01

E   |     |  

 දිනය: 2025-11-06   පිළිතුර ලබා දී ඇත 

1278/2025: Lands Released by the LRC in the Puttalam District for Investments

1278/2025

ගරු අජිත් ගිහාන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වලින් ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදී ඇති ඉඩම් කවරේද;

             (ii)       එම එක් එක් ඉඩම ලබාදී ඇති ආයෝජන ව්‍යාපෘතිය, ඉඩමේ ප්‍රමාණය සහ පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ඉඩම් සඳහා ගෙවිය යුතු බදු මුදල් නියමිත පරිදි ගෙවා තිබේද;

(iv) නොඑසේ නම්, බදු මුදල් ගෙවීම පැහැර හැර තිබේද;

(v) ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉහත ඉඩම් සංවර්ධනය කර තිබේද;

(vi) ඒවා අතරින් ඌන සංවර්ධිත ඉඩම් හඳුනාගෙන තිබේද;

(vii) ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉහත ඉඩම් නිසි පරිදි සංවර්ධනය කර නොමැති නම් හෝ බදු ගෙවීම් පැහැර හැර තිබේ නම්, ඒවා නැවත පවරා ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ ඉහත කොමිෂන් සභාවට අයත් මුළු ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ඉඩම්, නිවාස ඉදිකිරීම සඳහා ලබා දෙන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-06

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks