01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1251/2025: වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරන වැව් සහ ගංගා: විස්තර

1251/2025

ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලේඛන ගත කර ඇති වැව් සහ ගංගා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)      වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන වැව් සංඛ්‍යාව කොපමණද;

  (iii)  වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන, මාතර දිස්ත්‍රික්කයේ ඇති වැව්, ගංගා හා ඇළ මාර්ග සංඛ්‍යාව සහ ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iv)  මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, නිල්වලා ගඟ නිම්නය ආශ්‍රිතව වාරි රක්ෂිත වෙන් කර තිබේද;

  (v)  ඒවා වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගෙන ඇති බව දන්නේද;

   (vi)  එසේ නම්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාදුගල ග්‍රාම නිලධාරි වසමේ නිල්වලා ගඟ ව්‍යාපාරයට අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (ii)  ඒ වෙනුවෙන් වන්දිදී තිබේද;

  (iii)  වන්දි ගත් පුද්ගලයන් විසින් එම ඉඩම් වෙනත් පාර්ශ්වයන්ට විකුණා ඇති බව දන්නේද;

  (iv)  නිල්වලා ගඟ ව්‍යාපාරය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද;

  (v)  නොඑසේ නම්, අත්පත් කරගත් ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට ලබා දෙන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලේඛනගත කර ඇති වැව් සංඛ්‍යාව 700කි. ගංගා 103කි.

              (ii)      ඉහත සඳහන් කරන ලද වැව් 700හි මෙහෙයුම් හා නඩත්තු කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබයි. ඉහත සඳහන් කරන ලද වැව් විශාලත්වය හා කලාප අනුව බෙදී යන ආකාරය ඇමුණුම 01 යටතේ පහත පරිදි දක්වා ඇත.

ඇමුණුම 01

· වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් පහත පරිදි වේ.

ප්‍රධාන ජලාශ - 80

මධ්‍යම ප්‍රමාණයේ ජලාශ - 161

වෙනත් වැව් - storage tanks, level crossings, small tanks and feeder tanks  -  459

 

 

 

කලාපය

ප්‍රධාන ජලාශ

මධ්‍යම ප්‍රමාණයේ ජලාශ

වෙනත් වැව්

අම්පාර

10

   5

26

අනුරාධපුර

13

80

47

බදුල්ල

  7

   3

11

මඩකලපුව

  6

   3

  1

කොළඹ

-

   4

-

ගාල්ල

  2

   5

  1

හම්බන්තොට

10

   9

40

මහනුවර

  4

   8

21

කුරුණෑගල

  9

10

108

මන්නාරම

  4

   4

163

මොනරාගල

  3

19

   6

පොළොන්නරුව

  4

   3

   8

පුත්තලම

  2

   7

15

ත්‍රිකුණාමලය

  6

   1

12

එකතුව

80

161

459

වැව් නාම ලේඛනය ඇමුණුම 02හි සඳහන් කර ඇත. එය දීර්ඝ ලේඛනයක්. එම නිසා ඇමුණුම 02 සභාගත* කරනවා.

 

(iii)

  • වැව්

විශාල වැව් - 02

1. ඇල්ලේ වැව

2. කැකනදුර වැව

මධ්‍යම ප්‍රමාණය වැව් - 04

1. දෙනගම වැව‍

2. ලේනබටුව වැව

3. උයන් වැව

‍ 4. නාපේ උඩුවතුර වැව

  • ගංගා

නිල්වලා ගඟ සහ එහි ප්‍රධාන අතු ගංගා වන කිරම ආර, දිගිලි ඔය, හුලංදා ඔය සහ ගුරුත්ව වාරි ව්‍යාපාර 06ක ඇළ මාර්ග, අමුණු ව්‍යාපාර 07ක ඇළ මාර්ග, ගංවතුර පාලන වාරි ව්‍යාපාර 03ක ඇළ මාර්ග සහ උස්සාන වාරි ව්‍යාපාර 01ක ඇළ මාර්ග පවතී.

දෙනගම - ප්‍රධාන ඇළ මාර්ග කි.මි. 6.1 - පිටවාන් ඇළ - කි.මි.  0.6  - D ඇළ මාර්ග කි.මි.  15 - පෝෂිත ඇළ කි.මි.  0.6

ඇල්ලේවෙල - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  8 - පෝෂිත ඇළ කි.මි.  0.6 - පිටවාන් ඇළ - කි.මි.  0.6

කැකනදුර - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  8.4

උයන් වැව - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  2.6 - D ඇළ කි.මි.  3  -  පෝෂිත ඇළ  කි.මි.  1.2 - පිටවාන් ඇළ කි.මි.  1.2

හාලි ඇළ - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  5.8 - D ඇළ කි.මි.  3 -  පෝෂිත ඇළ කි.මි.  10

කද්දුව - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  8.8 - පිටවාන් ඇළ - කි.මි.  0.5

කඩවැද්දුව - ප්‍රධාන ඇළ මාර්ග

කි.මි.  9.4 - D ඇළ කි.මි.  3.5 - අපවහන ඇළ කි.මි. 21.81

අකුරුගොඩ - ප්‍රධාන ඇළ මාර්ග

 කි.මි.  5.8

කිරලකැලේ - ප්‍රධාන ඇළ මාර්ග

 කි.මි.  47.5

දෙදියගල - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  5.4

දියලපේ - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  3.5

හමරගොඩ - ප්‍රධාන ඇළ මාර්ග

කි.මි.  4 - බෙදුම් ඇළ කි.මි.  2.1

 

අලවතුගොඩ - ප්‍රධාන ඇළ මාර්ග

කි.මි.  3.5 - බෙදුම් ඇළ කි.මි. 3.5

 

ඌරපොළ - ප්‍රධාන ඇළ මාර්ග

කි.මි.  3.7 - බෙදුම් ඇළ කි.මි.  4.9 - D 113

පෙත්තර - ප්‍රධාන ඇළ මාර්ග කි.මි. 2.9 - බෙදුම් ඇළ කි.මි.  3.2 - D 27

සපුගොඩ - ප්‍රධාන ඇළ මාර්ග කි.මි.  2.0 -  D 5-3

(iv) නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අත්පත් කර ගන්නා ලද නිල්වලා යෝජනා ක්‍රමයේ නිර්මිතවලට අදාළ රක්ෂිත වෙන් කර ඇත.

(v) ඔව්.

(vi) ඒ සඳහා නඩු කටයුතු 13ක් මේ වන විට පවතින අතර එක් නඩුවක වැඩ කටයුතු අවසන්ව ඇත. තවත් නඩු කටයුතු 42ක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

(ආ) (i) ආසන්න වශයෙන් හෙක්ටෙයාර 10.55ක් නාදුගල කොට්ඨාසය තුළ පවතී.

(ii) වන්දි ගෙවන ලද බවට ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ඇත.

(iii) ඔව්.

(iv) 1988/89 කාලය තුළ අත්හැර දමන ලද ප්‍රංශ ආධාර ව්‍යාපෘතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකි නමුත්, රට ආර්ථික වශයෙන් ස්ථාවර වූ පසු නිල්වලා ව්‍යාපාරය යම් පමණකට හෝ ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

(v) නැත. නිල්වලා යෝජනා ක්‍රමයේ ගංවතුර පාලන හා වාරි කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඉඩම්වල අනවසර අල්ලා ගැනීම් සඳහා විධිමත් ලෙස නීතිමය කටයුතු සිදු කරමින් පවතී.

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks