පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1262/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වාහන ආනයනය කිරීමේ නීති ලිහිල් කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට මේ වනවිට ආනයනය කර ඇති BYD වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහන අතරින් මේ වනවිට ශ්‍රී ලංකා රේගුවෙන් මුදාහැර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) එම වාහන සංඛ්‍යාව ඒවායේ එන්ජින් ධාරිතාවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එන්ජින් ධාරිතාවය කිලෝ වොට් 100 සහ එන්ජින් ධාරිතාවය කිලෝ වොට් 150 අනුව අය කරනු ලබන තීරු බදුවල වෙනස කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-27
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025.11.23 දින වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති BYD වාහන සංඛ්‍යාව 9,100කි.
(ii) ඒ අතරින් ශ්‍රී ලංකා රේගුවෙන් මුදාහැර ඇති වාහන සංඛ්‍යාව 202.11.23 දින වනවිට 8,190යි.
(iii) එම වාහන සංඛ්‍යාව එන්ජින් ධාරිතාව අනුව සඳහන් කරන්න කියා මෙම ප්‍රශ්නයෙන් කියා තිබෙනවා. නමුත් එන්ජින් ධාරිතාවම ප්‍රස්තුතය කරගත් නඩු කටයුත්තක් මේ වනවිට ක්‍රියාත්මක වන බැවින් එම තොරතුරු ඉදිරිපත් කිරීම සුදුසු වෙන්නේ නැහැ කියා ප්‍රකාශ කරනවා.
(iv) එන්ජින් ධාරිතාව කිලෝවොට් 100 සහ කිලෝවොට් 150 අනුව තීරු බදු ප්‍රමාණයන් තීරණය වන්නේ මෙන්න මේ විධියටයි.
කිලෝවොට් 100ට අඩු සහ කිලෝවොට් 100ට වැඩි වශයෙන් කාණ්ඩ 2ක් තිබෙනවා. කිලෝවොට් 100ට අඩු කාණ්ඩය ආයෙත් කොටස් 2කට වෙන් වෙනවා. ආයු කාලය අවුරුද්දකට වඩා අඩු වාහනවලට කිලෝවොට් 1කට නිෂ්පාදන තීරු බද්ද රුපියල් 24,100 බැගින් අය කරනවා. කිලෝවොට් 100ට අඩු, එහෙත් ආයු කාලය අවුරුද්දකට වඩා වැඩි වාහන ඊළඟ කොටස තුළ දක්වා තිබෙනවා. ඒවාට කිලෝවොට් 1කට රුපියල් 36,200 බැගින් අය කරනවා.
ඊළඟට තිබෙන්නේ කිලෝවොට් 100ට වඩා වැඩි කාණ්ඩය. එම කාණ්ඩය තුළ ආයු කාලය අවුරුද්දකට වඩා අඩු වාහන සම්බන්ධයෙන් කිලෝවොට් 1කට රුපියල් 36,200ක් අය කරනවා. අවුරුද්දකට වැඩි වාහන සම්බන්ධයෙන් කිලෝවොට් 1කට රුපියල් 60,400ක් අය කරනවා. වැඩි විස්තර ඇමුණුමෙහි දක්වා තිබෙනවා. ඇමුණුම සභාගත* කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks