පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1257/2025
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ ජීවත් වන පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;
(ii) එක් නිවසක් තුළ පවුල් ඒකක කිහිපයක් ජීවත් වන අවස්ථා තිබෙන බව දන්නේද;
(iii) එක් නිවසක් තුළ පවුල් ඒකක කිහිපයක් ජීවත් වනවිටදී, එම පවුල් සඳහා ඡන්ද නාම ලේඛන සකස් කිරීමේදී, එම පවුල් වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට ග්‍රාම නිලධාරින් විසින් අනුගමනය කරනු ලබන විධිමත් ක්‍රමවේදය කවරේද;
(iv) එක් නිවසක් තුළ පවුල් ඒකක කිහිපයක් ජීවත් වනවිටදී, එම පවුල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රායෝගික සහ පරිපාලන ගැටලු පැන නඟින බව දන්නේද;
(v) එසේ නම්, ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නේද;
(vi) එම විසඳුම කවරේද;
(vii) විසඳුමක් ලබා නොදෙන්නේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දත්ත රැස් කිරීමේදී, "පවුල" යන සංකල්පය භාවිත නොකරන අතර, "නිවාස ඒකකය" හා "ගෘහ කාණ්ඩය" යන සංකල්ප භාවිත කරනු ලැබේ. ඒ අනුව, වර්ෂ 2024දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයින් පදිංචි මුළු නිවාස ඒකක මිලියන 6ක් සහ ගෘහ කාණ්ඩ මිලියන 6.1ක් ඇති බවට වාර්තා වී ඇත.
(ii) ඔව්.
(iii) ගෘහ අංකය සමඟ වරහන් තුළ දිගු අංකයක්, එනම්; extension ලබා දී එම ගෘහ කාණ්ඩ වෙන්කර හඳුනා ගත හැකි පරිදි ලියාපදිංචි කිරීම සිදු වේ. නිදර්ශනයක් ලෙස ගෘහ අංකය 27 නම් සහ එම ගෘහයේ (නිවාස ඒකකයේ) ගෘහ කාණ්ඩ තුනක් ජීවත් වන්නේ නම් එම ගෘහ කාණ්ඩ තුළ 27(1), 27(2), 27(3) ලෙස ලියාපදිංචි කිරීම 1980 අංක 44 දරන ඡන්ද ලියාපදිංචි කිරීමේ පනත ක්‍රියාත්මක වූ මුල් කාලයේ සිට ගෘහ ඒකක හඳුනා ගැනීම සඳහා අවස්ථාවෝචිතව වරිපනම් අංක ලැයිස්තුව හෝ ආහාර පාලක අංක ලැයිස්තුව පාදක කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ග්‍රාම නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
එසේම එම ලැයිස්තුවල සඳහන් වී නොමැති ගෘහයක් අලුතින් එකතු වනවිට එම ගෘහයට ඉහතින් සඳහන් ගෘහ අංකයට ප්‍රත්‍ය අංකයක් යොදා එනම්; නව ගෘහයට ඉහතින් වූ ගෘහයේ අංකය 27 නම් නව ගෘහයේ අංකය 27/1 ලෙස ලබා දීමට ග්‍රාම නිලධාරින්ට ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය යටතේ උපදෙස් ලබා දී ඇත.
ඡන්ද හිමි නාමලේඛනයට අදාළව යම් ඡන්ද හිමියෙකුගේ නමක් යම් ගෘහයක් යටතේ ලියාපදිංචි කිරීමට එම තැනැත්තාට අදාළ ගෘහයේ සාමාන්‍ය පදිංචියක් තිබිය යුතුය. ඒ අනුව යම් ඡන්ද හිමියෙකුට සාමාන්‍ය පදිංචි ලිපිනයන් එකකට වැඩි සංඛ්‍යාවක් ද තිබිය හැකි අතර, එබඳු අවස්ථාවක ඡන්ද හිමියා ඉල්ලා සිටින එක් ලිපිනයක පමණක් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වීමට නෛතික ප්‍රතිපාදන පවතී. පනතේ මෙම විධිවිධානය යටතේ එක් ගෘහ කාණ්ඩයක් එක් ගෘහයක ලියාපදිංචි නොවී ස්වාමියා, භාර්යාව සහ දරුවන් ඔවුන්ගේ සාමාන්‍ය පදිංචිය සහිත වෙන් වෙන් ගෘහයන් යටතේ විසිරී ලියාපදිංචිවීම ද සිදු විය හැකිය.
පුද්ගලයෙකුගේ සාමාන්‍ය පදිංචි ස්ථානය එම තැනැත්තා සිය පවුලේ සාමාජිකයන් සමඟ වාසය කරන සහ සිය දෛනික සාමාන්‍ය කටයුතු ඉටු කරනු ලබන ස්ථානය ලෙස සලකා කටයුතු කිරීමටත්, බහු ලියාපදිංචිය වැළැක්වීම සඳහා හැකිතාක් දුරට එක් නිවාස ඒකකයක් එකම ලිපිනයක ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙසත්, ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය යටතේ ග්‍රාම නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
(iv) ඔව්.
(v) ඔව්.
(vi) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනතින් සංශෝධිත 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම පනතේ ප්‍රතිපාදන අනුව, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සිදු කර ඇත. ඒ අනුව, ඡන්ද හිමි නාමලේඛන සකස් කරනු ලබන්නේ ඡන්ද විමසීම පදනම් කරගෙනය. එම නිසා කිසියම් බාහිර පාර්ශ්වයක් ඡන්ද හිමි නාමලේඛන ලියාපදිංචි තොරතුරු ආශ්‍රයෙන් තීරණ ගන්නේ නම් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ නෛතික ප්‍රතිපාදන හා මැතිවරණ කොමිෂන් සභාව ලබා දී ඇති උපදෙස්, නිර්ණායක කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.
(vii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks