01

E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

1298/2025: Receipt of revenue by foreign employees from year 2020

1298/2025

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,‍— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2020 වර්ෂයේ සිට මේ දක්වා රැකියා සඳහා විදේශගතවූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව, ඔවුන් විසින් ප්‍රේෂණය කරන ලද වි‍දේශ විනිමය ප්‍රමාණය සහ එම විදේශ විනිමය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින රටවල් කවරේද;

(iii) එම ඉල්ලුම සපුරාලීම සඳහා රජය සතු වැඩපිළිවෙළ ‍කවරේද;

(iv) 2020 වර්ෂයේ සිට මේ දක්වා ඉහත(ii)හි සඳහන් රටවල රැකියා සඳහා යොමු කර ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි ප්‍රතිලාභ අත්වන ශ්‍රම වෙළඳපොළක් පවතින රටවල් කවරේද;

(vi) එම රටවලට ඉහළ නිපුණතාවයකින් යුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks