පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1303/2025
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) අධ්‍යාපන කලාපවලට අනුයුක්තව වැඩ බැලීමේ පදනම මත ගුරු උපදේශකවරුන් සහ සම්පත් දායකයන් ලෙස සේවය කරනු ලබන නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඒ අතරින් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්, නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් වැඩ බැලීමේ පදනම මත ගුරු උපදේශකවරුන් සහ සම්පත් දායකයන් ලෙස පත් කර ඇති නිලධාරින්ගේ නම් කවරේද;
(iii) දීර්ඝ කාලයක් වැඩ බැලීමේ පදනම මත සේවය කරනු ලබන ගුරු උපදේශකවරුන් සහ සම්පත් දායකයන් ස්ථිර කිරීම සඳහා කටයුතු කරන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික පාසල් සම්බන්ධව
ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව අනුව වැඩ බැලීමේ පදනම මත ගුරු උපදේශකවරුන් පත් කිරීම සිදු කර නොමැත.
තවද, ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව අනුව සම්පත් දායක ලෙස තනතුරක් නොමැති අතර, ඒ අනුව සම්පත් දායක ලෙස පත්වීමක් ලබා දීමට ප්‍රතිපාදන නොමැත.
පළාත් පාසල් සම්බන්ධව
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙතින් ලබා දුන් තොරතුරු අනුව අධ්‍යාපන කලාපවලට අනුයුක්තව වැඩ බැලීමේ පදනම මත, රාජකාරී ආවරණය කිරීමේ පදනම මත ගුරු උපදේශකවරුන් සහ සම්පත්දායකයන් ලෙස සේවය කරනු ලබන නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත. එය දීර්ඝ ලේඛනයක්, ගරු මන්ත්‍රීතුමනි.
(ii) ඒ අතරින් නැඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්, නැඟෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ නැඟෙනහිර පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් වැඩ බැලීමේ පදනම මත, රාජකාරී ආවරණය කිරීමේ පදනම මත ගුරු උපදේශකවරුන් සහ සම්පත් දායකයන් ලෙස පත් කර ඇති නිලධාරින්ගේ නම් ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කරනවා. ඒකත් ටිකක් ලොකු ලේඛනයක්, ගරු මන්ත්‍රීතුමනි.
(iii) ගුරු උපදේශක සේවය ස්ථාපිත කිරීමත් සමඟ පළාත් අධ්‍යාපන ලේකම් විසින් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පත්වීම් ලබා දී දීර්ඝ කාලයක් ගුරු උපදේශක සේවයේ රැඳී සිටි නිලධාරින් හට ඔවුන්ගේ මනාපය පරිදි 2022.01.02 දිනට ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය වීමට අවස්ථාව සලසා දෙන ලදී. තවද, ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පළ කළ අන්තර්ග්‍රහණ ලිපි නිකුත් කරන ලද නිලධාරින් සඳහා එම ලිපි භාර ගැනීමට 2025.02.15 දින දක්වා අවස්ථාව ලබා දී තිබූ අතර, එසේ ලබා දී තිබූ කාලය තුළ ද ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීම ප්‍රකාර රාජකාරී භාර නොගත් නිලධාරින් පෙරළා ගුරු සේවයට යොමු කිරීමට කටයුතු කරන ලෙස පළාත් නිලධාරින් වෙත උපදෙස් ලබා දී ඇත. තවද, ගුරු උපදේශක සේවයට නව බඳවා ගැනීම් සඳහා ගැසට් නිවේදනය මඟින් අයදුම්පත් කැඳවීමට අදාළව අනුමැතිය ලබා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර එම අනුමැතිය ලද පසු ගුරු උපදේශක සේවයට ගුරු සේවයේ නිලධාරින් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට හැකියාව පවතින බවද වාර්තා කරමි.
මෙම අමාත්‍යාංශය මඟින් සම්පත් දායක ලෙස පත් කිරීම් හෝ වැඩ බැලීම සඳහා පත් කිරීම් සිදු කර නොමැති අතර රාජකාරී ආවරණය සඳහා පමණක් පත් වීම් ලබා දී ඇත. නමුත් එම රාජකාරි ආවරණය කරන ගුරුවරුන් ගුරු උපදේශක සේවයට ඍජුවම ස්ථිර කිරීමක් සිදු නොකරන අතර, ගුරු උපදේශක සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ටද අයදුම් කිරීමේ හැකියාව ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් හේවගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks