01

E   |     |  

 දිනය: 2025-11-10   පිළිතුර ලබා දී ඇත 

1304/2025: මාතර දිස්ත්‍රික්කයේ i-Road ව්‍යාපෘතිය: ග්‍රාමීය මාර්ග සංවර්ධනය

1304/2025

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාර්ග සංවර්ධන අධිකාරියේ ‘i-Road’ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කිරීම ආරම්භ කරන ලද ග්‍රාමීය මාර්ග සංඛ්‍යාව සහ ඒවායේ දුර කිලෝ මීටර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම මාර්ග අතරින් මේ වනවිට සංවර්ධන කටයුතු අවසන් කර ඇති මාර්ග සංඛ්‍යාව සහ සංවර්ධන කටයුතු ආරම්භ කර අතරමග නතර කර ඇති මාර්‌ග සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) සංවර්ධන කටයුතු අතරමග නතර කර දැමීම හේතුවෙන් ගමනාගමනය ඉතා අසීරුවී ඇති මාර්ගවල සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ‍) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-10

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)              

                 *       මාතර දිස්ත්‍රික්කය තුළ M01, M02 හා M03 ලෙස කොන්ත්‍රාත් පැකේජයන් 03ක් යටතේ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද සමස්ත ග්‍රාමීය මාර්ග සංඛ්‍යාව 66කි.

                 *       එම මාර්ගයන්හි දුර ප්‍රමාණයන් පහත පරිදි වේ.

 

පැකේජය

සංවර්ධනය කිරීමට සැලසුම් කළ දිග ප්‍රමාණය (Km)

සංවර්ධනය  කිරීම ආරම්භ කරන ලද ග්‍රාමීය මාර්ග සංඛ්‍යාව

M01

98.09

22

M02

68.17

19

M03

53.53

25

එකතුව

219.79

66

(ii) මෙම මාර්ග 66ම සංවර්ධන කටයුතු අවසන් කර ඇත.

              (iii)      සංවර්ධන කටයුතු අතරමඟ නතර කර නොමැති බැවින් පැන නොනඟී.

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks