පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1272/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ස්ථාපිත කර ඇති ශික්ෂණ රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ස්ථාපනය කර ඇති ප්‍රදේශ කවරේද;
(iii) ශික්ෂණ රෝහලක් ස්ථාපනය කිරීමේ අරමුණු කවරේද;
(iv) එම රෝහලක තිබිය යුතු ප්‍රධාන පහසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සෑම ශික්ෂණ රෝහලකටම වෛද්‍ය පීඨයක් අනුබද්ධ කර තිබේද;
(ii) එම සෑම ශික්ෂණ රෝහලකම මහාචාර්ය ඒකකයක් පිහිටුවා තිබේද;
(iii) මහාචාර්ය ඒකකයක් පිහිටුවා ඇති සහ නොමැති ශික්ෂණ රෝහල් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම රෝහල්වලට අනුබද්ධ කර ඇති වෛද්‍ය පීඨ වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) කුලියාපිටිය රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමේදී, වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මහාචාර්‌ය ඒකකයක් ස්ථාපිත කිරීමට අදහස් කර තිබුණේද;
(vi) එසේ නම්, එම ඒකකය ඉදිරියේදී ස්ථාපනය කරන්නේද;
(vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(viii) කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා වර්තමාන රජය විසින් ලබාදී ඇති පහසුකම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 20කි. (ජාතික රෝහල් තුනද ඇතුළත්ව)
(ii) ඇමුණුම 01** මඟින් දක්වා ඇත.
(iii) ප්‍රධාන අරමුණ - වෛද්‍ය සිසුන් හා විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය සායනික පුහුණුව ලබා දීම සහ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
අනෙකුත් අරමුණු - සියලු විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා දීම.
(iv) ඇමුණුම 02** මඟින් දක්වා ඇත.
(ආ) (i) ඔව්.
(ii) සෑම ශික්ෂණ රෝහලකම මහාචාර්ය ඒකක පිහිටුවිය යුතුය.
මෑතකදී ශික්ෂණ රෝහලක් බවට උසස් කරන ලද කුලියාපිටිය සහ බදුල්ල රෝහල්වල මහාචාර්ය ඒකක පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(iii) කුලියාපිටිය සහ බදුල්ල ශික්ෂණ රෝහල් හැර අනෙකුත් සියලු ශික්ෂණ රෝහල් සඳහා මහාචාර්ය ඒකක පිහිටුවා ඇත. (ශික්ෂණ රෝහල් ලේඛනය ඇමුණුම 03 මඟින් දක්වා ඇත.)
(iv) ඇමුණුම 03 මඟින් දක්වා ඇත, එය මෙසේය.
|
රෝහලේ නම |
අනුබද්ධ කර ඇති වෛද්‍ය පීඨයේ නම |
|
ශ්‍රී ලංකා ජාතික රෝහල |
කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
ගාල්ල ජාතික රෝහල |
රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
මහනුවර ජාතික රෝහල |
පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
අනුරාධපුර ශික්ෂණ රෝහල |
රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
බදුල්ල ශික්ෂණ රෝහල |
ඌව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
මඩකලපුව ශික්ෂණ රෝහල |
නැඟෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
රාගම ශික්ෂණ රෝහල |
කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
දකුණු කොළඹ ශික්ෂණ රෝහල - කළුබෝවිල |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
යාපනය ශික්ෂණ රෝහල |
යාපනය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
කළුතර ශික්ෂණ රෝහල |
මොරටුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
කුලියාපිටිය ශික්ෂණ රෝහල |
වයඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
කුරුණෑගල ශික්ෂණ රෝහල |
වයඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
පේරාදෙණිය ශික්ෂණ රෝහල |
පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
රත්නපුර ශික්ෂණ රෝහල |
සබරගමුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
ශික්ෂණ රෝහල - දන්ත ආයතනය |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල |
පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
රිජ්වේ ආර්යා ළමා රෝහල |
කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
කාසල් වීදියේ කාන්තා රෝහල |
කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
ද සොයිසා කාන්තා රෝහල |
කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
|
ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල |
රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය |
(v) ඔව්.
(vi) ඔව්.
අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පසු මහාචාර්ය ඒකක ස්ථාපිත කිරීම සිදු කරනු ලැබේ.
(vii) අදාළ නොවේ.
(viii) අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks