පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1250/2025
ගරු නන්ද බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම ඉඩම් අතරින් මේ වනවිට කර්මාන්ත සඳහා ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම එක් එක් ඉඩම ලබාදී ඇති පුද්ගලයාගේ නම සහ ලබාදී ඇති වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් මේ දක්වා කිසිදු සංවර්ධන කටයුත්තකට භාවිතා කර නොමැති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(v) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් විකල්ප ඉඩම් බෙදාදී තිබේද;
(vi) එම විකල්ප ඉඩම් ලබා ගත් පුද්ගලයන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු නන්ද බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව වෙත පැවරුණු ඉඩම් |
ප්‍රමාණය |
||
|
|
අක්කර |
රූඩ් |
පර්චස් |
|
ගොඩ ඉඩම් |
55,884 |
1 |
8.35 |
|
කුඹුරු ඉඩම් |
253 |
3 |
5.29 |
(ii) අක්කර 13 රූඩ් 01 පර්චස් 30.8
(iii) එතුමා අහන්නේ කර්මාන්ත සඳහා ලබා දී තිබෙන ඉඩම් ප්‍රමාණය කොපමණද කියලායි. ඒ තොරතුරු හා සම්බන්ධ වගුවක් -chart එකක්- තිබෙනවා. එහි කර්මාන්ත සඳහා ලබා දුන් ඉඩම් 7ක් ගැන සඳහන් වනවා. සම්පූර්ණ ප්‍රමාණය අක්කර 13 රූඩ් 01 පර්චස් 30.8 යි.
|
අනු අංක |
ඉඩමේ නම |
සමාගමේ නම |
කර්මාන්තයේ ස්වභාවය |
ප්‍රමාණය |
ව්‍යාපෘතිය සඳහා ඉඩම බැහැර කර ඇති වර්ෂය බදු ගිවිසුම් ලබා දී ඇති සහ බුක්තිය භාර දී ඇති වර්ෂ |
||
|
|
|
|
|
අක්කර |
රූඩ් |
පර්චස් |
|
|
1 |
දේදුගල වත්ත |
ලක්පවර් (පුද්) සමාගම |
විදුලි බලාගාරය |
00 |
3 |
28.2 |
2004 |
|
2 |
උඩමාලිබොඩ වත්ත |
ටෙරාඅකුවා (පුද්) සමාගම |
ජල විදුලි බලාගාරයක් |
10 |
2 |
17.3 |
2004 |
|
3 |
ඉලුක්තැන්න වත්ත |
මොබිටෙල් (පුද්) සමාගම |
සන්නිවේදන කුලුනක් |
00 |
0 |
20 |
2006 |
|
4 |
හුණුගල වත්ත |
බෝරුක් ලංකා (පුද්) සමාගම |
ජල විදුලි බලාගාරයක් |
00 |
1 |
16.37 |
2004 |
|
5 |
නාගස්තැන්න වත්ත |
සුජල ශක්ති විදුලි බලාගාරය |
ජල විදුලි බලාගාරය |
00 |
0 |
14.73 |
2011 |
|
6 |
නාථකන්ද වත්ත |
හයිඩ්‍රෝජෙට් (පුද්) සමාගම |
කුඩා විදුලි බලාගාරය |
00 |
3 |
7.86 |
2001 |
|
7 |
ගගවැරලිය වත්ත |
එම්.බී. රණසිංහ මයා |
ජල විදුලි බලාගාරය |
00 |
2 |
14.2 |
2004 |
|
එකතුව |
13 |
1 |
30.8 |
|
|||
(iv) අක්කර 667ක් පමණ.
(v) ඔව්.
(vi) පුද්ගලයින්ගේ නාම ලේඛනය පිළිතුරට අමුණා තිබෙනවා. මා එය සභාගත* කරනවා.
(ආ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks