පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1267/2025
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය රජය විසින් නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉඩම් බලපත්‍ර සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මහජනතාවගෙන් ලබාගන්නා ලද ඉඩම් බලපත්‍ර සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති හිමිකම් ඔප්පු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) තවදුරටත් නිකුත් කිරීමට ඇති හිමිකම් ඔප්පු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම හිමිකම් ඔප්පු කඩිනමින් ලබාදීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-02
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අම්පාර - 3779
ත්‍රිකුණාමලය - 1469
මඩකලපුව - 3620
(ii) අම්පාර - 2245
ත්‍රිකුණාමලය - 292
මඩකලපුව - 1144
(iii) අම්පාර - 1534
ත්‍රිකුණාමලය - 1177
මඩකලපුව - 2476
(iv) ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අංක 2025/02 චක්‍රලේඛය මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අදාළ අනෙකුත් ආයතනවලට මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියා කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks