01

E   |     |  

 දිනය: 2026-02-03   පිළිතුර ලබා දී ඇත 

1263/2026: ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කාර්‌ය මණ්ඩලය: දීමනා

1263/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‌ය මණ්ඩලයට මේ වනවිට ගෙවන දීමනා වර්ග කවරේද;

            (ii)      එම එක් එක් දීමනා වර්ගය අනුව ගෙවන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) විදේශ ගුවන් ගමන් වාරවලදී කාර්ය මණ්ඩලයට නවාතැන් සඳහා දීමනා ගෙවන්නේද;

 (iv) එම නවාතැන් දීමනා වර්ග කවරේද;

(v) ඊට අදාළ මුදල කොපමණද;

(vi) ගුවන් ගමන අතරතුරදී, කාර්‌ය මණ්ඩලයට ආහාර ලබා දෙන්නේද;

  (vii) නොඑසේ නම්, ඒ සඳහා දීමනාවක් ලබා දෙන්නේද;

(viii) එසේ නම්, එම දීමනාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැතිව එහි පරිපාලන කටයුතු සිදු කරනු ලබන ආකාරය කවරේද;

(ii) ඊට අදාළ වගකීම් දරන්නේ කවුරුන් විසින්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-03

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන දීමනා වර්ග පිළිබඳ විස්තර ඇමුණුමෙහි දක්වා ඇත.

              (ii)        එක් එක් දීමනා වර්ග සඳහා අදාළ වන මුදල් ප්‍රමාණයත් ඇමුණුමෙහි දක්වා ඇත.

                          ඇමුණුම සභාගත* කරමි.

             (iii)        ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට අතරමැදි ගමනාන්තවලදී නවාතැන් පහසුකම් සපයන බැවින් ඔවුන්ට නවාතැන් දීමනා ලබා දෙන්නේ නැත.

   (iv) නවාතැන් දීමනා නොගෙවනු ලැබේ.

(v) මුදලක් වැය නොවේ.

(vi) ඔව්.

(vii) ගුවන් යානය තුළ ගත කරන කාලය සඳහා ආහාරපාන දීමනාවක් ගෙවනු නොලැබේ.

(viii) මුදලක් වැය නොවේ.

(ආ) (i) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබේ.

(ii) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි යසන්ත දිසානායක මහතා.

(ඇ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-02-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks