පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1288/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බොරලු කැපීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලපවත්වන නීති කවරේද;
(ii) එම නීති අනුව බොරලු කැපීම සඳහා නිර්දේශ ලබා දිය යුත්තේ කවුරුන් විසින්ද;
(iii) ඒ සඳහා අනුමතිය ලබා දිය යුත්තේ කවුරුන් විසින්ද;
(iv) කිසියම් ස්ථානයක බොරලු කැපීම සඳහා අනුමතිය ලබා දීමෙන් පසු එම ස්ථානය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන්නේ කවුරුන්ටද;
(v) බොරලු කැපීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලපවත්වන වර්තමාන නීති යාවත්කාලීන කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත අනුව 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 13වන වගන්තිය ප්‍රකාරව ඛනිජ සඳහා ගවේෂණ, කැණීම්, ප්‍රවාහනය, වෙළෙඳාම, ගබඩා කිරීම හා අපනයනය පිණිස බලපත්‍ර නිකුත් කිරීමේ බලතල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සතු වේ.
තවද, උක්ත පනතේ 28 වගන්තිය ප්‍රකාරව ඉහත කාර්යයන් කාර්යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ සිදු කළ යුතුය.
(ii) බොරලු කැණීම සඳහා නිර්දේශ ලබා දීමේදී උක්ත පනතේ 30, 31 හා 61 වගන්තිවලට අනුව නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවල නිර්දේශ මූලික වශයෙන් ලබා ගන්නා අතර ක්ෂේත්‍ර පරීක්ෂණය අනුව නිර්දේශ ලබා ගත යුතු වෙනත් ආයතන සඳහන් වන්නේ නම් එකී නිර්දේශ ද ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.
එසේම අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිත කරන ඛනිජ කැනීම්, ප්‍රවාහනය සහ වෙළෙඳාම පිළිබඳ කාර්ය සංග්‍රහයෙහි සඳහන් පරිදි කැණීම් සඳහා බලපත්‍ර ලබා දීමේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ විමසනු ලැබේ.
(iii) බොරලු කැණීම සඳහා අනුමැතිය ලබා දීම ඉහත අංක (ii) යටතේ දක්වා ඇති නිර්දේශ සම්පූර්ණ වීමෙන් පසු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ලැබේ.
(iv) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මඟින් නිකුත් කරන කැණීම් බලපත්‍රයේ බොරලු කැණීමට අදාළ කොන්දේසි ඇතුළත් කර ඇති බැවින්, බොරලු කැපීමේදී එම කොන්දේසිවලට අනුකූලව සිදු කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම එම කාර්යාංශය සතු වේ.
කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු කැණීම් භූමි අධීක්ෂණය කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු/ක්ෂේත්‍ර නිලධාරින් විසින් සිදු කළ යුතු ය.
ඊට අමතරව කැණීම් බලපත්‍රය ලබා දීම සඳහා නිර්දේශ ලබා දී ඇති ආයතන විසින් නිර්දේශ ලබා දී ඇති කොන්දේසිවලට අනුව එය සිදු කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම ද එම ආයතන විසින් සිදු කරනු ලැබේ.
(v) පනත සංශෝධනය කිරීම සහ අනවසර කැණීම් හා නීති විරෝධී කටයුතු වෙනුවෙන් දඩ මුදල් සංශෝධනයට ලක් කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks