පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-07
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) MOP - කි.ග්‍රෑ. 41,828.95
Urea - මෙට්‍රික් ටොන් 0.307
(iii) MOP 2023 ජූනි මාසයේ සිටය.
Urea 2022/2023 මහ කන්නයේ සිටය.
(iv) මෙම පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථානවල අළෙවි කිරීම සඳහා මිලදී ගත් තොග නොවන අතර, 2023 යල කන්නයේ ආසියානු සංවර්ධන බැංකුවේ සහනාධාර පොහොර වැඩසටහන යටතේ ගොවීන් වෙත සහනාධාර මිලට බෙදා දීම සඳහා රජයේ පොහොර සමාගම් වෙතින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හරින ලද පොහොර තොගයකි.
එසේම මෙම පොහොර තොග 2023 ජුනි මාසයේ 21, 25, 27 හා 29 යන දිනවල ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර, ඒ වන විට 2023 යල කන්නයේ වගා කටයුතු අවසන් වී ඇති බැවින් ගොවීන්ගේ MOP පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වී තිබුණි. 2023 යල කන්නයෙන් පසු ඉතිරි පොහොර මුදල් අය කර අළෙවි කිරීමට උපදෙස් ලැබී ඇත.
එබැවින් කලින් කලට මිල ගණන් වෙනස් කර MOP පොහොර අළෙවි කිරීමට ලද උපදෙස් අනුව විවිධ මිල ගණන් යටතේ පොහොර අළෙවි කිරීම පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත.
2023 යල කන්නය ආරම්භයේ ගබඩාවේ පැවති පොහොර තොගය කි.ග්‍රෑ. 5,260.95
2023 යල කන්නයේ පොහොර ලැබීම් කි.ග්‍රෑ. 50,000.00
ගබඩාවේ පැවති මුළු පොහොර තොගයේ එකතුව කි.ග්‍රෑ. 55,260.95
පොහොර අළෙවියට අදාළ විස්තර තිබෙනවා, ගරු කථානායකතුමනි. ඒ විස්තරත් මම කියන්නම්.
2023 යල කන්නයේ වවුචර් පත් සඳහා බෙදා දුන් පොහොර තොගය කි.ග්‍රෑ. 5,582.00
2023/2024 මහ කන්නයේ කි.ග්‍රෑ. 50ක පොහොර මිටිය රුපියල් 14,000.00 බැගින් කි.ග්‍රෑ. 210.00
2023/2024 මහ කන්නයේ කි.ග්‍රෑ. 50ක පොහොර මිටියක් රුපියල් 9,000.00 බැගින් කි.ග්‍රෑ. 2,705
2024 යල කන්නයේ කි.ග්‍රෑ. 50ක පොහොර මිටියක් රුපියල් 9,000.00 බැගින් කි.ග්‍රෑ. 2,080
2025 යල කන්නයේ කි.ග්‍රෑ. 50ක පොහොර මිටියක් රුපියල් 8,500.00 බැගින් කි.ග්‍රෑ. 30
2025/2026 මහ කන්නය කි.ග්‍රෑ. 50ක පොහොර මිටියක් රුපියල් 7,700.00 බැගින් කි.ග්‍රෑ. 2,825
දැනට ඉතිරි පොහොර තොගය කි.ග්‍රෑ. 41,828.95
ඒ වාගේම යූරියා මෙට්‍රික් ටොන් 0.307ක ප්‍රමාණයක් තිබෙනවා. ඒ, 2022-2023 මහ කන්නයේ වී වගාව සඳහා සහනාධාර පොහොර වැඩසටහන යටතේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ලැබුණු පොහොරවලින් ඉතිරිය වේ.
තඹුත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථානය තඹුත්තේගම නගරයට ඉතාම ආසන්නයේ පවතින බැවින් හා පෞද්ගලික පොහොර සැපයුම්කරුවන්ගේ තරගකාරී මිල ගණන්වලට ගැළපෙන ලෙස මිල වෙනස් කරමින් පොහොර අළෙවි කිරීමට ගොවිජන සේවා මධ්‍යස්ථානයට හැකියාව නොමැති බැවින්, තවදුරටත් විශාල පොහොර තොගයක් ඉතිරිව පවතී.
2023 ඉඳලා මේ තොග ඉතිරිව පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
(v) ඔව්.
(vi) · කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, ගොවිජන සේවා කාරක සභාව හා ගොවි සංවිධාන හරහා දැනුවත් කිරීම.
· කන්න රැස්වීම්වලදී ගොවීන් දැනුවත් කිරීම.
· ගොවිජන බැංකුව හරහා ණය පදනම මත පොහොර ලබාදීමට කටයුතු කිරීම.
(vii) ගොවීන්ගේ ඉල්ලීම අනුව පොහොර අළෙවි කරනු ලබන බැවින්, තොග අවසන් වන දිනය නිශ්චිතව සඳහන් කළ නොහැකිය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks