පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1285/2025
ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා කවරේද;
(iii) එම දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iv) කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දුම්රිය මාර්ගයේ නාය යාමේ අවදානම් ස්ථාන හඳුනාගෙන තිබේද;
(v) එසේ නම්, ඒ සඳහා ලබාදී ඇති විසඳුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දුම්රිය ස්ථාන තුනයි. උප දුම්රිය ස්ථාන තුනයි.
(ii) දුම්රිය ස්ථාන
රඹුක්කන
කඩිගමුව
ඉහළ කෝට්ටේ
උප දුම්රිය ස්ථාන
තිස්මල්පොල
යටගම
ගංගොඩ
(iii) රඹුක්කන: රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාව නවීකරණය කිරීමට කටයුතු යොදා ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථාන සියයක් සංවර්ධනය කිරීමට අදාළව රඹුක්කන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමද ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.
අපි ඉස්සෙල්ලාම තෝරා ගත්තේ දුම්රිය ස්ථාන සියයක් -තුන්සිය ගණනම නොවේ- පමණයි. අපි වැඩක් පටන් ගන්න ඕනෑ නිසා තමයි 100ක් තෝරා ගත්තේ. නමුත්, තව පෞද්ගලික ව්‍යවසායකයන් ඉදිරිපත් වෙනවා නම් ඕනෑ ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්.
කඩිගමුව: ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ - NBROහි - මැදිහත් වීම මත පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් කඩිගමුව දුම්රිය ස්ථානයේ ක්‍රියාත්මක කරනු ලබන ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නාය යෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය වේදිකා දිගු කිරීම, මගී ගුවන් පාලමක් ඉදි කිරීම, එක් නිල නිවාසයක් සම්පූර්ණයෙන්ම ඉදි කිරීම, එක් නිල නිවාසයක් නවීකරණය කර අලුත්වැඩියා කිරීම, දුම්රිය ස්ථානයට අයත් ළිඳෙහි ගැඹුර වැඩි කිරීම, කානු පද්ධතිය සකස් කිරීම, පිවිසුම් මාර්ගය සකස් කිරීම හා භූමිය සකස් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.
(iv) ඔව්. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දුම්රිය මාර්ගයේ නාය යෑමේ ස්ථාන තුනක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ -NBRO- යටතේ ක්‍රියාත්මක ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නාය යෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය, එහෙම නැත්නම් Reduction of Landslide Vulnerability by Mitigation Measures Project - RLVMMP - මඟින් හඳුනා ගෙන ඇත. එනම්,
(i) කඩිගමුව දුම්රිය ස්ථානය අසල
(ii) කන්සලගමුව
(iii) තිස්මල්පොල
(v) කඩිගමුව දුම්රිය ස්ථානය අසල: කඩිගමුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව නාය යෑමේ අවදානම අවම කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය -NBRO- මඟින් ක්‍රියාත්මක කරනු ලබන ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නාය යෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය - RLVMMP - මඟින් අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇත.
කන්සලගමුව: ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන අතර නාය යෑමේ අවදානමක් සහිත "සැතපුම් 53 දම්වැල් 70" ස්ථානය ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නාය යෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය - RLVMMP - මඟින් අවශ්‍ය ඉදිකිරීම් සිදු කර නාය යෑමේ අවදානම අවම කර ඇත.
ඊළඟට, අවසානයට හඳුනාගත්තු, තිස්මල්පොල තිබෙනවා.
තිස්මල්පොල: මේ වන විට මෙම ස්ථානයේ නාය යෑමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති අතර, ස්ථායීකරණ ක්‍රමවේද මඟින්, නාය යෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය -RLVMMP - මඟින් නාය යෑමේ අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks