E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1305/ 2025 - ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1305/2025

      ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      වර්ෂ 2020 සිට 2025 දක්වා —

                   (i)      සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්‌තමේන්තුව යටතේ ඇති කුණ්ඩසාලේ, මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයේ ගව ශුක්‍රාණු ලබා ගැනීමට භාවිතා කරන ලද පිරිමි ගවයන් සංඛ්‍යාව;

      (ii) ඉහත මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරන ලද ගව ශුක්‍රාණු ප්‍රමාණය සහ ආනයනය කරන ලද ගව ශුක්‍රාණු ප්‍රමාණය;

        (iii) එම මධ්‍යස්ථානයේ කෘත්‍රිම සිංචනය මඟින් බිහිවී ඇති ගව පැටවුන් සංඛ්‍යාව;

        (iv) ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිමි ගවයන් සංඛ්‍යාව;

        එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) අභිජනනය සඳහා ශුක්‍රාණු ලබා ගැනීමට පිරිමි ගවයන් ආනයනය කිරීම වෙනුවට ගව ශුක්‍රාණු ආනයනය කිරීමේ වාසි කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-11-21

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks