හැකි බැවින් ශ්‍රී ලංකාවට ඉහළ නිෂ්පාදන විභවතාවක් සහිත නව ජාන හඳුන්වා දීමට හැකි වීම.
• ශ්‍රී ලංකාව තුළ ලිංග නිර්නිත ගව ශුක්‍ර නිෂ්පාදන පහසුකම් නොමැති වීම හේතුවෙන් ලිංග නිර්ණය කරන ලද ගව ශුක්‍ර ආනයනය සඳහා අවස්ථාව ලැබීම.
ගව ශුක්‍ර ආනයනයේ ඇති අවාසි වන්නේ,
• ආනයනය කරනු ලබන සාමාන්‍ය ගව ශුක්‍ර වඩියක මිල රුපියල් 1,000 සිට රුපියල් 3,500ක් අතර වීම - ආනයනය කරනු ලබන රට සහ සතුන්ගේ වර්ගය අනුව - සහ ලිංග නිර්නිත ගව ශුක්‍ර වඩියක මිල රුපියල් 8,000 සිට රුපියල් 12,000 අතර වීම- ආනයනය කරනු ලබන රට සහ සතුන්ගේ වර්ගය අනුව -. 2024 වර්ෂය තුළදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන ගව ශුක්‍ර වඩියක අවසන් නිෂ්පාදන වියදම රුපියල් 315ක් - සේවක වැටුප්, ගබඩා කිරීමේ වියදම් සහ බෙදා හැරීමේ වියදම් සහිතව - වූ අතර, ආනයනිත ගව ශුක්‍ර වඩි සඳහා එහි ආනයනිත වියදමට අමතරව සේවක වැටුප්, ගබඩා කිරීමේ වියදම් සහ බෙදා හැරීමේ වියදම් ද ඇතුළත් විය යුතුය. ඒ අනුව ඉහළ ආවස්ථික පිරිවැයක් සහිතය.
• දේශීයව නිෂ්පාදිත ආනයනිත සාමාන්‍ය ගව ශුක්‍ර වඩි ගොවීන් සඳහා නිකුත් කරනු ලබන්නේ රුපියල් 100ක් වැනි සහන මිලකට වන අතර, ලිංග නිර්නිත ගව ශුක්‍ර වඩි ගොවීන් සඳහා නිකුත් කරනු ලබන්නේ රුපියල් 190ක් වැනි සහන මිලකටය. ඒ අනුව ආනයනය කළ ගව ශුක්‍ර වඩි භාවිතයේදී රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ.
සතුන් ආනයනය කිරීමේ වාසි
• අඩු නිෂ්පාදන පිරිවැයක් සහිතව නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබීම.
• වාර්ෂික නිෂ්පාදනය සැලකීමේදී සැලකිය යුතු අතිරික්තයක් ඇති වීම සිදු වන බැවින්, එම අතිරික්තය තවත් විශාල කාලයක් භාවිතයට ගත හැකි වීම. අධිශීත ගව ශුක්‍ර වඩි නිවැරදිව ගබඩා කිරීම තුළ ඕනෑම කාලයක් ගව ශුක්‍ර මිය යාමෙන් තොරව කල් තබා ගත හැකිය. ඒ අනුව උදාහරණයක් ලෙස ශුක්‍ර දායක පුං ගවයෙකුගේ සරු කාලය අවසන් වීමෙන් හෝ මිය යාමෙන් පසුව ද, වසර ගණනාවක් ගත වනතුරු එම ගවයාගේ ශුක්‍ර අභිජනන ක්‍රියාවලිය සඳහා යොදා ගත හැකි වීම. ඒ අනුව ආන්තික පිරිවැය රුපියල් 16.79ක් වැනි ඉතා අඩු අගයක් ගනී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks